Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ළඟදී විවාහ වන දූ කුමරියට ජ්‍යොතිෂයට අනුව ලිපියක්

2 months ago 7 Min read
Subha.lk

පුංචි දුවේ ඔබේ කුලය බබළවන්නෙ හෝ විනාශ කරන්න හැකි වන්නෙ ඔබට. යම් ඉදිරි දිනක දරුවන් ලබලා අම්මා කෙනෙක් වන බව අමතක කරන්න එපා. බුදුන් කියන්නෙ ලෝකයේ විශිෂ්ට කෙනෙක්. හොඳ අම්මා කියන්නේ ඊටත් වඩා අතිවිශිෂ්ට කෙනෙක්. කෙනකුගේ සියලු විස්තර මේ කේන්දරයේ සඳහන් වී තිබෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ හරි හැටි ගුණාගුණ කියන්න බැරි එක. තවද කේන්දරයක බැලිය යුතු විශේෂ රාශියක් තමයි  9-10-11. 

මේ රාශිවල සුරාවට ගිජු රාහු-ශනි උච්ච වුණොත් මිනිහා මත්පැන් නානවා, බොනවා නොවෙයි. අනික දුවේ සරාගි යෝග නම් බලන්නම ඕනෑ.

 

ලෝකප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ශේක්ස්පියර් නිර්මාණකරුවා දුව දොරෝතියාට ලිව් ලිපිය වගේ මම ඔබට ලියනවා දුවේ.

 (MY DEAR DOROTHIYA) 

පොතේ නම ස්ත්‍රිය කියන්නේ ජීවිත කාලයම මානසිකව හා ශාරීරිකව බර උසුලන චරිතයක්. ඒක බොහෝ පිරිමින් දන්නෙ නැහැ. සමහර අයට ඒක දැනගන්න ඕනෑකමකුත් නැහැ. මනුෂ්‍ය පරිණාමයේදී පිරිමියා ගැහැනියට වඩා වාසනාවන්ත බව ඕනෑම ආගමක ධර්මයක පිළිගන්නවා. අහල තිබෙනවනේ මනුෂ්‍ය ආත්මයක් ලබන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අමාවක දිනයට අහස බලනවා වගේ කියලා. ඒ තරම්ම අමාරුයි. හැබැයි මනුෂ්‍යයාට තිබෙන්නෙ කල්පනාකාරී ශක්තිය විතරයි. සතුන්ට තිබෙන ඉව අපට නැහැ. ඒක නිසාමනේ අපරාධ සොයන්න සුනඛයෝ යොදන්නේ. අනික තමයි බඩ යට තබාගෙන තිබූ බිත්තරය දින 7ක් විතර ගිය තැන කිකිළිය හොටෙන් ගහලා කඩලා පැටියා එළියට ගන්නේ. සෙබඩත් එහෙමයි ඒ දින 14 කින්. 

ඒ වුණාට ගැහැනියට ප්‍රසූත වේදනාව එනකංම ඒක දැනෙන්නෙ නැහැ. ඕගොල්ලො දන්නවා ඇති සමහර බළල්ලු පැටව් දමලා ඌම ඒ පැටව් කනවා. ඒ ඇයි දන්නවද? ඌ ඔක්කොම පැටව් කන්නෙ නැහැ. සමහර පැටව් උප්පත්තියෙන්ම එක එක රෝගවලින්ම උපදිනවා. ඒක මහ බැළලිට ඉවෙන් තේරෙනවා, මගේ පැටියා කවදාහරි දුක් විඳින බව. ඒක නිසා ඒ පැටවුන්ව කාල විනාශ කරනවා. බලන්න බැළලි වුණත් සමාජයට අහිරකර පැටව් ඉතිරි කරන්නෙ නැහැ.

නමුත් ගැහැනිය කොච්චර දුක් විඳිනව කියලද හිතන්නෙ. ඒ ඔක්කොම සතුටට පෙරළලා ගත්තට දුක තමයි. පළමුව මල්වරයේදී මූලික තහංචි පැනවෙනවා. ඒ කිව්වේ ඈට අවශ්‍ය විධියට ඇඳුම් අඳින්නවත් බැහැ. පාසල් යන වියේදී එක්තරා රටාවකට සැමදේම කළ යුතු වනවා. එතැනින් පසු මාසිකව දින කිහිපයක් දුක් විඳිනවා. එහෙම ජීවත්වෙලා විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ඕනෑඑපාකම් සියල්ලම කරන්නට ඇයට පැවරෙනවා. ඈට ඇති විවේකය, නින්ද සීමා වනවා. දරු ප්‍රසූතියකදී අධික වේදනා රැසක් විඳ දරුවන් මෙලොවට බිහි කරනවා. සමාජයේ වැඩිපුරම කටකතා නිග්‍රහ කිරීම් ලබන්නේද ගැහැනියමයි. දරුවන් බිහි කිරීමෙන් පසු ඒ අය සමාජයට මුහුණ දීමට කෙතරම් උත්සාහයක් ගන්නවද? පියා ද එසේ නැතිව නොවේ. නමුත් ඉවසීමේ ශක්තිය ද දරාගෙන කලට වේලාවට ආහාරයක් නොලබා ඒ ලැබූ ආහාරය ද දරුවන්ට දී කරන මෙම බෝධිසත්ත්ව ගුණෝපේත වැඩ සුළුපටු නොවේ. මේ සියලුම කටයුතු ඔබට කිසියම් දවසක පැවරෙන බව අමතක කරන්න එපා දුවේ…. එනිසාම ඔබේ ජීවිතය යහපත් අතට සකස් කරගන්නට ඕනෑ.

ඔබට වයස 7-8-9 වෙනකොට ඔබේ මවට සාපේක්ෂව ඔබේ මල්වරය වේවි. මේ දිනවලට ඔබ රාත්‍රියට නින්දට යෑමට පෙර අතපය පිරිසුදු කරගන්ට ඕනෑ. (නමුත් සබන් ආලේප කරන්න හොඳ නෑ) ඕනෑවට වඩා ශරීරය සීතල කරන්නත් එපා. ඔබ මේ කාලය තුළ පිරිසිදු ශාරීරික වස්ත්‍ර පැළඳිය යුතු වනවා. අලුයම අවදිවන්න උත්සාහ කරන්න. රාත්‍රියේදි නින්දට යෑමට පෙර ඔබ අයත් කුමන ආගමක වුණත් ඒ කටයුතු සැකෙවින් කරන්න. එවිට ඔබට සුව නින්දක් ලැබෙන බව ජ්‍යොතිෂයේ ද සඳහන් වෙනවා. මේ දිනවල කිසියම් හෝ ශාරීරීක වෙනස්වීමක් සිදුවුවහොත් එය වහාම ආදරණීය අම්මට දන්වන්න අමතක කරන්න එපා. කෙසේද යත් අතරමගදී හෝ පාසලේදි හෝ සෙනඟ ගැවසෙන ස්ථානයකදී ඔබගේ මල්වරය සිදුවුණහොත් ඔබේ අනාගතය අඳුරු වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව ජ්‍යොතිෂයේ මතයයි. මේ ඔබේ ජීවිතයේ පළමු සන්ධිස්ථානයයි.

මේ දිනවල මල්වර වූ සැණින් තනි නොවන්න. ඇල්වතුර ස්පර්ශය නොකරන්න වගබලා ගත යුතු වනවා. එහෙම නොවුණොත් ඔබට තනිකංදෝෂය ඒ කිව්වේ කළුකුමාර දිෂ්ටිය ඔබව වශී කර ගනීවි. එහෙම වුණාම ඔබේ විවාහයෙන් පසුව දරුවො ලැබීම ප්‍රමාද කරනවා. සමහර විට ජීවිතය පුරාම එය නතර කරන්නත් බැරි නැහැ. පාසල් කටයුතු පමණක්ම කරගෙන ජීවිතය සරුකර  ගන්න.

ඔබ මල්වර වූ පසුව ඔබේ මල්වර උත්සවය ප්‍රීති උත්සවයක් අයුරින් නොගන්න වගබලා ගන්න. කරුණු නිවැරදිව වටහා නොගත් සමහර දෙමව්පියෝ මේ කරුණ උත්සවයක් ලෙසින් ගන්නවා.  එතකොට ඔබේ විවාහ උත්සවය උත්සවයක් ලෙසින් ගන්න බැරිවනවා. මේ අවස්ථාව චාරිත්‍රානුකූලව පිළිපැදිය යුතු අවස්ථාවක් විතරක් බව හිතට ගන්න. ඒ චාම් උත්සව කටයුතු පවුලේ අයට පමණක් සීමා කරන්න.

එතැන් සිට ඔබ විවාහ වන තෙක් පිරිසිදු වූ, කල්පනාකාරි වූ ජීවිතයක් ගත කළ යුතුම බව හිතට ගන්න. එනම් විවාහ දිනයේදී උතුම් වූ මඟුල් පෝරුව හිමිවන්නේ ඔබ එසේ සිටියහොත් පමණයි. සමහර අයට ඒ අවස්ථාව හිමිවන්නෙ නැහැ. මඟුල් පෝරුව නියම කන්‍යාවියකට අයිති වැදගත්ම එකක්. ජීවිතයටම එක වතාවයි. මේ අවස්ථාව ගිලිහී

ගියොත් නැවත ලබාගන්නවත් ඉන් ඵල ප්‍රයෝජන ලබන්නවත් බැහැ. ඔබේ සහකරුවා සොයා ගැනීමේදී ඔහුගේ කේන්දරයේ ඇති ‘නැකත’ ඔබේ කේන්දරයේ නැකතට සීහුම් කළ විට සම්පත් – ක්ෂේම  සාධක  මෛත්‍රී  පරම මෛත්‍රී නැකතකට වැටෙනවා නම් හොඳයි. ප්‍රත්‍යාරි නැකතට වැටෙනවා නම් සතුටුදායක නැහැ. විපත් හා වඳ නැකතට සීහුම් වනවා නම් සුදුසු නැති බව එනම් නැකැත් පොරොන්දම නොගැළපෙන බව හිතට ගන්න. අනික තමයි ඔබේ කේන්දරයේ තිබෙන නැකත සහකරුවාගේ කේන්දරයේ නැකත හා මහ දශාව එකම නම් ඒකත් නරකයි. එසේ වුවහොත් විවාහයෙන් පසු යම් දිනක ‘කඩ හංදි මාරකය’ ඔබ යුවළට අත්වෙනවා. විවාහය කියන්නෙ ජීවිතයේ ‘දෙවැනි සන්ධිස්ථානයයි’. ඉදිරියේදී යහපත් දරුවන් ලැබීමට යහපත් දිවිපෙවෙතක්  ගතකිරීමට සිදුවන බැවින් දරු සම්පතක් ලැබීම ජීවිතයේ තුන්වැනි සන්ධිස්ථානයයි. ස්ත්‍රියකගේ සන්ධිස්ථාන ත්‍රිත්වය කිව්වේ ඔන්න ඔය ස්ථාන තුනටයි.

මේ දිනවලට ඔබේ අම්මා, පුංචි අම්මා හෝ නැන්දා සමඟ පොරොන්දම් බලන මාමා ළඟට යනවා, ඔබට සුදුසු යැයි කියන කේන්දරයක් අරගෙන. මේ කේන්දර දෙක එකින් එක ගළපන කොට යම් කේන්දරයක නරක ග්‍රහ පිහිටීමක් තිබුණොත් ඒ පළියටම කේන්දරය අහක දමන්න එපා. ඔනෑම නරක ග්‍රහ පිහිටීමක් වුණත් ඒ ග්‍රහයාව දීප්තිමත් චන්ද්‍රයාට හෝ දීප්තිමත් බ්‍රහස්පතිට පෙනෙනවා නම් ඒ දෝෂය අහෝසි වනවා. ඒක දෝෂ භංගයක් කියලයි ගැඹුරු ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. ඒක නොදන්න බොහෝ ජ්‍යොතිෂය කරන ප්‍රසිද්ධ අය නිසා විවාහ යෝජනා කැඩෙනවා,  අපරාදෙ. අනික තමයි කේන්දරයක 7 වැන්නෙ සුභ චන්ද්‍රයාගේ ගෝචරය හෝ චන්ද්‍රයා ඉන්නවා නම් විවාහක සතුට තිබෙන වගයි පෙන්නුම් කරන්නේ. ඒ බව මේ ස්ලෝකය කිව්වාම වැටහේවි.

“ චිත්‍රං විභූති වර වාහන යාන කාන්ති – ශේම ප්‍රතාය
බල වීරිය සුඛාන තස්ස – විශ්වාන්තනාය සයනාසන
භෝජනානි – චන්ද්‍රෝ සදාම් සුජිනි කාංචන භූමිලාභම්”

අනික දුවේ ඕනෑම කේන්දරයක සඳු – සිකුරු දෙදෙනාත් බ්‍රහස්පති – අඟහරු දෙදෙනාත් බලවත් නම් ඒක ඉතා බලවත් ග්‍රහ පිහිටීමක්. ඕනෑම කේන්දරයක 5 වැන්න විස්තර කරන්නේ දරුවන් ගැන බව දන්නවනේ. පස්වැනි රාශියේ අධිපතියා ඒ කිව්වේ පස්වැන්නාධිපති පාපියෙක් සමඟ ඉන්නවා නම් දරුවන්ට අපලයි හෝ දරුවො නැහැ.

.

 

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ගුප්ත විද්‍යා
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk