උදරයේ පිහිටීම අනුව ඇය හඳුනා ගනිමු
උදරයේ පිහිටීම, හැඩය අනුව ස්ත්‍රියකගේ ගති ගුණ එකිනෙකාට වෙනස් වේ. මීට අමතරව උදරයේ පිහිටන ලප, ඉන්නන් හා රේඛාවලින්ද විස්මිත පලාපල ඍෂිවරුන් විසින් පෙන්වා දී ඇත. ඍෂි වදන්වලට අනුව ස්ත්‍රියකගේ උදරයෙන් කියැවෙන පලාපල සලකා බලමු.
උදරය සිහින් වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම්,
මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්ත්‍රීන් උපතින්ම උරුම කරගත් දක්ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප්‍රිය වන චරිත වේ. සමාජයේ කැපීපෙනෙන, ප්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.
නහර ඉලිප්පී කෘශ වූ උදරයක් පිහිටීම,
මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ නොයෙක් දුක් කම්කටලුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු, සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනඟා ගැනීමට මහත් උත්සාහයත් වෙහෙසත් ගනී. මැයට ජීවිතය යුද්ධයකි.
යටිබඩ ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම,
මොවුන් ඉතා අහංකාරය. අනුන්ගේ සිත් රිදවන කතා කියයි. අනුන්ට වඩා තමා උසස් යැයි කියයි. මුදල් ඉපයීමට ශූර කතක් වන මැය තම සැමියාට අවනත නොවේ. උපායශීලීය. අතිදක්ෂය. මොවුන් කාමාධිකය.
උදරයේ සිට නාභිය දක්වා රෝම වැලක් වේ නම්,
මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. සැප සම්පත්, යස ඉසුරු ලබමින් මුළු ජීවිතයම සතුටින් ගත කරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ස්ත්රීන්ගේ ජීවිතය සතුටු සයුරකි.
උදරයේ රැලි තුනක් පවතී නම්,
මොවුන් ඉතා වාසනාවන්තය. විවිධ දේ ඉගෙනීමට දක්ෂය. මෙවැනි ස්ත්‍රීන් තම සැමියාව තමා විසින්ම තෝරාගනු ලබයි. වාසනාවන්ත දරුවන් ලබන මැය ගෞරවනීය මවක් වේ.
ගන වූ රෝම සහිත උදරයක් හිමි ස්ත්‍රිය,
ඉතා ඉක්මනින් කිපේ. නිතර බොරු කියයි. මොවුන් හොඳ වැඩක් හෝ හරි වැඩක් කිසිවිට නොකරයි. වටිනා කාලය නිකරුණේ කාදමන තැනැත්තියෙකි.
උදරය මහත්ව එල්ලා හැලෙන ස්වභාවයෙන් යුක්ත වේ නම්,
මෙවන් ස්ත්‍රීන් නීතියට පටහැනි දේ කරයි. ආත්ම ගෞරවය ගැන සුළු මොහොතකටවත් නොසිතයි. නිතර දුකෙන් හා දෝමනස්සයෙන් පසුවන අයෙකි. කාමාධික මොවුන් පවු සිතුවිලිවලින් පිරුණු අය වේ.
උදරය උස්ව රවුම්ව මනාව පැවැතීම,
මෙවන් ස්ත්‍රීන් ඉතා රාගාධිකය. පිරිමින් බොහෝ දෙනෙක් ඇසුරු කරයි. විලිබිය අඩුය. ජීවිතේ මුල් කාලයේදී සැප සම්පත් භුක්ති වින්දද අග භාගයේදී දුප්පත් වේ.
යටි බඩේ විසිරුණු උපන් ලප කිහිපයක් තිබීම,
මොවුන් බොහෝ පුරුෂයන් ඇසුරු කරයි. මොවුන් තම මායම් යොදා නොයෙක් වැඩ කර ගනී. කාමාධිකය. මොවුන්ට හොඳ රූසපුවක් හා අභිමානවත් පෙනුමක් ඇත.
උදරයේ රෝම වැල් කිහිපයක් ඇත්නම්,
මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. කරුණාවන්ත හදක් ඇත. ඇයට ලැබෙන සැමියා ද කරුණාවන්තය. කලාකාමී අයෙකි. මායම් පාමින් අනුන්ගේ සිත් වසඟයට ගනී.
උඩ බඩේ උපන් ලපයක් වේ නම්,
මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. යහපත් දරුවන් ලබයි. සැමියාගේ ආදරය මෙන්ම යස ඉසුරු ද ලබන ස්ත්‍රියකි.
උදරය මතුපිට මොළොක් නම්,
බොහෝ සැප සම්පත් ලබන ස්ත්‍රියකි. විවාහයෙන් පසු පිරිමි දරුවන් ලබයි.
උදරයේ සුළි ආකාරයේ රෝම ඇත්නම්,
මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ දුක් පීඩා විඳින අය වේ. කරදර කම්කටොලුවලට මුහුණ දෙන අවාසනාවන්ත අයෙකි.
බඩ පිටට ඇලී පිහිටියේ නම්,
මෙවන් ස්ත්‍රීන් අනුන්ගේ බැල මෙහෙවර කරන, දාසියක් බඳු අයෙකි. බොහෝ දුක් විඳියි.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
- ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
Link : https://subha.lk/astrologers