දැනුමට – බුද්ධියට ඉහළ වටිනාකමක් ලැබෙන යුගයක්
බුධ නීචයෙන් මිදීමත් සමඟ සැඟවුණු කූට චේතනාවන්ගෙන් යුතු කුමන්ත්‍රණයන්ට පරාජය ගෙන දෙමින් දැනුමට බුද්ධියට ඉහළ වටිනාකමක් ලැබෙන කාලවකවානුවක් එළැඹෙයි.
මෙතෙක් මීන රාශිගතව සිටි බුධ ග්‍රහයා මාර්තු 26දා අලුයම මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත්, මේෂයේ ඒ වන විටත් සිටින ගුරු හෙවත් බ්‍රහස්පති විසින් සාදරයෙන්
පිළිගැනීමත් සමඟ බුධ – ගුරු එක්ව ප්රශස්ත වූ ග්‍රහ සංයෝගයකට මුල පිරීම මීට හේතු වෙයි. දැනුමට බුද්ධියට ඉහළ වටිනාකමක් දෙන මෙම ගුරු – බුධ සංයෝගය අධිකරණයේ තීන්දු කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමට සමත් වෙයි. අධිකරණයේ
අපක්ෂපාතී සාධාරණ විනිශ්චයන් තීන්දු වනු දැක බොහෝ දෙනා තුටු වනු නියතය. අධිකරණ මඟින් ලබාදෙන තීන්දු පමණක් නොව ඉහළ මට්ටමේ නිලධාරීන් ලබාදෙන තීරණ පවා දේව නියමයක් ස්වරූපය උසුලන සෙයක් දක්නට ලැබෙයි. තත්කාල මීන ලග්නයේ මෙම ග්‍රහ පිහිටීම ත්‍රිශූලාකාර හැඩයක් ගැනීමෙන් මෙය ප්රකාශිතය.
ලොව පවතින සියලු දෑ උගැන්මට සිත් පහළ වන මෙම කාලසීමාවේ දරු දැරියන්ගේ ඉගෙනීමේ ආශාවද වර්ධනය වනු ඇත. පුද්ගලයන් තුළ ඉවසීමේ ගුණයද දියුණු කරන සමයකි. විනිවිද පෙනෙන ක්‍රියාකාරකම් සහිත මෙම ග්‍රහ පිහිටීම තුළ සැඟවුණු කූට චේතනාවෝ පලායති. එහෙයින් සියලු ගනුදෙනුවල පාරදෘශ්‍යතාව තහවුරු වෙයි.
ආගම දහමට ඇති භක්තිය සහ විශ්වාසය වැඩි දියුණු වන හෙයින් හැමටම අකටයුතුකම්වලින් දුරස් වීමට බලපෑමක් ඇති වෙයි. මෙම තත්ත්වය සමාජ සංහිඳියාවෙහි සුබ ලකුණකි.
උපුටා ගැනීමමව්බිම
- ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
Link : https://subha.lk/astrologers