නිවසේත් පවුලේත් පවතින නැති නාස්තිය දුරලන ඉපැරණි කෙමක්
ඉපැරණි ශාස්ත්‍රීය ක්‍රමවේදයන් තුළ සමාජ හා සංස්කෘතික තත්ත්වයන් බලගැන්වීමේ ක්රමෝපායක් වශයෙන් කෙම් ක්‍රම වඩාත් ප්‍රචලිත වෙයි. ඇතැම් විට හොඳට මෙන්ම නරකටත් මෙම කෙම් ක්‍රම යොදා ගනිමින් ඇතැමුන් නොයෙක් කාරණා මුදුන් පමුණුවා ගැනීමෙහි නියැළෙති. නමුත් බෞද්ධයන් වශයෙන් වඩාත් වැදගත් වන්නේ මෙකී ක්‍රමවේදයන් කාගේත් සුඛ විහරණය පිණිසම යොදා ගැනීමයි. සත්‍ය ලෙසින්ම කාරණාවේ ප්‍රමුඛතාවය ඇති කර ගන්නටද හේතු වන බව සිහිපත් කළ යුතුය.
අද දින මේ ලිපිය මඟින් ඔබට තිළිණ කරනු ලබන්නේ ඔබගේ නිවසේ පවතින එමෙන්ම ඔබ නිතර පිළිතුරු සොයනා කාරණාවක් සම්බන්ධයෙන් කෙම් ක්රමවේදයකි. මෙය ශාස්ත්‍රීය කෙම් ක්‍රමවේදයන් පිළිබඳ ඇල්මක් සහිත බොහෝ පැරැන්නෝ ද යොදා ගෙන තිබූ බවට නොරහසකි. වත්මන් ලාංකික ආර්ථික රටාව හමුවේ මෙකී ක්‍රමවේදය බොහෝ දෙනෙක්ට සුවය, සහනය කැන්දන්නක් වීම නම් නොරහසකි.
මෙය නිවසේ සාමාජීකයන් තුළ පවතිනු ලබන නාස්තිකාරී හැඟීම් මෙන්ම ක්රියාවන්ටද තිත තබන්නට හැකි බලවත් කෙම් ප්‍රතිකර්මයකි. මෙය නිවෙස්වල වගේම සමූහයන් සේ කටයුතු සිදු කරන ආයතන හෝ රැකියා ස්ථාන ආදියටත් යෝග්‍ය වනු ඇත. සතියේ කෙම්මුර දිනක් කේන්ද්‍ර කර ගනිමින් මෙකී ක්‍රමවේදය ඔබත් අත් හදා බලන්න. මෙය පුවත්පතකින් පාඨක ඔබ වෙත පිදෙන මංගල අවස්ථාවද වනු ඇත.
මේ සඳහා පළමුවෙන්ම මෙකී ද්‍රව්‍යයන් සුදානම් කර ගන්න.
අවශ්‍ය දේ
01. පියන සහිත මැටි ආරක්ෂක මුට්ටි 01 ක්
02. වියළි අරළු ගෙඩි 02
03. සුදුලූනු බික් 3 ක් පමණ
04. තල තෙල් බින්දු කිහිපයක්
සතියේ කැමති කෙම්මුර දිනක් අල්ලා එදින ඉර නැඟීමට හරියටම විනාඩි 10 කට පෙරාතුව මේ සඳහා යොමු විය යුතුය. මෙම කටයුත්ත සිදු කරන තැනැත්තා මෙය සිදු කර අවසන් වන තුරු කිසිදු ආහාරයක් නොගෙන සිටිය යුතුය. කටයුත්ත අවසානයේ පැයකට පමණ පසුව ආහාර ගත්තාට වරදක් නැත. නමුත් පිලි දෙයින් අෑත්ව සිටිය යුතුය.
නිවසේ හොඳින් ආලෝකය වැටෙන තැනක නිවසේ සාමාජිකයන් එකට රැස්ව, නිවසේ ප්‍රධානියා මීට මූලික විය යුතුය. පියන සහිත මැටි මුට්ටිය ඔහු හෝ ඇය අතට ගෙන දකුණු අත මත වම්
අත තබා දැන් ඒ මත කුඩා මුට්ටිය පියන විවෘත කර තබා ගන්න. දැන් මෙම දක්වන හුරු පුරුදු ප්‍රාර්ථනා ගාථාව තෙවරක් සජ්ජායනය කරන්න.
බලවත් ගාථා රත්නය
ඉමිනා පුඤ්ඤකම්මේන – මාමේ දාලිද්ධියං අහු
තත්තිථි වචනං නාම – මා අහෝසි භවා භවේ
දැන් ඒ තුළට වියළි අරළු ගෙඩි දෙකක්, සුදුලූනු බික් තුන හා තල තෙල් බින්දු කිහිපය ද දමා පියනෙන් වසන්න. දැන් පියන නොඇරෙනා ලෙසින් ගැට ගසා කතා නොකර නිවසේ වහලයේ ප්‍රවේශමෙන් තැම්පත් කර තබන්න. මෙය නිවසේ සාමාජිකයන් අතරත් නැති නාස්තිය දුරලමින්, ආර්ථිකය ශක්තිමත් කරනු ලබන බලවත් කෙම් ක්රමවේදයකි. ඉක්මන් ප්‍රතිඵල උදා කරන්නකි.
ඔබට නිති දියුණුව, සෙත සැලසේවා!
උපුටා ගැනීම මව්බිම
- ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
Link : https://subha.lk/astrologers