Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසේ ජල බස්නාවට සුදුසුම දිශාව මෙන්න!

2 weeks ago 7 Min read
Subha.lk

ජලය යනු මිහිමත ජීවයේ පැවැත්ම යැයි කීවොත් එය නිවැරැදිය. ජලය නොමැතිව කිසිම ජීවියෙකුට මෙලොව ජීවත්විය නොහැකිය. පෘථවි තලයේ විශාල බිම් ප්රමාණයක් වෙන්වී ඇත්තේද ජලයෙනි. ඔබේ ඉඩමේ නිසි දිශාවේ ජලය පැවතීම ඔබට වාසනාව ගෙන දෙන අතර ජලය නිසි දිශාවේ නොවීම තුළින් ඔබට අයහපත ගෙන දෙනු ඇත. මහා වාස්තු විද්යාව අනුව ඉඩමේ ජලය තිබීමට යෝග්ය දිශා හඳුනා ගැනීමට පහසුය. උතුර, ඊසාන, නැෙඟනහිර, බස්නාහිරද සුබවේ. දකුණ, නිරිත, වයඹ, ගිනිකොන අයහපත්ය. ජල උල්පත් පෑදීම මහා වාසනාවකි. එවැනි ඉඩම්වල නිවාස සැදීමෙන් ලෞකික සැප සම්පත්, ධනය, මිල මුදල් ලැබෙනු ඇත. ඔබ ඉඩමක් ගෙන එහි නිවෙසක් තැනීමට යෑමේදී ජල උල්පත් මතුවීම වාසනාවක්. උතුරු දිසාව තුළ ජල උල්පත් මතුවීම ඉතාම යහපත් වේ. සෑම අංශයකින්ම හොඳයි. ධන සම්පත් කාරකවේ. ඊසාන දිසාවේ දේවශක්ති ඇතිවේ. දාරක සම්පත් හිමිවේ. යුග දිවිය වාසනාවන්ත වේ. නැගෙනහිර දිසාවේ නම් සෑම පැත්තකින්ම සුබදායක වේ. නිවාස හිමියන්ට පංච මහා සම්පත්තියම ලැබේ. වාස්තු විද්යාව අනුව බස්නාහිර ඉතාම සුබම දිසාව වේ. භූමි ශක්තිය වැඩිවේ. නිෙවසට සියලු බල ශක්තිය අත්වේ. ආදායම් මාර්ග පෑදේ. නීරෝගිවේ. සුවය ලැබෙන ජලය ශක්තියක් වේ. නිරිත අයහපත් වේ. ඉඩමේ ගෙපල කැපීමේ නිරිත පැත්තෙන් ජල උල්පත් පෑදේ නම් එය අසුබයි. ලෞකිකමය දියුණුවට බාධා ඇතිවේ. විනාශ වේ. වයඹද එතරම් සුබ නැත. වාස්තු දෝෂයක් වේ. දියුණුව ඇන හිටී. ප්රශ්න ඇතිවේ. යුග දිවියට අහිතකර වේ. ධනසම්පත් හීන වේ. වැසි කාලයේදී ඉඩමේ ජල බස්නාව උතුර ඊසාන සහ නැෙඟනහිර නම් ධන සම්පත් වැඩිවේ. ආදායම් මාර්ග පෑදේ. පරම්පරාව දියුණුවේ. ඉතාම සුබ දිසාව වේ. වයඹ දිසාවද එතරම් සුබ නැත. පාරම්පරික දේපල ඇති ඉඩමක නම් තවත් ප්රශ්න වැඩිවේ. විවාහය කල් යයි. දාරක ගැටලු පැන නගී. ගිණිකොණ වඩාත් අයහපත්ය. අග්නි යනු ගින්දරයි. වතුරයි – ගින්දරයි දෙකටම සුබ නැත. මේ අනුව විමසා බලන විට ඔබේ ඉඩමේ පිහිටීම අනුව ජලය බැසයෑම තැනිතලා ඉඩමක නම් එතරම් ගැටලුවක් නොවේ. කඳු ආශ්රිතව නම් සෑහෙන ප්රශ්නයක් වේ. හතර පැත්තටම කන්දේ ජලය ගලා බසින නිසා තැනේ හැටියට ගෙය සෑදිය යුතුයි. උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බටහිරට ද ඊසානයේ සිට නිරිතටද ජල බස්නාව අයහපත් බැව් වාස්තුවේ දක්වා තිබේ. මෙම ජලය බැස්ම නිසා ගෘහ දෝෂ ඇතිවේ යැයි වාස්තුවේ දක්වා තිබේ. නිතර ගැටුම් ඇතිවීම නිවෙස ඉදිකිරීමේදී බාධා ඇතිවීම, ඉරිතලා යෑම, වැඩ අතර මඟ නැවතීම, සුරතල් සතුන් කෙටි කලකින් මියයෑම, සමේ රෝග සෑදීම, ඉඩම් ආරවුල් වියවුල් පැන නැඟීම, අමනුෂ්ය දෝෂ ඇතිවීම, බාහිර ගැටලු පැන නැගීම, ධනය පිරිහීම, ලෙඩ රෝග ඇතිවීම, ජාන රෝග ඇතිවීම, ගෙදර ප්රශ්න වැඩිවීම ආදියට නැඹුරු වේ. සුබවාදී නැත. මෙම කරුණු කාරණා මත ප්රශ්න වැඩිවන නිසා කල්පනාවෙන් වැඩ කරන්න. ජලය නිසිලෙස ගලායාමට අවශ්ය විධි විධාන යොදා ගන්න. තවද ඉඩමේ දකුණු මායිමෙන් ජලය බැස යාම ඉතාම අහිතකරයි. එය වළකාගත යුතුවේ. අපි මේ අන්දමට කතාබහ කළත් කෙනෙකුට ඔහුගේ සිතට සෑහෙන විදිහට යහපත් ජල බස්නාවක් ඇති ඉඩමක් සතුව ඇත්නම් එය මහා වාසනාවක්. එය හරියට වාලම්පුරියක් සතුව තිබීමක් වැනිය. 

 

ප්රවීණ ජ්යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk