Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුදු පහන දැල්වීමට සුදුසුම දිශාව ගැන දැනගන්න

3 weeks ago 7 Min read
Subha.lk

තමන් අදහන ආගමට අනුව පුද පූජා පැවැත්වීම සඳහා වෙන් කර ගත් ස්ථානයක් ඕනෑම නිවසක දක්නට ලැබේ. එහෙත් එය ඉතාම නිවැරදි ස්ථානයේ ස්ථානගත නොවුණහොත් ඉන් බලාපොරොත්තු වන යහපතට වඩා විවිධ කරදර බාධක නිවැසියන්ට ඇතිවිය හැකිය.

බෞද්ධ නිවසක නම් බුදු පහන දැල්වීම සඳහා සුදුසුම දිශාව වන්නේ ඊසාන දිශාවයි. වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ ඊසාන කොටසේය. ශ්‍රී ලක්ෂ්මි දේවතාවිය නිවසට ඇතුළු වන දිශාව ද ඊසාන දිශාවයි. විශ්ව ශක්තිය ඉතා ප්‍රබලව සහ පිරිසුදුව ලැබෙන්නේ ඊසාන දිශාවෙන් වන අතර,මෙම දිශාව විශ්වයේ දේවතල හා බ්‍රහ්මතලවලට අභිමුඛව පිහිටා ඇති බැවින් සෑම විටම දෙවියන්ගේ ඇල්ම බැල්ම ද නොඅඩුව ලැබේ. ජ්‍යොතිෂය තුළ මරු නොසිටින දිශාව වන්නේ ද ඊසාන දිශාවයි. ඊසාන දිශාවේ ස්ථානයක බුදු පිළිමය තැන්පත් කරන විට එහි මුහුණ නිරිත දිශාවට යොමු වී තිබේ. අප වන්දනාමාන කළ යුත්තේ ඊසාන දිශාව දෙසට මුහුණලා ගෙනය. වෙනත් ආගම් සඳහාද තම ආගමික සංකේතයන් ස්ථානගත කිරීමට සුදුසුම දිශාව වන්නේ ඊසාන දිශාවයි.

නිවසක බුදු පිළිම ඇතුළු ආගමික සංකේත තැන්පත් කළ යුතු සුදුසුම ස්ථානය වන්නේ සාලයයි. ඒ සඳහා සාලයේ ද ඊසාන දිශාවේ ස්ථානයක් තෝරා ගත යුතුය. පහනේ ආලෝකය ප්‍රධාන දොරට වැටීම ද සුදුසු නොවේ. එවිට දොර වේධ දෝෂයකට ලක්ව නිවැසියන්ට විවිධ කරදර ඇතිවිය හැකිය. පහන තබන පූජාසනය අඩි 4 ½ ක පමණ උසකින් තිබිය යුතුය. එම ස්ථානය ඉතා පිරිසුදුව තබා ගත යුතුය.

බුදුන් වහන්සේට පහන් දැල්වීම කිසිසේත් කුස්සියේ නොකළ යුතුය. බුදු මැදුර තරප්පු පෙළවල් යට වැනි ස්ථානවල සකස් කර ගැනීම කිසිසේත් නොකළ යුතුය. ඊසාන දිශාවේ ඉදි කරන පූජනීය ස්ථානයට ඉහළ මාලයේ වැසිකිළි නාන කාමර පවති නම් ඒවාට යටින් බුදු පිළිම ආදිය තැන්පත් කිරීම ද නොකළ යුතුය. එසේ පැවතීමෙන් නිවැසියන්ගේ ආර්ථිකය බිඳ වැටීම, කායික, මානසික රෝග පීඩාවන්ට ලක්වීම ආදිය සිදු වේ.

සමහර නිවාස හෝ ආයතනවල ප්‍රධාන දොරට උඩින් නිවස ඇතුළු පැත්තේ උළුවස්සේ ඇණයක් ගසා ආධාරකයක් මත ශාස්තෘවරුන්ගේ පින්තූර තබා පහන් දල්වනු ලබයි. එයද සුබදායක ක්‍රියාවක් නොවේ.

ඇතැම් නිවාසවල සෙනසුරාදා, බදාදා දිනවල නිවසින් පිටත පහන් පැලක් සාදා ගම්භාර දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීම සිදු කරයි. එම පහන් පැලද ඊසාන දිශාවේ ඉදිකර ගත යුතු අතර නියමිත වේලාවටම එම පහන දැල්විය යුතුය. එම පහන ද ඉතා පිරිසිදුව දැල්විය යුතු අතර එසේ නොවීමෙන් බොහෝ කරදර විපත් සිදුවිය හැකිය. විශේෂයෙන් පහන තබන ස්ථානය අපිරිසිදුව තිබීම නිසා කිසිදු දේව ආකර්ෂණයක් නොලැබෙන අතර අපිරිසිදු ස්ථානවලට ප්‍රියකරන විවිධ අමනුෂ්‍ය බලවේග එම ස්ථානයට ආකර්ෂණය වීමෙන් නොසිතූ කරදර ඇති විය හැකිය.

කවර හෝ හේතුවක් මත ඊසාන දිශාවේ පූජනීය ස්ථානය ස්ථානගත කළ නොහැකි නම් උතුර හෝ නැගෙනහිර දිශාවන් ඒ සඳහා යොදාගත හැකිය.

 

 

 

 

ජ්‍යෙතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක දැරණියගල කපිල ඉන්දික ගුණදාස

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers
        / කපිල ඉන්දික ගුණදාස මහතාගෙන් ඒ සම්බන්දව විමසන්න
    Link:  https://subha.lk/astrologers/363/online-services
  •  

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk