Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවාගේ අධ්‍යාපනය දියුණුවට සුබ දිශාව

3 weeks ago 7 Min read
Subha.lk

වත්මන් සමාජයේ බොහෝ දෙනකුගෙන් මැසිවිලි නැගෙන ප්‍රබලතම ගැටලුවක් බවට පත්වී ඇත්තේ තම දරුවන්ගේ අධ්‍ය­ාපන කටයුතුය. 80% පමණ දරුවන් ඉගෙනීමේ කටයුතුවලට දුර්වලකම් දක්වති.

උත්පත්ති කේන්ද්‍රයේ යම් යම් ග්‍රහ දුබලකම් පවතීද එයද එතරම් ප්‍රශ්නයක්ද වන්නේ නැත. මෙයට සමහර විට මූලිකම කරුණු බොහෝ සංඛ්‍යාවක් තිබිය හැකිය. පවුල ඇතුළත ප්‍රශ්න ඉන්  ප්‍රධානය. සමහර විට මවුපියන්ගේ ආදරය නොලැබීම ද තවත් පැත්තකි. විශේෂයෙන්ම මව පිටරටක සිටීම එක් හේතුවකි. සමහරවිට ඉගෙනීමට මුල සිටම දක්ෂ ළමයෙකුට ඊර්ෂ්‍යා කිරීම, බැණ වැදීම, දරුවාට ඔරොත්තු නොදෙන අන්දමේ සාමාජීය ගැටලු ඇති කිරීම නිසාද ඉගෙනීමේ කටයුතුවල දුර්වලතා පෙන්නුම් කරයි. මෙහි වෙනත් පැතිකඩක් වන වාස්තුමය හැසිරීම් රටාවද  නිරීක්ෂණය කිරීමේදී වැදගත් කරුණු හෙළි වී ඇත්තේය. එනම් නි‌ෙවසේ ඇතුළත ඇති ඇසට නොපෙනෙන වාස්තු දෝෂ ඒ ගැන පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකි වන්නේය. නි‌ෙවස  තුළ ඊසාන දිසාව පවිත්‍රකාරකව තිබීම වැදගත්ය. නි‌ෙවසට දේව බැල්ම වැටෙනුයේ උතුර, ඊසාන සහ නැගෙනහිරින්ය. තවද විශ්ව ශක්තිය කාන්දු වන්නේද ඊසාන පැත්තෙනි. කුස්සිය,  ගරාජය, ගබඩා කාමරය, සතුන් ඇති කරන කොටු, මහා වළවල්, කැසිකිළි දමන වළවල් සේවක කාමර මේ ආදී දේවල් විශේෂයෙන්ම ඊසාන දිසාවේ තිබීම විශාල විනාශයකි.

දරුවාගේ ඉගෙනීම දියුණු කරන මෙම උතුර, ඊසාන, නැ‌ෙඟනහිර පවිත්‍රව තබා ගත යුතුමය. ආගමික වතාවත් කිරීම, බුද්ධ රූප, මූර්ති, පිළිම සහ දේව රූප මූර්ති තැබීම ද ඊසානට ඉතාම  යහපත්ය. නිවෙස සුවඳ ධූපයෙන් සුවඳවත් කිරීම පළමුව මේ දිසා දෙකෙන් පටන් ගන්න. තවද බ්‍රහ්ම පාදයද බලවත් කර ගන්න එතැන පවිත්‍රව තබන්න. බ්‍රහ්ම පාදය ඉතාම යහපත් තැනක  තිබේ නම් දරුවාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේ. ඊසාන, උතුර, නැ‌ෙඟනහිරත්, වයඹ දිසාවත් දරුවන්ට පාඩම් කිරීමට ඉතාම යෝග්‍ය වේ. හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සූරීන්  එදා සිය නිවෙසේ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව සැහැල්ලු ගෘහ භාණ්ඩයක් තබාගෙන සියලුම ග්‍රන්ථ නිර්මාණය කළේය. විශ්ව ශක්තිය එතැනින් නියෝජනය වේ. ඊසාන සහ උතුර, නැ‌ෙඟනහිර  බලාගෙන ඉගෙනීම් කටයුතු කිරීමෙන් ධාරණ ශක්තිය ඇති වී විභාගවලින් ජය අත්වේ. දෙවියන් සහ දරුවන් අතර විශ්ව ශක්ති හුයකින් බැඳෙන්නේ ද ඊසාන දිසාවෙන්ය. එය සත්‍යම කරුණකි. සියලූම බෝධි සත්වයින් බුදු වූයේ නැ‌ෙඟනහිර බලාගෙනය. තවද ඉගෙනීම් කටයුතු කරන්නේ නැ‌ෙඟනහිර බලාගෙන නම් නුවණ වැඩි වේ.

නැ‌ෙඟනහිර, උතුර, ඊසාන යන දිසාවන්ට මුහුණලා ඉගෙනීම් කටයුතු කරන කිසිම දරුවෙකු ඉගෙනීමට අදක්ෂ වී නොමැත.

එය අත්දැකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

කිසිම මුදලක් වැය නොවේ. ඔබ බෞද්ධයෙක් නම් නිතරම බුද්ධ රූපයක්, මූර්තියක්, පිළිමයක් ගෙදර සුබ දිසාවේ තබා මල් පහන් පුදා සුවඳ දුම් අල්ලා වතාවත් කරන්න. දෙවියන්ට පින් පමණක් දීම වඩාත් සුදුසුයි.

සබ්බ පාපස්ස අකරණං ගාථාව ආගමික වතාවත් කරන විට කියැවීමට අමතක නොකරන්න.

 

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk