Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජුනි 05දා ශනි වක්‍ර වීමෙන් ජනතා නියෝජිතයන්ට අපල

1 year ago 7 Min read
Subha.lk

දැනට කුම්භ රාශිය තුළ ඉතා ප්‍රභල චලිතයක යෙදෙන ශනි ග්‍රහයා 2022 වසරෙහි ජුනි 5 වැනිදා පෙව. 3.18ට වක්‍ර චලිතයක් කරා පිවිසෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි ජුනි 5 ආශ්‍රිතව සහ 2022 වසරෙහි ජුනි 5 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටට අලුත් ආරංචි ලැබීමි සහ අලුත් සිදුවීම් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් කම්කරුවන් නියෝජනය කරන ශනි ග්‍රහයා වක්‍ර වීමට අනුව ජුනි 5 වැනිදායින් පසුව එළැඹෙන දින 5ක පමණ කාල සීමාව තුළ කම්කරු උද්ඝෝෂණ නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ පවතියි.

ජුනි 5 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාල සීමාව තුළ වර්ජන ආදියද නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ පවතින බව පෙනේ.

 

ජුනි 5 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාල සීමාව තුළ අනතුරු ඉහළ යෑමට අසුබ ආරංචි ලැබීමට සහ වායුගෝලයට විස වායු එක්වීමට ඉඩකඩ පවතින බව පෙනේ.

 

මීට අමතර ලෙස ශනි ග්‍රහයා වක්‍ර වීම හේතුවෙන් එළැඹෙන දින කිහිපය තුළ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමටද ගොඩබිමෙහි මෙන්ම මුහුදෙහිද බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලටද ඉඩකඩ පවතින බව පෙනේ. මීට අමතරව ආසන්න කාලයේදී ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන්ට ඇති වන අපලදායක තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

 

මීට අමතර ලෙස මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදි 2022 වසරෙහි ජුනි 3 වැනිදා ප.ව. 1.31ට බුධ ග්‍රහයා තම වක්‍ර චලිතයෙන් මිදී නිවෘත චලිතයක් කරා පිවිසෙයි.

ඒ හේතුවෙන් ජුනි 3 ආශ්‍රිතව සහ හදිසි අනතුරු, ගිනි ගැනීම්, අත්වැරදීම්වලින් සිදුවන පිපිරීම් ආදියට ඉඩකඩ ඇති අතර ප්‍රසිද්ධ කලාකරුවන්ට සහ කාන්තාවන්ට ඇති වන අපලදායක තත්ත්වයද පෙන්නුම් කෙරේ.

 

නැප්චූන් ග්‍රහයා 2022 වසරෙහි ජුනි 29 ආශ්‍රිතව වක්‍ර චලිතයක් කරා පිවිසෙයි. මහ සයුර නියෝජනය කරන ග්‍රහයකු වන නැප්චූන් මෙසේ වක්‍ර වීමට අනුව 2022 වසරෙහි ජුනි 29 අවට දිනවල මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා ඇති වීමට ඉඩකඩ ඇති අතර මුහුද රළු වීමටද ලෝක මට්ටමෙන් ඇති වන සුළි කුණාටුවලටද මුහුදෙහි මෙන්ම ගොඩබිමෙහිද ඇති වන බලාපොරොත්තු රහිත හදිසි කාලගුණික විපර්යාසවලටද ඉඩකඩ ඇත. එම නිසා ධීවරයන් සහ මුහුද ආශ්‍රිතව රැකියාවන් කරන වෙනත් අය 2022 වසරෙහි ජුනි 29 අවට දිනවල තම ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය.

2022 වසරෙහි ජුනි 15 වැනිදා ප.ව. 12.04ට රවි ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි ජූලි 16 වැනිදා රාත්‍රි 10.57 වන තෙක්ම තම මිථුන රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම කාල සීමාව තුළ කෝණ මාස දෝෂය හට ගන්නා අතර ඒ නිසා නිවාස නැකැත් පිළියෙල කිරීමට සුදුසු ග්‍රහ තත්ත්වයක් නොපවතියි.

 

රවි මිථුන රාශියට පිවිසීම හේතුවෙන් ජුනි 15 වැනිදායින් පසුව දින කිහිපය තුළ ආගමික උතුමකු සම්බන්ධව හෝ වෙනත් ප්‍රසිද්ධ චරිතයක් සම්බන්ධව අසුබ ආරංචියක් පෙන්නුම් කෙරේ. තවද මෙම කාලය ආශ්‍රිතව හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk