Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

11 වැනිදා ශනි නිවෘත වෙයි - වර්ජන රැල්ලක පෙර නිමිති

1 year ago 7 Min read
Subha.lk

මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම 2021 වසරෙහි ඔක්තෝබර් 2 වැනිදා පෙ.ව. 9.49ට සිකුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසීමට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 2 වැනිදාත්, 2021 වසරෙහි ඔක්තෝබර් 30 වැනිදාත් අතර කාලසීමාව තුළ ප්‍රසිද්ධ කලාකරුවන්ට නැවත වතාවක් බලගතු අපල ඇති වීමේ අවදානමක් පෙන්නුම් කරන අතර එම කාලසීමාව ප්‍රසිද්ධ කාන්තාවන්ට, සමාජ සේවා නායකයන්ට, මූල්‍ය ආයතනවලට, සාප්පු සංකීර්ණවලට ඇගලුම් කර්මාන්තශාලාවලට, විසිතුරු භාණ්ඩ කර්මාන්තශාලාවලට පොදුවේ අපලදායක කාලයක් වන බව පෙනේ.

මීට අමතර ලෙස බුධ ග්‍රහයා, 2021 වසරෙහි ඔක්තෝබර් 2 වැනිය පෙ.ව. 3.01ට තම වක්‍ර චලිතය තුළම කන්‍යා රාශියට පිවිසීමට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 2 වැනිදායින් පසුව එළැඹෙන දින 5 තුළ බෙංගාල බොක්ක ආශ්‍රිත කැලඹීමකට හෝ වෙනත් බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසයකට ඉඩ ඇති අතර එම කාලසීමාව තුළම රටට බලාපොරොත්තු රහිත ලෙස අන්දෝලනාත්මක හෝ අද්භූත සිද්ධියක් සිදුවීමට හෝ එවැනි ආරංචියක් ලැබීමට හෝ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර පිළිබඳවද කුඩා දරුවන් සම්බන්ධවද ශිෂ්‍යයන් සම්බන්ධවද නොසිතූ ආරංචි ලැබෙන්නටද ඉඩකඩ පවතින බව පෙනේ. ‍මේ පිළිබඳව මීට කලින් ලිපියෙන්ද කරුණු දක්වන ලදී.

 

 

 

ශනි ග්‍රහයා 2021 වසරෙහි ඔක්තෝබර් 11 වැනිදා පෙ.ව. 7.48ට තම වක්‍ර චලිතය නිමා කරමින් නිවෘත චලිතයක් කරා පිවිසෙන බව පෙනේ. මෙම ග්‍රහ චලිතයට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 11 ආශ්‍රිත දිනවල මිථුන ලග්න හිමියන්ගේ සහ මකර ලග්න හිමියන්ගේ දැනට අසම්පූර්ණව පවතින කටයුත්තක් සම්පූර්ණ වීමට ඉඩකඩ තිබුණද එම ලග්න හිමියන් එම දින ආශ්‍රිතව හදිසි අනතුරු ආදිය පිළිබදව විමසිලිමත් විය යුතුය. තවද ශනි ග්‍රහයා මෙසේ 2021 වසරෙහි ඔක්තෝබර් 11 වැනිදා සිට තම වක්‍ර චලිතය නිමා කිරීමට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 15 වැනිදා සිට 2021 වසරේ ඔක්තෝබර් 11 වැනිදා දක්වා කාලසීමාව තුළ හදිසි මහජන උද්ඝෝෂණ, හදිසි වැඩ වර්ජන ආදියට ඉඩකඩ ඇති අතරම මුහුදෙහි මෙන්ම ගොඩවීමෙහිදී හදිසි කාවුගුණික විපර්යාස සහ භූ කම්පන ආදියටද ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදා සිට 2021 වසරෙහි ඔක්තෝබර් 11 වැනිදා දක්වා කාලසීමාව තුළ වායුගෝලය තුළ පැතිරෙන අසනීප නව මුහුණුවරකින් ආරම්භ වීමක් පෙන්නුම් කරන අතරම බලාපොරොත්තු රහිත විපත්වලටද ඉඩකඩ ඇති නිසා පරීක්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරුය.

2021 වසරෙහි ඔක්තෝබර් 10 වැනිදා පෙ.ව. 4.20ට කුජ සහ බුධ යන ග්‍රහයන් කන්‍යා රාශිය තුළ නියම ලෙසම සංයෝග වන බව පෙනේ. මෙය කුජගේ කූට බවත් බුධගේ බුද්ධියත් සමඟින් කූට බුද්ධිය ඇති කරවන ග්‍රහ පිහිටීමකි. මෙම ග්‍රහ සංයෝගයට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 10 ආශ්‍රිතව සහ එම දිනය අවට දිනවල අපරාධ හා සම්බන්ධ මහ මොළකරුවන් පිළිබඳව ව්මසිලිමත් විය යුතු අතර පරිගණක වයිරස් පිළිබඳවද පරිගණක සම්බන්ධ වෙනත් අවිනිශ්චිත සිදුවීම් පිළිබඳවද, තාක්ෂණය සම්බන්ධ වෙනත් අවිනිශ්චිත සිදුවීම පිළිබඳවද මේ දිනවලම වඩා විමසිලිමත් වීම සුදුසුය. බුධ සහ කුජ අතර ග්‍රහ යුද්ධයෙන් බුධ ජය ගැනීමට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 10 ආශ්‍රිත දිනවල හදිසි අනතුරු පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය.

2021 වසරෙහි ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රි 9.49ට රවි සහ බුධ යන ග්‍රහයන් කන්‍යා රාශිය තුළ නියම ලෙසම සංයෝග වන බව පෙනේ. මෙය ඉතා ප්‍රබල ඥාන යෝගයකි. මෙම ඥාන යෝගයට අනුව 2021 වසරෙහි ඔක්තෝබර් 9 ආශ්‍රිත දිනවල උපත ලබා දරුවන් අනාගතයේදී උගතුන්, බුද්ධිමතුන් ලෙස ප්‍රසිද්ධියට පත්වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk