Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වසරේ ප්‍රථම ඡායා චන්ද්‍රග්‍රහණය

1 month ago 7 Min read
Subha.lk

2024 වසර තුළ ප්‍රධාන ග්‍රහණ4 ක් සිදු වීමට නියමිතයි. ඉන් පළමුවැන්න මාර්තු25 වැනි සඳු දින පස්වරු12.45 ට සිදුවේ. මෙම ග්‍රහණය සඳුට අයත් හත නැකැතේ පළමු පාදය තුළ සිදු වේ. හත නැකැත වනාහි පුල්ලිංග, කාලවර්ණ, තිය්‍යක්මුඛ තරු5 කින් යුත් නැකතකි. මෙහි පළමු පාදය කුජට අයත්ය. චන්ද්‍රග්‍රහනයක් යනු රවි, රාහු එක අංශකයකට ඊට සප්තවම සඳු, කේතු යෙදීමෙන් පොළොවේ සෙවණැල්ල සඳ මතට වැටීම චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ඡායා චන්ද්‍රග්‍රහණය සිදුවනුයේ8 වන භාවය තුළය. ඒ අනුව සාමාන්‍ය ජනයා අතර මරණ බිය ඇති කරයි. ඒ අතර කාන්තා මරණ ද වැඩිවේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ඡායා චන්ද්‍රග්‍රහණය සිදුවනුයේ8 වන භාවය තුළය. ඒ අනුව සාමාන්‍ය ජනයා අතර මරණ බිය ඇති කරයි. ඒ අතර කාන්තා මරණ ද වැඩිවේ.මේ අවස්ථාව වන විට බාලව කරණයත් බුධ හෝරාවත්, සිකුරු පංචම හෝරාවත් යෙදී තිබුණි. මෙම සිකුරු පංචම කාල හෝරාව විෂ සහිතයි. තත්කාල ලග්නය වශයෙන් මිථුන ලග්නයත් මීන නවාංශකයත් උදාව පවතී. මෙහිදී සිව්වැන්නේ සඳු, කේතුද නම වැන්නේ කුජ, සිකුරු, ශනි ද දහවැන්නේ රවි, රාහු, බුධ ද එකොළොස් වැන්නේ ගුරු ද විය.

මෙ මොහොත වන විට ඥානකාරක බුධ ග්‍රහයා නීචව පැවතීම මත කුඩා දරුවන් ආශ්‍රිතව වෛරස් රෝගී තත්ත්වද ව්‍යාප්ත වන බව පෙනේ. සරසවි තුළ ගැටලු පැන නැගේ. කුජ, ශනි සංයෝගව පැවතීම මත පිපිරීම්, ලේ වැගිරීම් ඇති වන පිහිටීමක්ද වේ. ඒ අනුව ඉදිරි කාලය තුළ එවැනි සිදුවිම් ඇති කරයි. ආරක්ෂක අංශයන්ට පීඩා, තුවාල, අනතුරු සහිත බවක්ද පෙන්නුම් කරයි. ග්‍රහණය පඨවි රාශියක සිදු විම මත පොළොවෙන් ලබා ගන්නා සියලුම දේ වලට හානි ඇති කරයි.

තුර්කිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය ග්‍රහණයට බලපෑමට ලක් විය හැකි රටවල් වේ. ඒ අතරම තුර්කියට ප්‍රබල භූ කම්පන තත්ත්වයක්ද පෙන්නුම් කරයි.

අමාත්‍යධුර සංශෝධනයක්ද පෙන්නුම් කරයි. එමෙන්ම ප්‍රභූ මරණයක් ගැනද අසන්නට ලැබේ. ඉදිරි මාස දෙක තුළ කාලයේදී මෙම ග්‍රහණයේ විපාක වලට මුහුණ දීමට සිදු වනු ඇත. දුරකථන, සන්නිවේදන, තැපැල් අභ්‍යන්තර කටයුතු වලට මෙන්ම ජනමාධ්‍ය ආයතන වලටද මේ තුළින් ඇති වන බාධා නිසා විවිධ ක්‍රියාකාරකම් වලට මුහුණ දීමට සිදු වේ. පළාත් කිහිපයකට නියඟය නිම වී අධික වර්ෂාපතන තත්ත්වයක් ඇති කරයි.

එබැවින් ඔබ ඉදිරි කාලය පුරා මෙත් සිතින් යුතුව තම නැණ පමණින් කටයුතු කරමින් ඉවසීමෙන් තමාගේ ආගමට අනුව කටයුතු කිරීමෙන් මෙම අසුභ තත්ත්වයෙන් මිදීමට හැකි වනු ඇත.

 

 

තෙරුවන් සරණයි!

 

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ. තරංග කුමාර

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk