Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මාර්තු 15 _ අප්‍රේල් 23 අතර කාලයේ ගුවන් යානා අනතුරු ඉහළට

1 month ago 7 Min read
Subha.lk

මාර්තු 22 වැනිදා පෙ.ව. 4.41ට සිකුරු සහ ශනි යන ග්‍රහයන් යුද වදියි. මෙම ග්‍රහ යුද්ධයෙන් ශනි පරදවා සිකුරු ජය ගනියි. ශනි පරාජයට පත් වීමට අනුව 2024 වසරෙහි මාර්තු 22ට පෙර සහ පසු දින කිහිපය තුළදී බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ ඇති අතර සුළු වශයෙන් හෝ වර්ෂාව පතිත වීමටද ඉඩකඩ ඇත.

ඉහත කී ආකාරයට සිකුරු සහ ශනි නියම ලෙසම සංයෝග වීමට අනුව මාර්තු22 ආශ්‍රිත දිනවල උපත ලබන දරුවන්ට අනාගතයේදී මූල්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන්නට සහ කලාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ රැකියා කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමටද භාග්‍යය උදාවනු ඇත.

2024 වසරෙහි මාර්තු 14 වැනිදා ප.ව. 12.36ට රවි ග්‍රහයා මීන රාශියට පිවිසෙන ලද අතර 2024 වසරෙහි අප්‍රේල් 13 වැනිදා රාත්‍රි 9.05 වන තෙක්ම තම මීන රාශි චලිතය පවත්වාගෙන යයි. ඒ අනුව 2024 වසරෙහි මාර්තු14 වැනිදාත්2024 වසරෙහි අප්‍රේල්13 වැනිදාත් අතර කාලසීමාව තුළ කෝණ මාස දෝෂය හටගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලසීමාව තුළ නිවාස නැකැත් පිළියෙල කිරීමට සුදුසු ග්‍රහ තත්ත්වයක් නොපවතියි.

ඉහත කී ආකාරයට රවි ග්‍රහයා මීන රාශියට ගෝචර වීමට අනුව2024 වසරෙහි මාර්තු14 වැනිදා ආශ්‍රිත දිනවල රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරුවල ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරීක්ෂාකාරීව කටයුතු කිරීම නුවණට හුරුය. මීට අමතර ලෙස මෙම ග්‍රහ චාරයට අනුව 2024 වසරෙහි මාර්තු 24 වැනිදා ආශ්‍රිත දිනවල කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධවද, දේපළ සම්බන්ධවද අවිනිශ්චිත සහ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත.

එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම වසරෙහි මාර්තු24 වැනිදාට පෙර හා පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව අසුබ ආරංචිවලටද ජාතික මට්ටමේ ජනතා නියෝජිතයෙක් පිළිබඳව අසාමාන්‍ය ආරංචිවලටද ඉඩකඩ ඇත.

මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම මෙම වසරෙහි මාර්තු15 වැනිදාත්2024 වසරෙහි අප්‍රේල්23 වැනිදාත් අතර කාලසීමාව තුළ කුජ සහ ශනි කුම්භ රාශිය තුළ සංයෝග වන අතර ඒ අනුව ඉහත කාලසීමාව තුළ ගුවන් යානා අනතුරු සිදුවීමේ ඉඩකඩ ඉහළ යයි. නැතිනම් ඉහත කාලසීමාව තුළලෝක මට්ටමෙන් ගුවන් ගමන්වලට වෙනත් බාධාද ඇතිවිය හැකි බව පෙනේ. විශේෂයෙන් මෙම වසරෙහි අප්‍රේල්11 වැනිදා පෙ.ව.02.07ට කුජ සහ ශනි යන ග්‍රහයන් නියම ලෙසම සංයෝග වන බව පෙනේ. ඒ අනුව 2024 වසරෙහි අප්‍රේල් 11 වැනිදා ආශ්‍රිත දිනවල ගුවන් ගමන්වලට ඇතිවනබාධා උපරිම විය හැකිය. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම මාර්තු 15 වැනිදාත් අප්‍රේල්23 වැනිදාත් අතර කාලසීමාව තුළ ලෝක මට්ටමෙන් සිදුවන බෝම්බ පිපිරීම්වලටද, ප්‍රබල භූමිකම්පා වර්ධනය වීමටද, ලේ දෝෂවලින් ඇතිවන අසනීප පැතිරීමටද ඉඩකඩ පවතින බව පෙනේ.

මෙම මාර්තු 25 වැනිදා මධ්‍යය එදින ප.ව. 12.45 වන සේ කන්‍යා රාශිය තුළ හත නැකැතේ1 වැනි පාදයෙන් ඡායා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවේ. මෙම ඡායා චන්ද්‍ර ග්‍රහණයට අනුව මෙම වසරෙහි මාර්තු 25 වැනිදා ආශ්‍රිත දින කිහිපය තුළ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

 

 

 

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk