පණ අදින අයකුගේ පණනල රැක දෙන මහ ප්‍රාණ බන්ධන යන්ත්‍රය

මරණය කාටත් පොදු ස්වාභාවික ධර්මතාවකි. මෙලොව ජන්මය ලබන කාගේත් පණනල තණ අග රැඳි දිය බිඳ සේමය. කොයි මොහොතේ කොයි කාලයේ මරුවාගේ ළඟා වීම සිදුවේදැයි අවිනිශ්චිතය. කුමන ආකාරයකින් හෝ මරණයට ළඟා වී පණ අදින අයකුගේ ප්‍රාණය රැකදීමට සමත් ප්‍රාණ බන්ධනයක් ගුප්ත ශාස්ත්‍රය තුළ පවතින බව බොහෝ අය නොදන්නවා විය හැකිය.
තරුපති ජේයාතිෂය පුවත්පත හරහා පාඨක ජනතාවගේ හුදී යහපත පිණිස මෙම දුර්ලභ මන්ත්‍රය සටහන් කර තබන්නේ මරණාසන්න ලෙඩකුගේ ප්‍රාණය රැක ගැනීමට මෙයට වඩා ප්‍රත්‍යක්ෂ මන්ත්‍රයක් තවත් නැති නිසාවෙනි.
මරණාසන්නයේ සිටින ලෙඩකුට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයකු කැඳවන තුරු රෝගියා රෝහල වෙත ගෙනයන තුරු හෝ පිට පළාත්වල සිටින දරුවන්, ඥාතී හිතමිත්‍රාදීන් පැමිණෙන තුරු ප්‍රාණය නිරුද්ධ නොවී රඳවා ගැනීමේ ශක්තියක් මෙම මන්ත්‍රය සතු බව අපගේද අත්දැකීමයි. මරණයේ මොහොත මඟහැරී ගියහොත් ඇතැම්විට දීර්ඝායු වින්දනය කිරීමටද මෙමඟින් මඟ සැලසේ.
ශාස්ත්‍රානුකූලව නිවැරැදි ලෙස
වත්පිළිවෙත් සපුරා නූල් 9 පොටක් ගෙන ගැට 9 ගසා එක ගැටයකට 9 වර බැගින් පහත මන්ත්‍රයෙන් මතුරා බෙල්ලේ බැඳීමෙන් ප්‍රාණය බන්ධනය වෙයි.
පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝගයෙන් උපන් අය කරනු ලබන ජීවම අති ප්‍රබල ලෙස යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. ඒ ඔවුන්ට ප්‍රාණයක් හට ගැන්වීමේ හා ප්‍රාණයක් නිරුද්ධ නොවී රැක ගැනීමේ ශක්තියක් විශ්ව ශක්තියෙන් ස්වාභාවික ලෙසම ලැබී තිබෙන නිසා වෙනි. ප්‍රාණ බන්ධන මන්ත්‍රය:
ඕං ගුරුනීල පේරුම් ඉන්දුකට්ටු – සර්ව ලෝකනී කට්ටු – ඉෂ්ට නීල පිරිවරාර්ථ කුලප් ප්‍රාණේරුන් – හ් රිං හ් රිං වර – අඩි පූට්ටු පූට්ටු වර කට්ටු – ශ්‍රී ලෝකකට්ටු – හ් රිං හ් රිං පොරොත්තු – සුව ඉෂ්ට නීල පර්වත කට්ටු – යක්ෂ බන්ධ – පර්වත බන්ධ යක්ෂතා බන්ධ – තාගේ පර්වත බන්ධ – විමාන කූට සර්ව පර්වත බන්ධ – නීල කාලී සර්ව පර්වත බන්ධ ප්‍රලෝක කට්ටු බන්ධ – ශ්‍රියා ජොඩු බන්ධ – ඉෂ්ට නීල කාලි බන්ධ – අඝෝර කාලී බන්ධ – ත්‍රි පුර ලෝක කාලී බන්ධ – හිම කාලි වෙසමුනි ආලෝක කට්ටු – ප්‍රබෝදනන් ස්තූති බ්‍රහ්ම කාලී කට්ටු සර්ව ලෝක ප්‍රාණ සිද්ධියේ ස්වා හ–
ඕං හ් රිං ලෝක කාලී වෙට්ටු – ඉඩත්තු පොරුමාන වේ ශ්‍රී – නේත්‍ර ප්‍රාණ ජීව සිද්ධි නම–
ඕං බ්‍රහ්ම කාලීනේ – තුත්‍රිඩ – කාරි – ජීව ඉෂ්ටකාලී – කූට වෙට්ටු – සර්ව ප්‍රාණ ජීව ප්‍රාණ ඒස්වාහා සිද්ධි නම–
නමෝ ඉෂ්ට නීල කාලී – ප්‍රජා ජොහේන පුතුත්මහිදී කහර සුරයුම් – පත්‍ර කාලි – මර්ල පොඩි ඉන්ද්‍ර ප්‍රාණ සිද්ධි ඒස්වාහ– ඕං ඊශ්වර කාලී පොරොත්තු ඊශ්වරයුම් කාල ප්‍රාණෙ – හරන්තු ප්‍රාණ සිද්ධි ඒස්වාහ–
Advertisements


