අයහපත් ග්‍රහ යෝග නිසා සිදුවන විවාහ ප්‍රමාදයට පිළියම් මෙන්න

විවාහ ප්‍රමාද වීම වැඩි වශයෙන් බලපාන්නේ පිරිමි පක්ෂයට වඩා කාන්තා පක්ෂයටය. සමාජ ආර්ථික විග්‍රහයන්ට අනුව විවාහ කල් යෑමට ප්‍රධන වශයෙන් හේතුවී ඇත්තේ දැනට ලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා, විරැකියාව, කාන්තාවන් ඉහළ අධ්‍යාපනයට යොමු වීම, සුදුසු සහකරුවකු සොයා ගැනීමේ ඇති අපහසුතාව සහ මවුපියන්ගේ නොසැලකිලිමත්කම යන කරුණුය. මීට අමතරව සාම්ප්‍රදායික සහ සංස්කෘතිකමය කරුණුද ඊට හේතුවී ඇත.
ජේයාතිෂයට අනුව විවාහ ප්‍රමාද වීමට බලපාන හේතු පරීක්ෂා කිරීම සඳහා ජන්ම පත්‍රයක 5 වන සහ 7 වන රාශිවලට අවධානය යොමුකළ යුතුවේ. 5 වැන්නෙන් ස්ත්‍රී – පුරුෂ සබඳතාව මෙන්ම ආදරය නිවේදනය කරයි.7 වැන්නෙන් විවාහය නිවේදනය වෙයි. අදාළ ග්‍රහයන් ගත්විට මූලික වන්නේ සිකුරු සහ කුජ යන ග්‍රහයන්ය. මෙයින් සිකුරු ග්‍රහයා ආදරයට, ප්‍රේමයට මෙන්ම සෙනෙහසට කාරක ග්‍රහයා වන අතර කුජ කාමයට සහ රාගයට කාරක ග්‍රහයා වේ. එසේම සිකුරු විවාහ කාරක ග්‍රහයා ලෙසද සැලකේ. මීට අමතරව රාහු, කේතු සහ සෙනසුරු විවාහය ප්‍රමාද කරන ග්‍රහයන් ලෙස සැලකේ.
මෙම කරුණුවලට අනුව විවාහ ප්‍රමාද වීමට ඉවහල් වන අයහපත් ග්‍රහයෝග පහත දක්වා ඇත.
1. යම් ජන්ම පත්‍රයක 7 අධිපති ග්‍රහයා හෝ විවාහ කාරක සිකුරු වක්‍ර වීම සහ 8 වැන්නේ පිහිටීම.
2. ජන්ම පත්‍රයක 7 අධිපති ග්‍රහයා දුර්වල වී 6 හෝ 8 වැන්නේ පිහිටීම.
3. ජන්ම පත්‍රයක 7 අධිපති ග්‍රහයා සෙනසුරු සමඟ සංයෝග වීම.
4. ජන්ම පත්‍රයක සිකුරු සහ සෙනසුරු රාශි මාරු කරමින් පිහිටීම සහ සඳු 8 වැන්නේ හෝ 12 වැන්නේ සිටීම.
5. සෙනසුරු සහ කුජ ලග්නයේ සංයෝගව සිටියදී කුජ 7 සිටින විට ජන්මියාට විවාහ වීමට සිදුවන්නේ තරමක් වියපත් වීමෙන් පසුවය.
6. යම් ජන්ම පත්‍රයක කුජ, ශනි, රාහු හෝ කේතු වැනි පාප ග්‍රහයකු හෝ පීඩාවට පත් සඳු 7 සිටීම හෝ 7ට
දෘෂ්ටිගත වීම.
7. ජන්ම පත්‍රයක 2 වැන්නේ රාහු සිටීම සහ සිකුරු 3 සිටීමද විවාහ ප්‍රමාද කරයි.
8. ජේයාතිෂයට අනුව ශනි 2 සිටින විට විවාහ වීම සඳහා වයස අවුරුදු 32 වන තුරු බලා සිටීමට සිදුවේ.
9. යම් ජන්ම පත්‍රයක සඳු ග්‍රහයා 8 හෝ 12 සිටිමින් සිකුරු සහ ශනි සමඟ ජේයාතිෂමය වශයෙන් සම්බන්ධ වූ විට විවාහ වන වයස අවුරුදු 35 දක්වා ඉහළ යා හැකිය.
10. ජන්ම පත්‍රයක කුජ 7 සිටීමද විවාහ අනවශ්‍ය ලෙස ප්‍රමාද කරයි.
විවාහ ප්‍රමාද වීම වළක්වාලන ජේයාතිෂමය ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ.
1. බ්‍රහස්පතින්දා දිනවල කහ වර්ණයට හුරු ඇඳුම් අඳින්න.
2. දිළිඳු තරුණියකගේ විවාහ මංගල්‍යයකදී හැකි පමණින් දායක වන්න. විශේෂයෙන් මංගල ඇඳුම් පැලඳුම් ලබාදීමෙන්.
3. තෝරාගත් කෝවිලක දුර්ගා මාතා පූජාව පැවැත්වීමෙන් සහකරු ඉක්මනින් හඳුනාගත හැකිය.
4. සඳුදා දින 16ක් නිරාහාරව සිටිමින් අනාගත සහකරු ඉක්මනින් ලැබේවා යන ප්‍රාර්ථනය කරන්න.
5. නිදන කාමරයේ ආහාර ගැනීමෙන් වළකින්න. එසේම කැඩපත ඉවත් කරන්න.
6. හොඳින් පිරිසුදු වී සුදු වතින් සැරසී පහත දැක්වෙන ස්තෝත්‍රය 108 වරක් නැඟෙනහිර දිශාව බලා ශබ්ද නඟා ගායනා කරන්න. මේ සඳහා නිවෙසේ නිසල තැනක් තෝරා ගන්න. දින 7ක් ගායනා කළ පසු21 වන දින විවාහ යෝජනාවක් ස්ථිර වනු ඇත. මෙවැනි දේවල් අන් අයට පැවැසීමෙන් වළකින්න. ඕම් නමෝ භාග්වතෙ රුක්මනි වල්ලාභයෙ ස්වාහා මීට අමතරව මංගල යන්ත්‍රය පැලඳීමෙන්ද විවාහ ප්‍රමාද වීම් වළක්වා ගත හැකිය.
Advertisements


