Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සඳුගේ අපල දුරු කරගන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

මනුෂ්ය ශරීරයේ මෘදු ඉන්ද්රියයන් වන මොළය, සෙම, සෙම්වැදලි, උගුර, ආමාශය, ගර්භාශය, මුත්රාශය, පියයුරු චන්ද්රයාට අයත් වේ. පුරුෂයන්ගේ වම් ඇසට ද ස්ත්රියගේ දකුණු ඇසට ද බලපායි. චන්ද්රයා අයහපත් ලෙස සිටීමෙන් අපස්මාරය, බෙල්ල මහත් වීම, පක්ෂගාතය, කාස රෝග, සරම්ප, පණු රෝග, වලිප්පුව, සන්නිය, ග්‍රහණි රෝග, පාචන රෝග, බඩේ කැක්කුම, ඇදුම, ජලඋදර රෝග, පෙණහලු රෝග, පිස්සුව, ඇස් රෝග, බඩවැල් වේදනා හටගනී. සඳු බල්ලන්, බළලුන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. එළවළු වන කැකිරි, කොමඩු, පුහුල්, වට්ටක්කා, පිපිඤ්ඤාවලට ද චන්ද්‍රයාගේ බලපෑම ඇත. පුර චන්ද්‍රයා සියලු යහපත දෙන ශුභයකු සේම අවචන්ද්‍රයා සියලු අයහපත දෙන අශුභයකි. සඳු බලවත් අයට උසස් චින්තන ශක්තියක් හිමිවේ. සඳු දශාව තුළ මංගල යෝජනා ඇතිවීම, විවාහ කටයුතු සාර්ථක වීම, අධ්‍යාපන ජයග්රහණ, විදේශ ගත වීම, ප්‍රේම සබඳතා ඇතිවීම, සිරුර ඔපවැටීම ඇතිවේ. සඳු අසුබ නම් එම දශාව තුළ ප්‍රේම සබඳතා බිඳවැටීම, සෙම් රෝග කල් අල්ලා සිටීම, විවාහ දිවියේ අවුල් වියවුල්, අනිසි සබඳතා, ජලයෙන් විපත් සිදුවිය හැකිය. සඳුගේ අපල දුරුවීමට ගර්භණී මවුවරුන්ට සිල්මෑණිවරුන්ට දන්දීම, ධර්ම දේශනා පැවැත්වීම, මෛත්‍රී භාවනා කිරීම, ධර්ම පත්‍රිකා බෙදාදීම, සුමන සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට පින්දීම, සුදු පාට මල් පූජා කිරීම, සුදු කොඩි පූජා කිරීම, මාළුවන්ට කෑම දීම වැනි වඩාත් ප්‍රතිඵල දෙන බොහෝ ප්‍රතිකර්ම, ජේ‍යාතිෂයේ සඳහන් වේ. ඔබත් කේන්දර පරීක්ෂාවකින් පසු සඳුගේ දශාව ගත කරයි නම් සඳුගේ අපලවලට මේ පිළිවෙත්වල නිරත වීම උණු ජලයට සිසිල් ජලය එක්කළ විට නිවී යන්නාක් මෙන් අපල දුරු වීමට හේතුකාරක වේ. 

 

 

 

 

ටෝනි ආර්. කුරණගේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk