Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහලොව පණිවිඩකරු විනාශකාරී නැප්චූන්ට පැරදේ

1 year ago 7 Min read
Subha.lk

නැප්චූන්ගේ ජය ගැනීම හේතු කොට ගෙන තෙල් අර්බුද, විදුලි අර්බුද ද ඇති කරයි. තව ද ඛනිජ තෙල් සම්බන්ධව සමාජ කතිකාවන් වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන කාලයක් ද වේ. විදේශීය  සම්බන්ධ කටයුතුවල ගැටලු පැන නැගේ. හොර බඩු නිෂ්පාදනය කර නීතියෙන් දඬුවම් ලැබෙන අයගේ ක්‍රමික වර්ධනයක් ද පෙනෙන්නට තිබේ. විෂ ශරීරගතව මිය යෑම් ද වාර්තා වන කාලයකි. බෝට්ටු අනතුරක් නිසා විශාල ජීවිත හානියක් සිදුවන බවද පෙනෙන්නට තිබේ.

සූර්ය මස කුම්භ රවි විසි අට භාගයක් වූ චන්ද්‍ර මස නවම් අවතෙලෙස්වක තිථිය ලත් කිවි දින2024/03/08 රාත්‍රී8.37 ට බුධ නැප්චූන් අතර ග්‍රහ යුද්ධයෙන් ඥානකාර බුධ පරාජයට පත් කරමින්  කැරලිකාර නැප්චූන් ජය හිමි කර ගනී. ග්‍රහ යුද්ධය සිදු වනුයේ ගුරුට අයත් පුවපුටුප නැකත තුළය. පුවපුටුප නැකත වනාහි කාල වර්ණ, පුල් ලිංග, කෲර, ත්‍රිපද, වංචාකාර, ආකාශ භූත තරු  දෙකකින් යුත් නැකතකි.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ ග්‍රහ යුද්ධය සිදු වනුයේ දෙවැනි භාවය තුළදී ය. ඒ අනුව මුදල් තැන්පත් කරන ස්ථාන, බැංකු, ජාතික කර්මාන්ත යන අංශවල ගැටලු පැන නැගේ.

මේ මොහොත වන විට වණිජ කර්ණයත්, සිකුරු හෝරාවත්, ශනිගේ පංචම කාල හෝරාවත්, ගුරුගේ සුක්ෂමයත් යෙදී තිබූ අතරම යෝගය වශයෙන් පරිඝ යෝගය යෙදී තිබුණි. මෙම          පරිඝ  යෝගය අසුභ ගනයට අයත් ය. තවද මේ අවස්ථාව වන විට කන්‍යා ලග්නයත්, කන්‍යා නවාංශකයත් උදාව පවතී. මෙහිදී ලග්න ගතව කේතු ද, පස්වැන්නේ සඳු – කුජ ද හයවැන්නේ                රවි – ශනි – සිකුරුද හත්වැන්නේ බුද -රාහු – නැප්චූන් ද අටවැන්නේ බාධක මෙන්ම විසි දෙවන දෙර්කාණාධිපති ගුරු ද විය.

ඥානකාරක බුද මේ මොහොත වන විට නීච රාශි ගතව ගමන් කර තිබුණි. එම හේතුව නිසා බුද්ධිමතුන් අඥානයන් ලෙස කටයුතු කරන කාලයකි. මාර්තු25 දක්වා බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට, මාධ්‍යවේදීන්ට, කතුවරුන්ට, දරුවන්ට අගුණ අසුභ බවක් පෙනෙන්ට තිබේ.

නැප්චූන්ගේ ජය ගැනීම හේතු කොට ගෙන තෙල් අර්බුද(වැඩි වීම් පෙන්නුම් කරයි.) එමෙන්ම විදුලි අර්බුද ද ඇති කරයි. තව ද ඛනිජ තෙල් සම්බන්ධව සමාජ කතිකාවන් වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන කාලයක් ද වේ. විදේශීය සම්බන්ධ කටයුතුවල ගැටලු පැන නැගේ. හොර බඩු නිෂ්පාදනය කර නීතියෙන් දඬුවම් ලැබෙන අයගේ ක්‍රමික වර්ධනයක් ද පෙනෙන්නට තිබේ. විෂ ශරීරගතව මිය යෑම් ද වාර්තා වන කාලයකි. බෝට්ටු අනතුරක් නිසා විශාල ජීවිත හානියක් සිදුවන බවද පෙනෙන්නට තිබේ. මේ අවස්ථාව වන විට කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති         ශනි රාහුට අයත් සා නැකත තුළ ගමන් කර තිබීම මත කෘෂි වගාවන්ට යම් යම් උවදුරු ඇති වීමට ඉඩ පවතී. නැප්චූන් ග්‍රහයා ප්‍රතිශක්ති ක්‍රියාවලියට සම්බන්ධ නිසා රටේ මහජනතාවට යම් යම් වෛරස් රෝග ඇති වීමට ඉඩ පවතින හෙයින් ආරක්ෂාකාරී ප්‍රවේශම්වීම වැදගත්ය. නැප්චූන් ග්‍රහයා සාගරයට කාරකත්වය දරණ හෙයින් සාගර කම්පන තත්ව ඇති කරයි.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ දහවැන්න අධිපති දුර්වල වූ හෙයින් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු අතර රහස් කුමන්ත්‍රණ නිසා යම් යම් බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇත. රටට මුදල් ආධාර, ණය අධාර ලැබුණත් ඒවා කළමනාකරණයේ ඇති වන දුබලතා ද අවිධිමත් ක්‍රියා නිසා විවිධ ගැටලු ඇති වීමට පිළිවන.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවල මහජනතාව මෙත් සිතින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමෙන් සාමකාමීව සිටීමෙන් කිසියම් අස්වැසිල්ලක් ලැබිය හැක.

 

 

 

 

ග්‍රහලොව පණිවිඩකරු විනාශකාරී නැප්චූන්ට පැරදේ

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ. තරංග කුමාර

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk