Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන්ම පත්‍රය අතට ගෙන තිබෙන අපල හඳුනාගනිමු

1 year ago 7 Min read
Subha.lk

1. ජන්ම ඒරාෂ්ටකය 

උත්පත්ති සඳු හරහා ගෝචර සෙනසුරු ගමන් කරන වසර දෙකහමාරක කාලය ජන්ම ඒරාෂ්ටකය වෙයි. එය යෙදෙන භාවය අනුව එම භාවයට අදාළ පීඩා කරදර ඇතිවෙයි.

2. ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය

උත්පත්ති සඳුගෙන්08 ගෝචර සෙනසුරු ගමන් කරන වසර දෙකහමාරක කාලය වේ. සතුරු බාධක ඇතිවීම, මිල මුදල් තත්ත්වය පහත වැටීම, රෝග පීඩා ඇතිවීම, නොසිතන කරදර බාධක  ඇතිවීම් සහිත කාලයකි.

3. කණ්ටක ශනි අපලය

උත්පත්ති සඳුගෙන් 04, 07, 10 ගෝචර ශනි ගමන් කරන වසර දෙකහමාරක කාලයයි.

කණ්ටක ශනි අපලය 04 වැනි භාවයේ යෙදෙයි නම් ගේ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන සම්බන්ධ ප්‍රශ්න ගැටලු ඇතිවන කාලයකි. කණ්ටක ශනි අපලය07 වැනි භාවයේ යෙදෙයි නම් විවාහ ගැටලු, විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒ සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඇතිවේ. හවුල් ව්‍යාපාර කටයුතු අඩාලවීම්වලට ලක්වෙයි. කණ්ටක ශනි අපලය10 වැනි භාවයේ යෙදෙයි නම් රැකීරක්ෂා ගැටලු ඇතිවීම, රැකීරක්ෂා  අහිමි වීම, ව්‍යාපාර කරන අයට ඒ සම්බන්ධ ගැටලු ඇතිවන කාලයයි.

මෙයින්ද උත්පත්ති සඳුගෙන්04 ගෝචර සෙනසුරු යෙදෙන කාලය ස්ත්‍රීන්ට තද අපල ඇතිවෙයි. ලග්නයෙන්8 සෙනසුරු ගමන් කිරීම ලග්න අෂ්ටම ඒරාෂ්ටකයයි. විවාහ ප්‍රශ්න, රෝග පීඩා, මිල මුදල් ප්‍රශ්න, සතුරු කරදර ඇතිවන කාලයකි.

4. ලග්න ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය

තදබල අපල සහිත වසර දෙකහමාරක කාලයයි. සහකාර වියෝව, නිදන්ගත රෝග ඇතිවීම් සහිත කාලයකි. නොයෙක් බාධක, කරදර, ව්‍යසන සිදුවන කාලයකි.

5. ලග්න ඒරාෂ්ටකය

12 වැනි භාවයේ ලග්නයේ 02 භාවයේ සෙනසුරු ගමන් කරන කාලයයි.12 වැනි භාවයේ ලග්නයේ හෝ02 භාවයේ සඳු තැන්පත් වී ඇතිවිට ජන්ම ලග්න ඒරාෂ්ටකය ඇතිවෙයි. භාවයට අදාළ බාධක, අවහිර, පීඩා ඇතිවෙයි.

6. කෝදණ්ඩ අපලය

ගුරුගේ රාශි වන ධනු රාශිය හෝ මීන රාශිය හරහා සෙනසුරු ගමන් කරන වසර දෙකහමාරක කාලයයි. හිර බන්ධන, නීති ප්‍රශ්න, සතුරු කරදර ඇතිවන කාලයකි.

7. පාචක අපලය

රාශි කේන්දරයේ රවි ග්‍රහයා ලැගුම්ගත් භාවය මතින් පාපී ග්‍රහයකු ගමන් කරන කාලයයි. එසේම එම පාපී ග්‍රහයාගේ දශාවක් හෝ අතුරු දශාවක් පැවැතීම වෙයි. අදාළ ග්‍රහයාට අනුව යෙදෙන භාවයට අනුව පීඩා ඇතිවෙයි.

8. භේදක අපලය

කිසියම් ග්‍රහයකුගේ දශාවක් ගෙවී යන විට එම මහ දශා අධිපතිට සතුරු ග්‍රහයකුගේ අතුරු දශාවක් ගෙවා යයි නම් භේදක අපලය වෙයි. ජන්මියාට විවිධාකාරයෙන් කටුක ජීවන අත්දැකීම්  ඇතිවෙයි.

9. ජිද්‍රක අපලය

කිසියම් ජන්ම පත්‍රයක මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන විට එම දශාවට අධිපති ලග්න කේන්දරයෙන් හෝ චන්ද්‍ර කේන්දරයෙන්01,04,07,10 යන භාවයක කේන්ද්‍රගත වේ නම් එය  ජිද්‍රක අපලයයි. එහි ප්‍රතිඵල ලෙස තමා සතු ධනය, බලය, කීර්තිය විනාශ වේ. තත්ත්වයෙන් පහළ වැටීම, නින්දා අපහාසවලට ලක්වීමට මෙම කාලය  තුළ සිදුවේ.

10. වේදක අපලය

කිසියම් වූ ජන්ම පත්‍රයක මහ දශාවක් හෝ අතුරු දශාවක්හි අධිපතියකු උපතින්ම ලැගුම්ගත් භාවය මතින් පාපියකු ගෝචර වීම සිදුවන කාලයකි. විරුද්ධවාදීන් ඇතිවීම, තම ගෞරවයට  කීර්තිනාමයට හානි සිදුවන කාලයක් වෙයි.

11. කර්ම ගුරු අපලය

කිසියම් ජන්ම පත්‍රයක උපතින්ම සඳු ලැගුම්ගත් රාශිය මතින් ගුරු ගමන් කරන වසරක කාලයයි. මානසික පීඩා ඇතිවීම, කොලෙස්ට්‍රෝල් ඇතිවීම වැනි රෝග පීඩා, ශරීරය ස්ථුල වීම, චිත්ත  විශාදය ආදිය ඇතිවීම්වලට ලක්වේ.

12. සකට යෝගය

උත්පත්ති ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයාගෙන්06,08,12, යන භාවයක ගුරු තැන්පත් වී සිටීම සකට යෝගයයි. සකට යෝගය පවතින කාලයක ඒරාෂ්ටකයක්ද ඇති වූ විට කරන කියන කිසිම වැඩකින් ප්‍රතිඵල හීන වීමද, ව්‍යාපාර කටයුතු කරන අයට ව්‍යාපාර කටයුතු අඩාල වීමද, අධ්‍යාපනය ලබන දරුවකුට අධ්‍යාපනයේ දුර්වලතා, අලසභාවය, උනන්දුව හීන වීම, අන්‍යයන්ට විවිධ උවදුරු, පෙර ආත්මීය කුසල අකුසල කර්ම විපාක පලදීම, නෑදෑයන්ගේ, සමීපතමයන්ගේ, අසල්වාසීන්ගේ ප්‍රශ්න කරදර ඇතිවීම සිදුවේ. මෙම යෝගයේදී සඳුගෙන් ගුරුගෙන් යෙදෙන ආකාරය හා නවාංශක කේන්දර පිහිටීම්ද මනාව පරීක්ෂා කර බැලිය යුතුය.

සකට යෝගය ඇති අයට සැකය, තැතිගැනීම, චිත්ත විශාදය, භින්නෝන්මාදය, ආතතිය, මානසික පීඩා ඇතිවේ. මෙම තත්ත්වයන් ජන්ම පත්‍ර පරීක්ෂා කර නිසි අධ්‍යයනයකින් පසු පවතින  තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකර්ම කළ යුතුය.

දුගී අයට ආහාරපාන, ඇඳුම් පැලඳුම් පරිත්‍යාග කිරීම, දරු දැරියන් වෙනුවෙන් උපකාර කිරීම,ජලයේ සිටින මත්ස්‍යයන්ට ආහාර දීම,මැණික් ප්‍රතිකර්ම කිරීම,ග්‍රහ යන්ත්‍ර සකසා ගෙල පැලඳීම,

සෙත් කවි කීම, සෙත් ශාන්ති කිරීම,ග්‍රහ දෝෂ නිවාරණ පූජා පැවැත්වීම මෙන්ම මනස ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම තුළ ශක්තිමත් භාවය ඇති කරගත හැකිය.

 ජේ‍යාතිෂය වනාහි ස්වභාවධර්මයේ ඉතා සියුම්ව හා සූක්ෂ්ම විමසා බලන ඓශ්චර්යාත්මක විෂය න්‍යායකි.  ඔබත් ජීවන ගමනේ පීඩා අවහිරතා දැඩිව ඇති අයකු නම් මෙම ගැඹුරු  ධර්මතාව යථා ස්වරූපයෙන් හඳුනාගෙන ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට අඳුරු පටල ඉවත් කර ගැනීමට උත්සුක වන්න.

 

 

 

ජේ‍යාතිෂ්‍යවේදී ජනක පතිරණ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk