2022 මැයි 23 වැනි දින පැවැත්වෙන අ.පො.ස. සා.පෙළ විභාගය වෙනුවෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනයට මහා ගණපති පූජාවක්
ඔබගේ දරුවාගේ ධාරණ ශක්තිය වැඩි දියුණු කරගැනීමට, තීක්‍ෂණ ඥානය ලබාගෙන බුද්ධිමත් අයකු කරවීමට අෂ්ට ගණපති පූජාවක් පවත්වා ආශීර්වාදය ලබාගැනීම සඳහා බුධ ග්‍රහයාගේ ආකර්ෂණය බලවත් කරගැනීමට ගණපති දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට මෙම පූජාව කරන්න.
ඊසාන හෝ නැඟෙනහිර දිශාවට මේසයක් මත සුදු රෙද්දක් එළා ගණපති රූපයක් තබන්න. පිරිසුදු බන්දේසියක් මත බුලත් කොළ 21ක් අතුරා පලතුරු ජාති 8ක්, කැවිලි ජාති 8ක්, තැඹිලි ගෙඩියක්, උක්ගස් කෑල්ලක්, හොඳින් ඉදුණු කෝලිකුට්ටු ඇවරියක් සහිතව පූජාවක් සකසා ගණ දෙවි රූපයට ඊතන මාලයක් පලඳවා එළඟිතෙල් පහනක් දල්වා තමන්ගේ ආගම සිහිපත් කර ඉන්පසු කපුරු දල්වා ගණපති පූජාව පවත්වන්න.
පහත සඳහන් ගණපති ස්තෝත්‍ර පූජාව සඳහා භාවිත කරන්න.
තත් පුරුෂයාය විද්මහේ චක්‍රතුණ්ඩයාමි මහී තතෝ තර්පි ප්‍රබෝධයාත්:
ඕං ශ්‍රී බුද්ධි ගණපති නමඃ
ඕං ශ්‍රී නර්තන ගණපති නමඃ
ඕං ශ්‍රී වීර ගණපති නමඃ
ඕං ශ්‍රී ශක්ති ගණපති නමඃ
ඕං ශ්‍රී බාල ගණපති නමඃ
ඕං ශ්‍රී භූමි ගණපති නමඃ
ඕං ශ්‍රී භේරම්භ ගණපති නමඃ
ශ්‍රී අයියනායක මහා ගණපති නම:
මෙසේ කියමින් කපුරු දල්වන්න. පහන් දල්වා සුවඳ දුම් අල්ලන්න. කහ මල්, නෙලුම් මල්, සුදු මල් පූජා කරන්න. ඉහත අෂ්ට ගණපති වන්දනාව 03 වරක් හෝ 07 වරක් සජ්ඣායනා කරන්න.
ඉන්පසු
විග්නේශ්වරාය වරදාය සුරදියාය
ලම්බෝදරාය සකලාය ජගත්මිතාය
තාගාතතාය සෘතියඥ විභූෂිතාය
ගෞරි ප්‍රියාය ගණනාථ නමෝ නමස්සේ
මතක ශක්තිය වර්ධනයට
ඕං ගණනාත් ජය ගණනාත් ඕං විදසා ගණේෂාය නමෝ නමඃ 108 වරක් කීම යහපත්ය.
ගණපති දෙති නුවණ මිහිකත් රකිති මේ සරණදන්න මට
කනුවණ අසන් දෙවියනි මේ දේව සුබගන
චක්‍රතුණ්ඩ මහාකාය
සූර්යය කෝටි සමප්‍රභා
නිර්විග්නම් කුරුමේ දේව
සර්ව කාර්යයේසු සර්වදා
ගජවදන විචිත්‍රං
තීක්ෂණ දන්ත්‍ර ත්‍රිනේත්‍රං
බුහදුදර මහේෂං
භූත රූපං පුරාණං
අමරවර සුපුජ්ජසං
රක්ත වර්ණං සුරේසං
ගජපති සුක මිසං
විග්න රාජං නමාමි
සාදු සාදු සාදු ශ්‍රීමත් මහා ගනේෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස අති පාරිශුද්ධ සුබ වර්ණයන් මුළු ශ්‍රී ලංකා ධරණී තලය ඒකාලෝක කරමින් දස දිගත කීර්තිධාරා විහිදුවා හරිමින් හස්ති පෝතක සුන්දර චක්‍රයකින් මහා කරුණා මුහුර්තයෙන් ලොව පහළ වී සෘෂි ප්‍රවෘජ්ජාවෙන් හේමකූඨ ගිරි ශිඛරය පාමුල වැඩවාසය කරමින් සුර නර බඹ ඇතුළු සියලු ලෝකවාසීන්ට නැණ නුවණ දෙමින් බුද්ධිය වර්ධනය කරවා ඥාන ශක්තිය යථාවබෝධය තීක්ෂණ ඥානය ලබාදෙන ඔබවහන්සේ මාගේ දියණිය / පුතා ඉදිරිපත් වන අ.පො.ස. සා.පෙළ විභාගයෙන් උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට (දරුවාගේ නම) මතක ශක්තිය වඩවා ඥානය බුද්ධිය වඩවා දෙන සේක්වා. ඔබවහන්සේට පූජා කර තිබෙන මෙම පලවැල සහ පහන් පූජාවන් මල් සුවඳ දුම් පූජාවන් කැප භාරගන්නා සේක්වා. දරුවාගේ අනාගත කඩඉම සමත් වීමට උසස් අධ්‍යාපනයක් ලබා බුද්ධිමත් අයකු කර ගැනීමට ඔබවහන්සේගේ ආශීර්වාදය ලබාදෙන සේක්වා. ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබෝ වේවා.
අවසානයට කරණීයමෙත්ත සූත්‍රය කියා පින් දෙන්න