Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඉඩකඩම් සහ නිවාස සිහිනය සැබෑ කරන අසිරිමත් ග්‍රහයෝග

1 year ago 7 Min read
Subha.lk

විවාහක හෝ අවිවාහක සෑම අයෙක්ම තම ජීවිත කාලය තුළ ඉඩමක් නිවෙසක් නැත්නම් දේපළක් හිමිකර ගැනීමට මහත් ආසාවෙන් බලා සිටින අතර ඒ සඳහා ඉහළ පරිශ්‍රමයක් දරනු ලබයි. එහෙත් සෑම අයකුටම එම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකිවේ. ජේ‍යාතිෂයට අනුව මේ සඳහා ඔබගේ ජන්ම පත්‍රයේ ඉඩම් සහ නිවාසවල හිමිකාරිත්වය ලබාදෙන ග්‍රහ යෝග තිබිය යුතුවේ. යම් දේපළක් විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී නැත්නම්

නිවෙසක් ඉදිකිරීමේදී ජන්ම පත්‍රයක ධන යෝගවලට ප්‍රධානයෝගවලට අනුව දේපළක් හිමිකර ගැනීමේදී ඔබට දැරිය හැකි මුදල් ප්‍රමාණය, දේපළ ස්ථානගත වීම, එහි විශාලත්වය, පෙනුම මෙන්ම ගුණාත්මක බව තීරණවේ. එසේම කොපමණ දේපළ ප්‍රමාණයක් හිමිකරගත හැකිද යන්න පවා තීරණයවේ.

මේ අනුව ඔබ පළමුවෙන්ම කළ යුතු වන්නේ ජන්ම පත්‍රයේ ඇති ධන යෝග සහ ඒවා සක්‍රිය වන කාලය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමයි. ධන යෝග හඳුනා ගැනීමේදී ජන්ම පත්‍රයේ 2, 9 සහ 11 යන රාශි සහ ඒවායේ අධිපති ග්‍රහයන් මෙන්ම ඒවායේ සිටින ග්‍රහයන් කෙරෙහි අවධානය

යොමුකළ යුතුවේ. ඉන් පසුව ඔබට දේපළ ලබාදෙන ග්‍රහ පිහිටීම් සලකා බලමු. මෙහිදී ජන්ම පත්‍රයක 4 වැන්න ප්‍රධාන තැනක් හිමිවේ. ඊට අමතරව 1, 6, 8, 12, 10 යන රාශීන් සැලකිල්ලට ගතයුතුය. එසේම කුජ, ගුරු, සඳු, සිකුරු යන ග්‍රහයන්ගේ පිහිටීම හඳුනාගන්න. ජන්ම පත්‍රයේ මෙන්ම

ගෝචර කේන්දරයේ ග්‍රහ පිහිටීමද ඉඩම් සහ නිවාසවල හිමිකාරීත්වය ලැබීම කෙරෙහි බලපායි. ජන්ම පත්‍රයක 4 වැන්නෙන් ඉඩම්, නිවාස සහ දේපළ යන අංශ නියෝජනය වන අතර කුජ ග්‍රහයා භෞම ග්‍රහයකු බැවින් එම අංශය කුජ ග්‍රහයාට අයත්වේ. මේ නිසා කුජ දේපළ කාරක ග්‍රහයා ලෙස

හඳුන්වයි. යම් ජන්ම පත්‍රයක කුජ ග්‍රහයාගේ පිහිටීමට අනුව දේපළ හිමිකාරීත්වය තිරණය වේ. ශනි ග්‍රහයා කෘෂිකාර්මික ඉඩම් නියෝජනය කරන අතර සිකුරුගෙන් දේපළවල අලංකාර හෝ ආකර්ෂණීය බව තීරණය වේ. 4 වැන්නේ සිටින ග්‍රහයා මෙන්ම එහි අධිපති ග්‍රහයාද මෙහිදී වැදගත්වේ. එසේම 4ට දෘෂ්ටිය දක්වන ග්‍රහයන්ද හඳුනාගත යුතුය. නිවාස සහ දේපළවල හිමිකම් ලැබෙන ආකාරය පහත දැක්වේ.

– 4 අධිපති ග්‍රහයා පඨවි කාණ්ඩයට  අයත් නම් ඉතා පහසුවෙන් දේපළ  හිමිකරගත හැකිය.

– 4 අධිපති තේජෝ කාණ්ඩයට අයත්  නම් නිවාස හිමි වුවත් එය තුළ නිතරම අඬදබර ඇතිවේ.

– 4 අධිපති වායෝ කාණ්ඩයට අයත්වූ  විට නිතරම පදිංචිය වෙනස්වේ.

– 4 අධිපති ආපෝ කාණ්ඩයට අයත් නම් දේපළ අසල ජල මූලාශ්‍රයක් පවතී.

4 වැන්නේ සිටින ග්‍රහයන් අනුව

දේපළවල ස්වභාවය තීරණය වන ආකාරය පහත දැක්වේ.

– 4 සිටින්නේ බුධ නම් ලස්සන නිවෙසක් හිමිවේ.

– 4 සිටින්නේ සඳු නම් සෞභාග්‍යවත් නිවෙසක් හිමිවේ.

– 4  ගුරු නම් ලස්සන දෙමහල්  නිවෙසක් හිමිවේ.

– 4 ශනි හෝ රාහු නම් හිමිවන්නේ  පරණ නිවෙසකි.

– 4 සිකුරු සිටී නම් දර්ශනීය නිවසක් හිමිවේ.

– 4 වැන්නේ කේතු සහ කුජ නම් හිමිවන්නේ ගඩොලින් සෑදූ ශක්තිමත් නිවෙසකි.

– 4 වැන්නේ රවි සිටින විට හිමිවන්නේ තරමක කුඩා නිවෙසකි.

4 වැන්න දුර්වල වූ විට ජන්මියා නිතරම නිවාස මාරුකරමින් යන නැත්නම් කුලියට හෝ බදු පදනම මත නිවාස ලබාගන්නා අයකුවේ. එවැනි අය නිවාස මිලදී ගැනීමේදී බොහෝ විට වංචාවලට සහ නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බැවින් ප්‍රවේසම් විය යුතුවේ. ජන්ම පත්‍රයක 4 වැන්නේ ගුරු හෝ සිකුරු සිටින අය නිවාස ඉදිකරන්නෝ වෙති. කේතු සිටින විට වරින් වර දේපළවල හිමිකාරීත්වය වෙනස් විය හැකිය. එසේම එම

නිවෙස්වල ගිලා බැසීම් ඉරිතැළීම්, බිත්ති වෙන්වීම් යනාදිය සිදුවිය හැකිය. සමහරවිට කැඩී ඉදිරීයෑමට ඉඩ ඇත. නිවාසවල හිමිකාරීත්වය ගත්විට ජන්ම පත්‍රයක 10 වැන්නද වැදගත්වේ. ඊට හේතුව 10 වැන්නට 4 වැන්න පෙනෙන බැවිනි. නිදසුනක් ගත්විට කුජ ග්‍රහයා 10 වැන්නේ උච්ච වී 4 දකින විට ජන්මියාට නිවාස දේපළවල හිමිකාරීත්වය ලැබේ.

ගෝචර කේන්දරය ගත්විට ලග්නයේ සිට හෝ ජන්ම රාශියේ සිට 10 වැන්නේ කුජ මෙන්ම රවි ග්‍රහයා ගමන් කරන විට එය නිවාස මිලදී ගැනීමට හෝ විකිණීමට යහපත් කාලයවේ. ශනි ග්‍රහයා 4 හෝ 10 හරහා ගමන් කරන කාලවලදී බොහෝ අය නිවාස ප්‍රතිසංස්කරණය කරන අතර එසේත් නැත්නම් එය විකුණා වෙනත් තැනක දේපළ මිලදී ගනී. බොහෝ විට 4 හරහා කේතු ගමන් කරන කාලයේදී මෙය සිදුවිය හැකිය. ගුරු 4 ගමන්

කරන විට ප්‍රමාණයෙන් විශාල නිවෙසක හිමිකාරීත්වය ලැබේ. ගුරු නිතරම නිවැසියන්ට පී්‍රතිය ගෙනදෙන ග්‍රහයාවේ. එසේම ගුරු දේපළ මිලදී ගැනීමේදී සාධාරණ සහ හොඳ මිලක් ලබාදෙයි. නිවාස දේපළ මිලදී ගැනීමේදී සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් වඩාත් සුදුසුය.

අනෙක් දිනවලදී නම් කරදර බාධකවලට මුහුණපෑමට සිදුවේ. යම් හෙයකින් 4 අධිපති ජන්ම පත්‍රයක 6, 8 සහ 12 යන දුෂ්ට ස්ථානවල සිටින විට නායයෑම්, ජලගැලීම් සහ ගිනි ගැනීම් යනාදියෙන් දේපළ විනාස වීම හෝ එහි අයිතිය අහිමි වීම සිදුවිය හැකිය. ග්‍රහ ගෝචරයේදී ශනි ගුරු යන ග්‍රහයන් 3 සිටියදී කුජ දකී නම් දේපළ අහිමි වීමට ඉඩ ඇත. දේපළ මිලදී ගැනීමට හෝ විකිණීමට සුදුසු කාලය ගත්විට 4, 11 සහ 12 යන රාශිවල අධිපති

ග්‍රහයන්ගේ මහ දශා සහ අතුරු දශා කාල මූලිකවේ. යම් හෙයකින් 4 අධිපති ග්‍රහයා 8 සිටින විට උරුම හිමිකම් දේපළ සහ නිවාස පවා අහිමි වීම සිදුවිය හැකිය. ණය මුදලකට දේපළ මිලදී ගැනීමේදී ජන්ම පත්‍රයේ 4, 6, 11 සහ 12 යන රාශිවලට අවධානය යොමුකළ යුතුය. ඉඩම් මිලදී ගැනීමේදී යහපත් කාලවකවානු නිර්ණය කර ගැනීමට 4, 11 සහ 12 යන රාශිවලට අදාළ මහ දශා සහ අතුරු දශා කාල සැලකිල්ලට ගත යුතුය.

දේපළවල හිමිකාරිත්වය ලබාදෙන විශේෂිත ග්‍රහයෝග:

– යම් ජන්ම පත්‍රයක ලග්නාධිපති      විසින් 4 දැකීමත් නැත්නම් 4 අධිපති විසින් ලග්නාධිපති දැකීමත් දේපළවල හිමිකාරීත්වය ලැබීමට හේතුවේ.

– 4 වැන්න සහ එහි අධිපතිට ලග්නාධිපති දෘෂ්ටිගතවීම සහ ශුභ ග්‍රහයන් දෙදෙනකු විසින් දැකීම ඇත්නම් නව නිවෙසක හිමිකරුවේ.

– 4 අධිපති 2 සිටීම සහ 5, 9 සහ  10 අධිපතින් විසින් දැකීමද දේපළ හිමිකාරිත්වය ලබාදෙයි

– 4 අධිපති ග්‍රහයා කුජ ශනි හෝ සිකුරු යන ග්‍රහයන් සමඟ සම්බන්ධ වීමද නිවෙසක හිමිකාරිත්වය ලැබීමට හේතුවේ.

– 4 අධිපති සහ ලග්නාධිපති ශුභ රාශියක පිහිටීමද  ගේ‍ෙදාර ඉඩකඩම් ලබාදෙයි.

– 4 අධිපති ග්‍රහයා නවාංශකයේදී ස්වක්ෂේත්‍ර හෝ උච්චව පිහිටීමද දේපළ හිමිකාරීත්වය ලැබීමට හේතුවේ.

– යම් ජන්ම පත්‍රයක සස යෝගය, ගජ කේශරී යෝගය, මහාභාග්‍යා වැනි යෝග පැවතීමද ඉඩකඩම් දේපළවල

   හිමිකාරීත්වය ලැබීමට හේතුවේ.

– යම් ජන්ම පත්‍රයක කේන්දර සහ  ත්‍රිකෝණ රාශි අධිපතින් 4 වැන්නට සම්බන්ධ වීමද දේපළ හිමිකාරිත්වය ලබාදෙයි.

 

 

 

ටී. එම්. කුලරත්න

මනෝවිද්‍යා – ව්‍යාපාර සහ

ජේ‍යාතිෂ උපදේශක

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk