Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කතුන්ට දරුපල අහිමි කරන කළු කුමාරයා මට්ටු කරන්න බලගතු යන්ත්‍රයක්

1 year ago 7 Min read
Subha.lk

මෙලොව ජීවත්වීමේදී අපට මුහුණදීමට සිදුවන බාධක එමටයි. ඒ අතර අපට නොපෙනෙන අමනුෂ්‍ය බලවේගයන්ද ඔවුන්ද ගෙන එන කරදර හිරිහැරද වෙයි. බොහෝවිට මෙම බලවේගයන්වලට මුහුණදීමට සිදුවන්නේ වනිතා පක්ෂයටයි. පිටිසර පළාත්බද තරුණියන් වැඩි වශයෙන් මෙම බලවේගයන්ට ගොදුරු වේ. සමහර දැරියන් මල්වර වූ විට තනිකම්

‍ෙදා්ෂවලට ලක්වේ. තවත් සමහරු සවස් යෑමයේ ගොම්මන් වේලාවන්වල ඇළ, ‍ෙදාළ, ගංගා, වැව්, අමුණුවලට දිය නෑමට යෑමේදී ද මස් මාංස පුලුටු වර්ග අනුභවයෙන්ද මෙම ‍ෙදා්ෂවලට මුහුණ දීමට සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන්ට කළු මිනිසුන්, කළු බල්ලන් සිහිනෙන් පෙනීම, සිහිනෙන් මස් කැවීම, බිය කරවීම, ස්වාමිපුරුෂයන් මෙන් ළඟ සැතපීම, දරුපල අහිමි කරවීම, ගබ්සා කිරීම වැනි ‍ෙදා්ෂවලින් පෙළීම සිදු වේ. මෙම ‍ෙදා්ෂවලට කළු යකාගේ ‍ෙදා්ෂ, කළු කුමාර ‍ෙදා්ෂ යනුවෙන් හ¾දුන්වයි. මේ ‍ෙදා්ෂ නිවාරණය කර ගැනීම සඳහා මෙහි පෙනෙන යන්ත්‍රය ඉතාමත් සුබපල උදා කරයි.

කිලිහරණ මන්ත්‍රය - 

(මෙය ජප ආරම්භයට පෙර මතුරන්න)

 ඕං නමෝ නන්දාපති බිසවුන් වහන්සේ ප්‍රසූතියට විලි හටගත් තැනේදී වින්නඹු අම්මා නැතේ කී තැනේදී පත්තිනි දෙවියෝ එරන් මිණි සලඹ එරන් සපුගහ උඩ තියා එදා ඒ කිලිගෙදරට වැඩිය ආඥාවෙන් ආනුභාවයෙන් වැදූ කිලි දහසක්, මරණ කිලි දහසක්, මසින් මස කිලි දහසක් මාගේ යන්ත්‍රයට මන්ත්‍රයට මටද කිලි නැතිය. (108 වරයි)

ජපය:-

 ඕං නම නම කාලී ඉරික් කුඩායුම් ඉරින්ද කොණ්ඩායුම් සුරුකා වානේ ක්‍රාඩි කෝළුසුම් ඉක්කවානේ තේවරකානුම් කෛඋලීවානේ  ඕඩිවා යන්ත්‍රකාලියේ දිෂ්ටි වාවා උරින්දු උන්ඩුම් සිවක්කාලී සිවා නික්තුල් පුරන්ද පුඩියේල්යන්ත්‍ර දිෂ්ටි කාලි සිව කාම පේසානි මාරුනානී නයිර ඔන්ඩුම් පුඩියුම් යන්ත්‍ර දිෂ්ටි වර වර සිව මෙත්තානෙ කයි උර්ල වාවා උරූන්දු පෝනුම් ඉරි සත්ති ආනෙ දේව ගිනි වාවා ඡෙවි තෝඩු තාමා ඉරං ශ්‍රී පත්‍ර කාලියේ යන්ත්‍ර දිෂ්ටි වර වර නම– (1000 වරයි)

දිෂ්ටිය:-

 ඕං ශ්‍රී රාම ඊශ්වර බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර සුරේන්ද්‍ර සර්ව දිෂ්ටි වාවා නව නාථ නවග්‍රහ දිෂ්ටි වාවා ශ්‍රී විෂ්ණු නාරායනේ වාවා දේව රජ්ජුරු හනුමා වෙස මුනිපත්‍රකාලී මල් බණ්ඩාර වීර මුණ්ඩ ශුද්ධ කම්බිලි උඩයක් ඉරලා මෝහිනී දිෂ්ටි වාවා, ආ ඝෝර මධුර මාල සිලම්බරි ඉර සඳ භූමි දේවි දිෂ්ටි වාවා, කල්ලු කාබේරි සරස්වතී ජලමේඝකාලි ශ්‍රී දේවි අංජන කුමාරි දිෂ්ටි වාවා රතිකාම මල් මදන වටුක පිල්ලි සූනියන් යක්ෂයා දිෂ්ටි වාවා සෑම දෙමළ භාෂා යක්ෂ යක්ෂණියෝ දිෂ්ටි වාවා අහස පොළව හිමාල පර්වත ගස් ගල් වෙවුල්වා වර වර සර්ව යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අ¾දුන් ස¾දුන් ජීව දිෂ්ටි වර වර නම: (324)

ප්‍රාණ මන්ත්‍රය: - 

මෙය දිෂ්ටි මන්ත්‍රයට පසුව මතුරන්න.

 ඕං ශ්‍රී අං කං ලං යං කං ෂං ස්වයං හ්‍රී කං  ඕං නම: (324 වරයි)

පුට මන්ත්‍රය - 

 ඕං සදුන් මල් දේවතාවා අහස බැලීය. අහස මතුරන්නේය. පොළොව බැලීය. පොළොව මතුරන්නේය. මුහුද බැලීය. මුහුද මතුරන්නේය. සක්වළ බැලීය. සක්වළ මතුරන්නේය. අදත් ඒ යන්ත්‍ර දේවීන් වහන්සේ පුටකර මතුලෙමි. ඒ ආඥාවෙන් ආනුභාවෙන් අදත් මේ යන්ත්‍ර පුට පුට ඒස්වාහ: (324 වරයි)

පලිප්පු මන්ත්‍රය

 ඕං ශර ගුරුළු මන්ත්‍රකාලි පලිප්පු ශර ගුරුළු යන්ත්‍රකාලී පලිප්පු ජීව ප්‍රාණ අං අ– වර වර පලිප්පු දේව තා වී දිෂ්ටි ලා වර සිද්ධ වර සිද්ධි ප්‍රාණ වර නම– (324 වරයි)

සාදා ගන්නා අයුරු —

අඟල්11/2” ×41/2” තඹ පතක අවශ්‍ය අයගේ නැකැතට සීහෙන නැකැත් බලා ශුභ හෝරාවකින් යන්ත්‍රයේ ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳ ගන්න. ඉන් පසු ශුභ දිනයක ශුභ හෝරාවකින් පිරිසුදු කාමරයක කහ දියර ඉස පූජාසනයක් සාදා එහි කැවිලි වර්ග05, පලතුරු වර්ග05, කෙසෙල් ඇවරියක්, පුලුටු වර්ග05ක්, තැඹිලි ගෙඩියක් පූජා වශයෙන් තබා තමා නා පිරිසුදු වී බුදුන් සරණ ගොස් යන්ත්‍රයේ වැඩ ආරම්භ කරන්න. එක දිගටම යන්ත්‍රයේ වැඩ අවසන් කර ශුභ දිනයකදී ශුභ හෝරාවකින් තමන්ගේ නැකැතට ක්ෂේම නැකැතක් යෙදෙන දිනයකදී යන්ත්‍රය පැලඳගන්න.

 

 

 

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk