ලපේ තියෙන තැන අනුව පලාපල බලමුද?

ඔබ මෙලොවට බිහිවන විට ශරීරයේ මොනයම් ස්ථානයක හෝ ලපයක්, කැළලක් වෙනස්කමක් ඇසට නොපෙනෙන පරිදි පිහිටා තිබිය හැකිය. එම පිහිටීම අනුව අනාගත වාසනාව, අවාසනාව දැන ගන්න.
හිසේ: හිසේ මුදුන කොටසේ පිහිටා තිබුණොත් ඔහු හෝ ඇය ජනතාවගේ ගෞරවයට ලක්වන ජන ප්‍රධානියෙක් වන්නේය.
නළලේ: නළලේ මැද ලපයක් උපතින් පිහිටා තිබුණොත් සියලු සැප අත්හැර ජීවිතය ගැන කලකිරී දැහැමි මහණ ජීවිතයකට ඇතුළත්වී ධර්මයෙන් ප්‍රසිද්ධ වන්නේය.
ඇහිබැමේ: ආඩම්බරකමත්, උද්ධච්චකමත් දෙකම පවතින හිතුවක්කාර විවාහ ජීවිතයකට ඇතුළත් වන අයෙකි.
කනේ: වැඩි ඉගෙනීමක් නොලබන අයෙකි. නමුත් විවිධ අංශවලින් ධනය උපයා ගන්නා දක්‍ෂ අයෙකි. නෑදෑයන් සතුරුවේ. කෙසේ නමුත් නිතර ධනය විනාශ වේ.
ඇස අවට හා කබවළ: නිතර ග්‍රහ අපලවලින් දුක්විඳී. දුප්පත් ජීවිතයක් ගත කිරීමට සැමදා සිදුවේ.
කම්මුලේ: උපතේදී ස්ත්‍රියකගේ දකුණු පැත්තේ කම්මුලේ ලපයක් තිබුණොත් තිබෙන සම්පත්, ධනය විනාශවී දිළිඳු බවට පත්වේ. පුරුෂයකුගේ වම් පැත්තේ කම්මුලේ ලපයක් තිබුණොත් සියලු සම්පත් විනාශ වී දුප්පත් වේ. ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයටම තදබල සෙම් රෝගයක් හට ගනී.
නාසය උඩ: හොර බොරු නැති යුතුකම් සලකන සාමාන්‍ය ධනයක් ඇති ස්ත්‍රීන් හෝ පුරුෂයන් වන්නේය.
නාසය ළඟ: ස්ත්‍රීන්ගේ නාසය ආශි්‍රතව ලපයක් වේ නම් සිත් ඇදගන්නා යහපත් අයෙකි. පුරුෂයන්ගේ එසේ තිබුණොත් නරක ගතිගුණ ඇති අයෙකි.
උඩුතොලේ: ස්ත්‍රියකගේ උඩුතොලේ දකුණු කොනේ ලපයක් පිහිටියේ නම් විවාහය කඩාකප්පල් වන්නේය. වම් කෙළවරේ තිබුණොත් යහපත්වේ. පුරුෂයන්ගේ වම් කෙළවරේ තිබුණොත් දිළිඳු බවට පත්වේ. දකුණේ නම් දියුණුව ගෙන දෙයි.
යටි තොලේ: පුරුෂයන්ගේ යටිතොලෙහි ලපයක් පවතී නම් ඔහු කඩිසර වැඩටද දක්‍ෂ අයෙකි. ස්ත්‍රීන්ගේ එම ස්ථානයේම තිබුණොත් කටහැකර කේළාම් කීමට දක්‍ෂ අයෙකි.
නිකටේ: ස්ත්‍රීන්ගේ නිකටෙහි ලපයක් තිබේ නම් අවිවාහකව සිටීමට සිදුවේ. පිරිමින්ගේ තිබුණොත් ළාමක ගතිගුණ ඇති දිළිඳු අයෙකි.
බෙල්ලේ: ස්ත්‍රීන්ගේත්, පුරුෂයන්ගේත් බෙල්ලේ උපන් ලපය තිබේ නම් සල්ලාල ගතියකින් යුතුව සෙල්ලම් ජීවිතයක් ගත කරන්නේය.
උරහිසේ: ස්ත්‍රීන් හා පුරුෂයන් වෙහෙස මහන්සිවී ධනය රැස් කළත් උරහිසේ ලපයක් තිබේ නම් ඒවා විනාශවී යන්නේ ඇසුරු කරන අය නිසාය.
බාහුවේ: ස්ත්‍රියකගේ හෝ පුරුෂයන්ගේ අත් බාහුවේ ලපයක් තිබේ නම් සතුරන් මැඬගෙන ගමෙන් පිටවී විදේශ රටක උසස් ජීවිතයක් ගත කිරීමට හැකිවේ.
අතේ: ස්ත්‍රීන්ගේ වම් අතේ ලපයක් තිබේ නම් අනාගතය දියුණු වන ලකුණකි. පුරුෂයන්ගේ දකුණු අතේ ලපයක් තිබේ නම් අනාගතය ඉතා හොඳ දියුණුවක් ලබන බවට සලකුණකි.
පපුවේ: ස්ත්‍රීන්ගේත් පුරුෂයන්ගේත් පපුවේ ලපයක් පිහිටියේ නම් එඩිතර හිතක් ඇති සුළු දේටත් කිපෙන අය වන්නේය.
තනේ: ස්ත්‍රීන්ගේ තනේ ලපයක් තිබේ නම් ස්වාමිපුරුෂයාට සෙනෙහස තිබුණත් නොසෑහෙන වද දීමක් සිදුවන්නේය. ධනය නැති කරන්නේය. අඩු ආයුෂක් ස්ත්‍රීන්ට ඇත.
ඇලපතේ: මුළු ජීවිත කාලයම වැඩි වශයෙන් ඇත්තේ දුකමය. සිතට සැනසීම නැත. කෙසේ නමුත් මෙවැනි ස්ත්‍රීන් හා පුරුෂයන් දෙගොල්ලම එඩිතර සිතක් ඇති අයුක්තියට හිස නොනමන අයයි.
බඩේ: ස්ත්‍රීන්ගේත්, පුරුෂයන්ගේත් බඩේ ලපයක් කුඩා කල සිටම පවතී නම් අධ්‍යාපන කටයුතු අතරමඟ අවුල් වී යන අතර පසුව තරුණ වියේදී ධනය සෙවීමට උත්සාහ ගන්නා අයෙක්වී වෙළෙ¼දාමේ දක්‍ෂයෙක් වන්නේය.
පිට කොන්දේ: මෙහි කොඳුඇට උඩ ලපයක් තිබේ නම් ඉතා අවාසනාවන්ත වේ. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම මේ තත්ත්වය උදාවේ. රෝග සෑදී සිරුර දුර්වලවේ. වතුපිටි දේපළ විනාශ වේ. අනුන් සන්තක වේ. අනුන්ගේ ස්ථානයක ජීවත්වීමට සිදුවේ.
පිටේ: ස්ත්‍රීන්ගේ හා පිරිමින්ගේ පිටේ ලපයක් තිබේ නම් නිතර පිනට ළැදිව කටයුතු කරන සතුටින් සිටින අය වන්නේය. හොඳින් ජීවත්වීමට උත්සාහ ගන්නා අයයි.
අල්ලේ: ස්ත්‍රීන්ගේ වම් අතේ අල්ලේ ලපයක් ඇතිනම් ගුණයහපත් අයෙකි. සමාජීය කටයුවලදී මුල් තැන හිමිවේ. දකුණු අල්ලේ තිබුණොත් නිදන්ගත රෝගයකින් ශරීරය දිරාපත්වේ. පිරිමින්ගේ වම් අතේ අල්ලේ තිබුණොත් දරුණු පුද්ගලයෙකි. දකුණු අල්ලේ තිබුණොත් උසස් යහපත් පුද්ගලයෙකි.
ඇඟිලිවල: ස්ත්‍රී පුරුෂ සියලු දෙනාගේම අත් දෙකේ ඇඟිලිවල ලප තිබුණොත් කඩිසර ඉක්මන් අය වන්නේය. නමුත් දියුණුවක් ලැබීම අපහසුය.
යටි බඩේ: ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයේම යටි බඩේ ලපයක් තිබේ නම් හිටි අඩියේ ධනවත් වෙන ලකුණකි. දීමට කැමැති සමාජයට හොඳම අයෙකි.
ලිංගයේ: කාමාධික පුරුෂයෝය. යහපත් ගුණ ඇත. නමුත් එය ක්‍ෂණිකව වෙනස් වේ. පපුවේ රෝග හටගනී.
තට්ටමේ: පුරුෂයන්ගේත්, ස්ත්‍රීන්ගේත් තට්ටමේ ලපයක් තිබුණොත් එම පුරුෂයෝත්, ස්ත්‍රීනුත් දුදනෝ ඇසුරු නොකරති. කපටිකම්ද නැත. හිසෙහි තට්ටය පෑදෙන රෝගයක් හටගනී.
කලවේ: ස්ත්‍රීන්ගේ දකුණු කලවේ ලපයක් තිබුණොත් සල්ලාල ස්ත්‍රියකි. වම් කලවේ තිබේ නම් යහපත් ස්ත්‍රියකි. පුරුෂයන්ගේ දකුණු කලවේ නම් යහපත් අයෙකි.
කකුලේ: ස්ත්‍රීන්ගේත් පුරුෂයන්ගේත් කකුලක කිනම් ස්ථානයක හෝ ලපයක් උපතින්ම පිහිටියොත් ශරීරගත ලේ කිපීම නිසා සම පිට රෝග නිතර ඇතිවීමේ සලකුණකි. ඒ අනුව ජීවිතයද දුක් කරදර නිතරම ඇති වන්නේය.
ඔන්න ඔහොමයි ස්ත්‍රී පුරුෂ අප දෙගොල්ලගේම මෙම ශරීරයේ කොහේ හෝ ලපයක් තිබේ නම් එහි පලාපලය. ජීවිතේ හැටි ඔහොම තමා.
මා හට මේ විස්තර ටික ලැබුණේ පැරැණි පොත් අතරින් ශත 25ක් වැනි මුදලකට අලෙවි මිල සඳහන් උගත් කතුතුමකු විසින් ලියන ලද පොතක ඇසුරෙනි. ඒ උතුමාට පින්. කතුතුමාගේ නම සඳහන් නැත. පොත්හලත් පැහැදිලි නැත.
ජේයාතිර්වේදී ජේ. ගුණපාල
Advertisements


