Blogs - Subha.lk
Subha.lk Menu
Log in Register

බුද පරදා සෙනසුරු ජය ගනී

1 year ago 7 Min read
Subha.lk

සූර්ය මස මකර රවි දහනමය භාගයක් වූ චන්ද්‍ර මස දුරුතු අව ජලවක තිථියලත් බුද දින2024/02/28 රාත්‍රී8.39 ට බුද ශනි අතර ග්‍රහ යුද්ධයෙන් ඥාණකාර බුද පරාජයට පත් කරමින් දුකට මෙන්ම පිඩිත ජනතාවට අධිපති ශනි ජය හිමිකර ගනී. ග්‍රහ යුද්ධය සිදු වනුයේ කුජට අයත් සිත නැකත තුළය. සිත නැකත වනාහි ශ්වේත වර්ණ ස්ත්‍රී ලිංග තේජෝ භූත තාරකා එකකින් යුත්  නැකතකි.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මේ සිදු වනුයේ ලග්න ගතවය. ඒ අනුව ජනතාවට යම් යම් සහන ලැබීමට හැකි කාලයක්. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු වීමක් ද පෙන්නුම් කරයි. සෞඛ්‍ය ගැටලු ද නිරාකරණය වීමක් ද පෙනෙන්නට තිබෙන අතරම එම ක්ෂේත්‍රය තුළ ඉහළ පුටු මාරුවක් ද දැක ගත හැක. මේ මොහොත වන විට බුද හෝරාවත්, ගුරු පංචම කාල හෝරාවත්, කුජ ශුක්ෂම කාල හෝරාවත් යෙදී තිබුණි. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් කන්‍යා ලග්නයත් කටක නවාංශකයත් උදාව පවතී. මෙහිදී සඳු කේතු ලග්න ගතව ද පස්වැන්නේ කුජ  භාග්‍යස්ථානාධිපති වූ සිකුරු සමග සංයෝගව ඇත. හයවැන්නේ රවි, බුද, ශනි ද, හත්වැන්නේ රාහු ද, අටවැන්නේ බාධක මෙන්ම22 දෙර්කානාධිපති ද ගුරු ද විය. මෙසේ පඨවි භූතයට අයත් වන කන්‍යා රාශියේ ඇති වන ක්‍රියාවලිය නිසා රට තුළ විවිධ බාධක පැන නැගේ.

ඥාණකාරක බුදගේ පරාජය හේතු කොටගෙන කූට බුද්ධිය ක්‍රියාත්මක වන කාලයකි. එමෙන්ම ජනතාවගේ සිත් සතන් වෛරයට ද හේතුවන කාලයක් ද වේ. ආචාර්ය, මහාචාර්ය, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, ග්‍රන්ථ කර්තෘවරුන්ට අගුණ බවක් පෙනේ. කුඩා දරුවන්ට තවදුරටක් යහපත් බවක් නැත. කාලගුණික තත්ත්වයේ ක්ෂණික වෙනස්වීමක්, තත්කාල කේන්ද්‍රය තුළ මූල්‍යකාරක ගුරු 8 වැන්නේ සිටීම සිතන තරම් යහපතක් නැත. ඒ අතරම ආගමික ගැටුම්ද, ආගමික නායකයන් වහන්සේලාට යම් යම් කරදර හිරිහැර චෝදනා ඇති කරයි.

තත්කාල කේන්ද්‍ර සටහනට අනුව12 අධිපති මෙන්ම රාජ්‍යකාරක රවි6 වැන්නට යෑම තුළ රජය තුළ ගැටුම් ගැටලු පැන නැගේ. ගොවිජනතාවට ඉදිරියේදී යම් යම් සහන ලැබිය හැක. තැපැල් විදුලි සන්දේශ, තොරතුරු තාක්ෂණ යන අංශවල ගැටලු පැන නැගේ.

සියලු පොදු ජනතාව විහාර ආරාම ඇසුරු කරමින් ආගම දහමට මුල තැන දෙමින් සියලු සත්තවයන්ට මෙත්වඩා ආශිර්වාද කිරීමෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම පවතින බාධක වලින්  දුරලනු ලබයි.

 

 

 

 

බුද පරදා සෙනසුරු ජය ගනී

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk