මෙදා පාර අවුරුදු නැකැත් යක්කු ගස් යන වෙලාවට

මේ දිනවල 2024 වසරෙහි අවුරුදු චාරිත්‍රවල නිවැරදි බව පිළිබඳව විශාලකතිකාවතක් නිර්මාණය වී ඇත. අලුත්අවුරුදු නැකැත් නොසලකා හැර අලුත් අවුරුදු උදා තත්කාල කේන්දරය පිළිබඳව පමණක් සැලකුවද එතරම්ම සුබවාදී යමක් පැවැසිය නොහැකිය. එනම් අලුත් අවුරුදු උදා තත්කාල කේන්දරයට අනුව අලුත් අවුරුද්දෙන් පසුව එළැඹෙන සතිය තුළ ජල විපත්වලටද, දේපළ සම්බන්ධව අසුබ ආරංචිවලටද, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය සම්බන්ධ අසුබ ආරංචිවලටද ඉඩකඩ ඇත.
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ඇල්ලීමේ නැකැත පිහිටුවා ඇත්තේ 2024 වසරෙහි අප්‍රේල් 14 වැනිදා පෙ.ව. 00.06ටය. බැලූ බැල්මට එම නැකැත ප්‍රායෝගික නොවන බව පෙනේ. එයට හේතුව ගම්බද ඇතැම් ජනතාව අදටද මුල් වරට ගනුදෙනු කරන්නේ නොසිඳෙන ළිඳක් සමඟ වීමය. නමුත් රාත්‍රි කාලය තුළ දුරින් පිහිටි එවැනි ළිඳක් කරා යෑම අපහසුය. එමෙන්ම චාරිත්‍රානුකූලව අවුරුදු නැකැතට ආහාර ළිප තැබීමට ආදිය සිදු කරන්නේ එළිමහනේය. නමුත් වර්තමානයේ සොර සතුරු උපද්‍රව ආදිය නිසා එවැනි කටයුතුවලට බාධා ඇති විය හැකිය. තවද කුඩා දරුවන්ට නැකැත්චාරිත්‍ර යොදා ගැනීමද ප්‍රායෝගිකව අපහසු වනු ඇත. කෙසේ වෙතත් 2024 වසරෙහි අප්‍රේල් 13 වැනිදා රාත්‍රි කාලයෙහි රාත්‍රි 10.43 වන තෙක්ම රාහුකාලය පවතින නිසා ආහාර පිසීමේ නැකැත පිළියෙල කරන්නට සිදු වන්නේ රාත්‍රි 10.43න් පසුවය. තවදඇතැම් ජේයාතිෂ ලිපිවල දැක්වෙන ආකාරයට පුණ්‍ය කාලය මුළුල්ලේම “නොනගතය” නොපවතින අතර අවුරුදු උදාවට පෙර පවතින “පුණ්‍ය කාලයේ පූර්ව කොටස තුළ පමණක් “නොනගතය” පවතියි. එනම් අවුරුදු නැකැත් පිළියෙල කරන්නේ සමහර විට අවුරුදු දිනයේ උණුසුම මැකී යෑමට පෙර නැකැත් ලබාදීම සිදු කළ යුතු යැයි කල්පනා කළ බැවින් ප්‍රායෝගිකව ලබාදිය හැකි වේලාසනම නැකැත ලබා දුන්නේදැයි නොදනිමි. කෙසේ වෙතත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව මෙසේ කතිකාවතක් ඇති වීම ඵලදායක වන අතර ලබාදීඇති නැකැත වෙනුවට විකල්ප නැකැතක්ද ලබාදිය හැකි නම් එය වඩාත් අර්ථවත්වනු ඇත.
උපුටාගැනීමමව්බිම
Advertisements


