උසස් අධ්‍යාපනයට විෂය ධාරාව තෝරාගන්න ජන්ම පත්‍රය යොදා ගත්තොත් ඔබ දිනුම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයෙන් පසුව සිසුන් ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම වෘත්තීක කටයුතු සඳහා ගැළපෙන විෂය ධාරාවක් තෝරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන අතර බොහෝ විට නොගැළපෙන විෂය ධාරාවන් ඔස්සේ යෑමෙන් අසාර්ථක වන අවස්ථා දක්නටඇත. සෑම අයකුගේම සහජ දක්ෂතා ජන්ම පත්‍රයේ පවතින ග්‍රහ පිහිටීම්තුළින් හඳුනා ගත හැකි අතරඊට ගැළපෙන විෂය ධාරාවක් ඔස්සේ අධ්‍යයන කටයුතු කිරීමෙන් අධ්‍යාපනික ඉලක්ක පහසුවෙන් සපුරා ගත හැකිය. මෙමලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම විධි ක්‍රම පිළිබඳව අවබෝධයක්
ලබාදීමයි. මෙහිදී මුලින්ම ජන්ම පත්‍රයේ 5 වැනි රාශිය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතරඑමඟින් ප්‍රකාශ වන්නේතේරුම් ගැනීම, බුද්ධිය සහ විඥානයයි. එසේම 5 වැන්නෙන් පෙර භවයන්වලදී කරන ලද පුණ්‍යකර්මහේතුකොට ගෙන ලැබී ඇති බුද්ධිය සහ අධ්‍යයනකටයුතු සඳහා දක්වන දක්ෂතාව ප්‍රකාශ වේ. ඊට අමතරව සහජ බුද්ධිය, චිත්ත ස්වභාවය, විචක්ෂණශීලී බව, දුර දක්නා නුවණ යන කරුණුද ප්‍රකාශ වේ. මෙහිදී 5ට අමතරව
ජන්මපත්‍රයේ 2 වන සහ 4 වනමෙන්ම 9 වන රාශියද සැලකිල්ලටගත යුතුය. 2 වැන්නෙන් ඉගෙනීම, ප්‍රාථමික අධ්‍යාපනය, වාග් චාතුර්ය සහ ප්‍රවේණිගතකුසලතාවන් නිවේදනය කරන අතර 9න් කියැවෙන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති වාසනා ගුණය සහ උසස් අධ්‍යාපනයට යොමු වීමට ඇති හැකියාවයි. 4 වැන්නෙන් ප්‍රකාශවන්නේ ජයපරාජය සහ පලදීමයි.
රාශිචක්‍රයේ එක් එක් ග්‍රහයන්ට අයත්වනවිෂය ක්‍ෂේත්‍රපහත දැක්වේ.
රවිග්‍රහයාට අයත් විෂයයන් :- ගණිතය, වෛද්‍ය විද්‍යාත්මකදැනුම, ආයුර්වේදය, තාරකා විද්‍යාව සංඛ්‍යානය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව.
සඳුග්‍රහයාට අයත් විෂයයන් :- ලලිත කලා, සංගීතය, නැටුම්, මනෝ විද්‍යාව, රසායන විද්‍යාව, ජීව රසායනය, ඔෟෂධවේදය, හෝටල් කළමනාකරණය, හෙදකම, ජීව විද්‍යාව, රසායනික ඉන්නේරු විද්‍යාව, ජීව තාක්ෂණය.
කුජග්‍රහයාට අයත් විෂයයන් :- ඉන්ජිනේරු විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සිවිල් සහ යාන්ත්‍රිකඉන්ජිනේරු විෂයයන්, සන්නිවේදනයට අදාළ විෂයයන්.
බුධග්‍රහයාට අයත් විෂයයන් :- පත්‍ර කලාව, රංගනශිල්පය, ගණකාධිකරණය, පුස්තකාල, විද්‍යාව, වෙළෙඳ සහ වාණිජ කටයුතුසම්බන්ධ විෂයයන්, සන්නිවේදනයට අදාළ විෂයයන්.
ගුරුග්‍රහයාට අයත් විෂයයන් :- සම්භාව්‍ය සාහිත්‍ය, ජේයාතිෂය, දර්ශනය, ඉතිහාසය, කළමනාකරණය, ආර්ථික විද්‍යාව, නීතිය, සත්ත්ව විද්‍යාව.
සිකුරුග්‍රහයාට අයත් විෂයයන් :- ලලිත කලා, සංගීතය, උද්භිද විද්‍යාව, උද්‍යාන විද්‍යාව, නැටුම් මෝස්තර ශිල්පය, සංචාරක කර්මාන්තයට අයත් විෂයයන්, ගුවන් නියමු ශිල්පය, ග්‍රැෆික්.
ශනිග්‍රහයාට අයත් විෂයයන් :- ඉතිහාසය, පුරාවිද්‍යාව, භූ විද්‍යාව, භූ ගෝල විද්‍යාව, නීතිය, සිවිල් ඉන්ජිනේරු විද්‍යාව.
රාහුසහ කේතුට අයත් විෂයයන් :- චිත්‍රපට කලාව, ගගනගාමී ඉන්ජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව, විදේශ භාෂාවන්, රොබෝ තාක්ෂණය, මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව.
මින්පසුව කළ යුතු වන්නේග්‍රහයන්ගේ බලය හඳුනා ගැනීමයි. අවධානය යොමු කරන ලද රාශිවලට අයත්ග්‍රහයන්ගේ ග්‍රහ බලයපහත දැක්වෙන කරුණුවලට අනුව තීරණය කළ හැකි අතරවැඩිම බලයක් සහිත ග්‍රහයා හඳුනාගෙන ඊට අනුකූලව අධ්‍යයන කටයුතු සඳහා ගැළපෙන විෂය ධාරාව තීරණය කළ හැකිය. මීටඅමතරව විෂය ධාරාවන් හඳුනා ගැනීමේදී ජන්ම නැකැතට අදාළ විෂයයන් කෙරෙහිද අවධානය යොමු කරන්න.
අදාළ ග්‍රහයන් උච්චව සිටීද යන්න
එම ග්‍රහයන් ස්වක්‍ෂේත්‍රව සිටීද යන්න
අදාළ ග්‍රහයන් වෙත ලැබෙන ශුභ
ග්‍රහ දෘෂ්ටිය
ග්‍රහයන්ගේ විමිසෝපකාර බලය
අදාළග්‍රහයන් ලග්නාධිපති නැත්නම් යෝගකාරකද යන්න
අදාළග්‍රහයන් ශුභ ග්‍රහයන් සමඟදක්වන ග්‍රහ සංයෝගයන්
අදාළග්‍රහයන් ලග්නය 2 වැන්න 4 සහ 5 වැන්න, 9 වැන්න සහ 10 වැන්න සමඟ දක්වන සම්බන්ධතාවය
ආදී මේ සියලු දේ ඔබගේ ජන්මපත්‍රයට අනුව සොයා බලා ආදාල විෂයන් තෝරාගැනීම තුලින් ඔබ යන මාවත ,ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකියාවක්පවතින බව මගේ මතයයි ..
උපුටාගැනීම මව්බිම
Advertisements


