අත බලලා ඇඟේ තියෙන ලෙඩේ ගැන කියන අනාවැකි

ආරෝග්‍යා පරමාලාභා යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. වර්තමාන සමාජය තුළ අලුතින් විවිධාකාර රෝගයන් බිහි වී ඇත. අෑත අතීතයේ අපේ මුතුන් මිත්තන් නිදුක්ව නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වූ බව අතීතය දෙස බැලීමේදී පෙනී යයි. වර්තමාන සමාජය තුළ සොයා ගත නොහැකි විවිධාකාර රෝග බිහි වීමට හේතු වී ඇත්තේ වස විසවලින් යුත් ආහාරපාන ගැනීම නිසා බව ඒ පිළිබඳව පරීක්ෂණයන් කළ විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ඇදුම රෝගයට බලපාන හේතු මොනවාද? හෘදය රේඛාව හා ශීර්ෂය රේඛාව ඉතා ළං වීම හා එම රේඛාවන් ඉතා දුබලව පිහිටීමද ඇදුම වැනි රෝග ඇති වීමට හේතුවේ. අංශභාගයට බලපාන හස්ත රේඛා සලකුණු මොනවාද? සුඛ හා ජීවන රේඛාව එකතුවන ස්ථානයේ දූපතකින් ආරම්භ වීම,
ජීවන රේඛාව ඉතා තුනී වීම හා හෘදය රේඛාව තුනීව ශනි මණ්ඩලය දක්වා ගමන් කිරීමෙන් අංශභාගය ඇති වන හස්ත රේඛා සලකුණුය. හෘදය රේඛාව රවි මණ්ඩලය යටදී කැඩී වෙන්වීම, රේඛාව තුනී වීමෙන් හෘද රෝග ඇති වන සලකුණුය. වෙදඟිල්ල මුල කළු ලප වැටීම, හෘදය රේඛාව රවි මණ්ඩලය තුළ කැඩීමද අක්ෂි රෝග ඇති වීමට හේතුයි. ශීර්ෂය රේඛාව ආරම්භයේ දූපත් සලකුණු ඇති වීම, එම රේඛා ඉතා කෙටිව දුබලව තිබීම හිසේ හා මොළයේ ආබාධ ඇතුළු මානසික රෝග ඇති වීමට හේතුයි. සඳු මණ්ඩලය ඕනෑවට වැඩිය ඉස්සී තිබීමත් දුබල ජීවන රේඛාවෙන් ශාඛාවන්
එම ස්ථානයට ගමන් කිරීමත් ආමවාත වැනි රෝගයන්ට ලක්කරවන පිහිටීම්ය. සිකුරු මණ්ඩලය ඕනෑවට වඩා ඉස්සී ඒ මත කවාකාර සුළි සලකුණු පිහිටීම, ශනි චක්‍රය තැනින් තැන කැඩී පලුදු වී තිබීමත් සිකුරු මණ්ඩලය ඕනෑවට වඩා යටට නෙරාගොස් ඇත් නම් එවැනි අයට දියවැඩියාව ඇතුළු ලිංගාශ්‍රිත රෝගයන්ට ලක් වීමට හේතු වේ. අත තද රතු පැහැයෙන් යුක්ත වීම, කුජ තලාව හා මණ්ඩලවල කළු ලප, තිත්, පුල්ලි වැටීමෙන් රත්පිත් ඇතුළු උෂ්ණාධික රෝග ඇති වීමට හේතුවේ. බුධ මණ්ඩලය යටට නෙරාගොස් ඒ මත කළු ලප, පුල්ලි වැටීමෙන් කතා කිරීමට අපහසුතා ඇති වේ.
නියපොතු සුදුමැලි වීම, ජීවන රේඛාව ඉතා තුනී වීම, සුදු පාටින් යුක්ත වීම පාණ්ඩු රෝග හා රක්තහීනතාව ඇති කරයි. සුඛ හා බුධ රේඛාව ගසක වැලක් ආකාරයෙන් එතී තිබීම ශීර්ෂ රේඛා නොපිහිටා තිබීමෙන් විවිධ මානසික රෝගයන්ට ලක් වීමට හේතුයි. කෙනකුගේ අත්ලේ රේඛා තුනීව ඉතා දුබල පිහිටා සෑම තැනම කැඩී කැපී ඇත්නම් එවැනි අයට විවිධ රෝගාබාධ වැලඳීමට හේතුයි. සාමාන්‍යයෙන් නිරෝගීමත් අයකුගේ අත්ල රෝස පාටින් යුක්ත වන අතර ප්‍රධාන රේඛාවන් ගැඹුරින් පැහැදිලි ලෙස පිහිටන බව අපගේ අත්දැකීම්ය.
ජේයාතිර්වේදී
නන්දසේන වීරසිංහ
Advertisements


