Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ස්ත්‍රී කේන්ද්‍රයට අනුව උසස් විවාහයක් සිදුවන ග්‍රහයෝග

1 year ago 7 Min read
Subha.lk

විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක අයිතියක්  විවාහයෙන් හිමිවේ. විවාහය පුද්ගලයකුගේ දෙවන උපත ලෙස සලකන බැවින් විවාහයට සුදුසු ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එකතු කිරීමට පෙර ඡ්‍යෝතිෂමය වශයෙන් දෙදෙනාගේ ගැළපීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි.

 

විවාහයක සාර්ථක අසාර්ථකතාවය හුදෙක් පුද්ගල බද්ධ කරුණක් වන නමුත් විවාහ වන දෙදෙනා එකිනෙකාගේ ගති පැවතුම් හඳුනාගෙන ඔවුනොවුන් පිළිබඳ අවබෝධයෙන් සතුටින් ජීවිතය බෙදා ගනී නම් එය සාර්ථක විවාහයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. 

 

මෙලෙස උසස් විවාහයක් සිදුවීමට නම් ස්ත්‍රී කේන්දරයේ සුබදායක ලෙස ග්‍රහයන් පිහිටා සිටිය යුතුªයි. මේ සඳහා යම් තැනැත්තියක් උපදින විට සඳු කටකයේත්, බුධ කන්‍යාවේත්, ගුරු මීනයේත්, සිකුරු වෘෂභයේත් සිටියහොත් ඇය ඉතා බලසම්පන්න තැනැත්තකුගේ භාර්යාවක් වන්නීය. 

 

ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන්6,7,8 යන ස්ථානයන්හි බුධ, ගුරු, සිකුරු යන සුබ ග්‍රහයන් සිටීමෙන්‘අධි’ නම් උසස් ග්‍රහයෝගයක් උදාවේ. විශේෂයෙන්ම ස්ත්‍රී කේන්දරයක මෙකී චන්ද්‍රාදී යෝගය පිහිටීමෙන් ඇයට උසස් විවාහයක් හිමිකරයි. චන්ද්‍රයා පුර පක්ෂයේ යහපත්ව සිටීමත්, එකී සඳුට සප්තමව ගුරු සිටීමත් තුළින් මෙම යෝගයේ නියම ප්‍රතිඵල උදාවේ.

 

ගුරු හෝ සිකුරු ලග්නය දැක තිබියදී බුධ ග්‍රහයා උච්චව7 වැන්නේත්, අඟහරු මකරයේත්, සඳු කටකයේත් සිටී නම් ඇය රජෙක් බඳු බලසම්පන්න අයකුගේ භාර්යාව බවට පත්වී සැප ලබන්නීය. කුජ, බුධ, ගුරු යන ග්‍රහයන් හා එක් වූ සඳු, කටක රාශියේ හෝ සත්වැන්නේ සිටී නම් එබඳු ස්ත්‍රිය පුරුෂයන් වශීකරවන මනා රූසපුවකින් යුත්, තමා අභිමත පරිද්දෙන් යුගදිවියට පිවිසිය හැකි තැනැත්තියක් වේ.

 

සෞම්‍ය ග්‍රහයන් දෙදෙනෙක් හා එක් වූ හෝ සෞම්‍යය ග්‍රහයන් දෙදෙනකුගේ දෘෂ්ටියට ලක්වූ සිකුරු, සත්වැන්නේ වේ නම් ඕ තොමෝ උසස් විවාහයකට හිමිකම් කියන අතර රජ බිසවක් හා  සමාන සැප සම්පත් විඳින තැනැත්තියක් වේ. එසේම ස්ත්‍රී, කේන්දරයක සඳු කටකයේත්, බුධ කන්‍යාවේත්, ගුරු මීනයේත්, සිකුරු වෘෂභයේත් සිටියහොත් ඇය ද ඉතා බලසම්පන්න තැනැත්තකුගේ භාර්යාවක් වන්නීය.

 

එසේම කුජ, සිකුරු දෙදෙනා එක්වීමෙන් විවාහය ඉක්මන් වන අතර, ගුරු, චන්ද්‍ර එක්වීමෙන් ඉතා හොඳ උසස් විවාහයක් සිදුවෙතත්, කල්යාමේදී විවාහය පිළිබඳ ගැටලු ඇතිවනු ඇත. ශනි, කේතු එක්වීමෙන්, විවාහය කල්යයි. කුජ හෝ ගුරු හෝ සිකුරු හෝ 7 වැන්නේ සිටියහොත්, ඔවුනොවුන් පෙනේ නම් ඔවුනොවුන්ගේ රාශියකුත් වී නම් විවාහය ඉක්මන් වෙයි.

 

ශනිට චන්ද්‍ර, සිකුරු දෙදෙනාම පෙනීම විවාහ ප්‍රමාදවීමට මෙන්ම, විවාහය නුරුස්සන ගතියක් ඇතිවීමට ද හේතුවෙයි. ස්ත්‍රී කේන්දරයේ8 වැන්න ද බලවත් ස්ථානයකි. ආදායම පෙන්වන්නේ  අටෙනි. දෙවැන්න අධිපතියා 8 වැන්නේ නම් ස්වාමියාගේ ධනයට හිමිකම් කියන්නියක් වෙයි.

 

හෙමින් ගමන් කරන්නාවූ ග්‍රහයන්09 වැන්නේ සිටීම විවාහය කල්ගතවනු ඇත.09 වැන්නේ සිටින ශනිට සිකුරු පෙනේ නම් එම සිකුරු සිටින්නේ ශනිගේ රාශියක නම් අන්‍ය යෝග ඉක්මවා  විවාහය කල්ගත වේ. ශනි7 වැන්නේ උච්චව සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ධනවත්, බලවත් අයෙක් වන අතර, ශනි දුර්වලව හෝ නීචව සිටියහොත් ඊට වෙනස් වෙයි. ගුරු සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී, බුධ උච්චව7 වැන්නේත් කුජ, මකරයේත්, සඳු කටකයේත් සිටියහොත් යහපත් රූප සම්පත්තියක් ඇති ගුණවත් කාන්තාවක් වන අතර, ඉතා උසස් විවාහයක් සිදුවෙයි. 11 වැන්න ද විවාහය සම්බන්ධ බලවත් ස්ථානයක් වන අතර, 11, 3, 7 බලවත් වූ තරමට ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයාත් බලවත් වෙයි.

 

ස්ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර සිකුරු දෙදෙනාත්, කුජ, ගුරු දෙදෙනාත් බලවත් නම් ඉතා යහපත් පිහිටීමක් වේ. එසේම2,3,5,7,9,11 බලවත් නම් එයද බලවත් පිහිටීමකි. ස්ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍රයා ලග්නයේ සිටීම ඉතා යහපත් වන අතර, දෙවැන්නේ ශුභ යෝග,7 වැන්න අධිපතියා ශුභයන් සමඟ හෝ ශුභ ග්‍රහයන්ට පෙනී යහපත් ස්ථානයක සිටීමත් විවාහයෙන් පසු ඉතා වාසනාවන්ත ලෙස  සතුටින් කාලය ගෙවීමට හැකි පිහිටීමකි.

 

හතේ ත්‍රිකෝණයක් වූ තුන විවාහය සම්බන්ධව බලපායි. එහි ශුභ ග්‍රහයකු සිට, හත දකී නම් ඉතා සුබදායකයි.5 වැන්න අධිපතියා පාපියෙක් සමඟත්5 වැන්නේ පාප ග්‍රහයකුත් සිටී නම්, දරුවන් පිළිබඳ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

 

චන්ද්‍රයා උච්ච වීම, ස්ත්‍රී කේන්ද්‍රයක ඉතා යහපත් පිහිටීමක් වන අතර, දැකීමට පි‍්‍රය උපදවන රූපයක් ඇති අයෙක් වන අතර, 7 වැන්නේ උච්චව සිටීම විවාහය යහපත් වීමටද හේතුවක් වෙයි.

 

 

ඡ්‍යෝතිෂවේදිනී ගීතිකා සමරතුංග

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk