Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලක්ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම වැටෙන මහා බලසම්පන්න ශ්‍රී මහා ධන ලක්ෂ්මී බෙලි පිළිල

1 year ago 7 Min read
Subha.lk

‘ශ්‍රී මහා ධන ලක්ෂ්මී බෙලි පිළිල’ යනු කුමක්ද සහ එහි ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳව යම් කෙනකු නොදන්නවා වෙන්නට පුළුවන. බෙලි වෘක්ෂය ශ්‍රී ලක්ෂ්මී දේවතාවියගේ දිව්‍ය විමානය හෙවත් වාසභවන වන අතර එම නිසාම බෙලි වෘක්ෂය ඉමහත් පූජනීය ලෙස සැලකෙයි. එහි හටගන්නා බෙලි පිළිල කෙරෙහි ලක්ෂ්මී දේවතාවියගේ අසීමිත වූ ආකර්ෂණීය ශක්තිය විශේෂයෙන්ම බලපානු ලබයි.

ශ්‍රී  කාන්තා හෙවත් ශ්‍රී  මහා ධන ලක්ෂ්මී යෝගයෙන් (ඉතාමත් කලාතුරකින් යෙදෙන ජේ‍යාතිෂයේ එන අති දුර්ලභ නක්ෂත්‍ර යෝගයකි. සෙනසුරු හිමි පුෂ නැකැතෙහි පළමු වැනි පාදය – සෙනසුරාදා දවස – සෙනසුරු හිමි කුම්භ රවිය – සෙනසුරු තත්කාල හෝරාව – සෙනසුරු පංචම කාලහෝරාව ශනිට ස්වක්ෂේත්‍ර ලග්නයක් වූ සෙනසුරු හිමි කුම්භ රාශිය _ ධනස්ථානය _ අයස්ථානය, උදාරාශි අධිපති වූ සෙනසුරු 10 වැන්නේද වශයෙන් ප්‍රශස්ත අති ප්‍රබල යෝග බලයකින් මුහුර්තය අතිප්‍රබල ලෙස යෙදෙයි.)

අති පෞරාණික චිරාගත සාම්ප්‍රදායානුකූලව ලක්ෂ්මී දේවියට පුද පූජෝපහාර දක්වා ඒ අතරින් බිමට පතිත නොවන අයුරින් බෙලි පිළිල නෙළාගත යුතුය. එකී බෙලි පිළිල ප්‍රධාන ශ්‍රී  ලක්ෂ්මී අෂ්ටගන්ධ සුවඳ ධූපය, ශ්‍රී  ලක්ෂ්මී රන් තැඹිලි තෙල්ද, පිරිසුදු පැන් වීදුරුවක් තුළින් ශ්‍රී  ලක්ෂ්මී මෑණියන්ගේ රුව දිස්වන තුරු හෝ පැන් භාජනයක් උතුරා යනතුරු(මෙය මන්ත්‍ර සිද්ධිය ලැබුණු බවට ආධුනික මාන්ත්‍රිකයාට සාක්ෂි වේ.) ශ්‍රී  මහා ලක්ෂ්මී ජීවම, මහා රාජ තරංගනී, මහා භුවනාධිපතිය, මහා මාතාංගේශ්වරිය, මහා හෙණරාජය, මහා රාජ ගිංගිලියාව, මහා නෙයියෝරු බන්ධනය යනාදී සප්ත මහා ජීවම් බලයෙන් ලක්ෂ වාරයක් ජීවම් බල ප්‍රාණ පිහිටුවිය යුතුය.

කුහක, කුරිරු, දුදන, අමානුෂික ගතිගුණවලින් දුරස්ථව අවිහිංසාව, අවංක බව, පිරිසුදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පනාදී මානුෂික ගුණධර්මයන්ගෙන් සපිරුණු උදවියගේ සහභාගිත්වය මේ සඳහා අතිශයෙන්ම වැදගත් වෙන්නෙකි. ජේ‍යාතිෂ ගුප්ත විද්‍යාධාරි ප්‍රවීණයන් මඟින් ශ්‍රී  ලක්ෂ්මී යෝගයෙන් ‘බෙලි පිළිල’ දහස්වර, දස දහස්වර, ලක්ෂවර ජීවම් කොට පැලඳීම සර්වජන ආකර්ෂණයට, වෙළෙඳ ව්‍යාපාරිකයනට අනන්ත ගුණ සමුදායක් ලබාගත හැකි ක්‍රමවේදයකි. සුබ මුහුර්තයට පෙර දින තුනක් උදේ සවස ජේ‍යාතිෂ ගුප්ත විද්‍යානුකූල චාරිත්‍රයන් ඉටුකොට බෙලි පිළිල නෙළීමද ජීවම් බල ප්‍රාණ පිහිටුවීමද විජයග්‍රහණයෙහිලා බලපෑමකි.

බෙලි පිළිල ජීවමෙන් පසුව රන් සුරයක හෝ රන් ආලේපිත සුරයක හෝ පස්ලෝ සුරයක රන් තැඹිලි තෙල් සමඟ අඩංගු කොට නිසි ප්‍රකාර පුද පූජෝපහාර පවත්වා සෙත්ශාන්ති කොටගෙන පැලඳ ගැනීමද, අවශ්‍ය ස්ථානයක පුදසුනේ කුඩා කරඬුවක බහා තැන්පත් කර ගැනීමද ශ්‍රී  ලාංකේය ජනතාව අතර බහුලව කෙරෙන්නකි. එමෙන්ම සියලු ජීවම් පුද පූජා අවසානයේ ශ්‍රී  මහා ලක්ෂ්මී දේවතාවිය ප්‍රධාන කොටගෙන පරිවාර සර්ව දේව මණ්ඩලය හා නවග්‍රහයන් උදෙසා මහා පුද පූජා පැවැත්විය යුතුය.

එලෙසින් ජීවම් බල ප්‍රාණ පිහිටුවාගත් බෙලි පිළිල ශ්‍රී  ලක්ෂ්මී දේවියන්ගේ ආකර්ෂණය හිමි පූජනීය වස්තුවක් සේ සැලකෙයි. එය ගජමුතු, කස්තුරි, දක්ෂිණාවෘත්ත සංඛ, අශ්වලාඩම්, නරි අඟ, ගෝන අංතට්ටු ජීවම් මෙන් අතිශයින්ම දුර්ලභ පූජනීය කෞතුක වස්තුවක් මෙන් සලකනු ලබයි. එකී බෙලි පිළිල රන් හෝ රන් ගෑ හෝ පස්ලෝ අඟලේ හෝ අඟල් භාගයේ කුඩා සුරයක හෝ සර්වඥ ධාතුන් වහන්සේ හා සමානව රන් හෝ රිදී කුඩා කරඬුවක වඩා හිඳුවා පදිංචි ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයෙහි ආගමික වතාවත් සිදුකරනු ලබන ස්ථානයේ තැන්පත් කොට “ඕං ශ්‍රී ං ක්ලිං මහා ලක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්‍යං දේහි දේහි මෙ ස්වහා ÿ”

යන ශ්‍රී  මහා ලක්ෂ්මී දැහැනින් 21 වර බැගින් දිනපතා උදේ – සවස පුද පූජෝපහාර දැක්විය යුතුය.

නඩුවට කඩුවක් බඳු වූද කුරිරු, කුහක, වෛර, කේ‍රා්ධ, ඊර්ෂ්‍යාකාර, අධර්මිෂ්ඨ, උන්මත්තක, පාපතර, ස්ත්‍රී පුරුෂ මර්දනයෙහිලාද, ධාරණ ස්මෘතිය, අධ්‍යාපන, තුරඟ තරග, විභාග විජයග්‍රහණයන් සඳහාද, ව්‍යාපාරික දියුණුවට, කෘෂි සේවා අංශයන්හිද, ගුණාත්මක සාමකාමී සහජීවනයද, දෙස් විදෙස් රැකියා ලාභයන්ටද, විවාහ සබඳතා සඳහාද, ප්‍රභූ ජනයා මුණගැසීමෙහිලාද, සිඟිති දරු දැරියනට ආරක්ෂාව, සර්වජන වශිය ඇතිවන, නවග්‍රහ අපල, මාරාන්තික මාරක, සෙනසුරු ඒරාෂ්ටක, ආත්ම දෝෂ, වින දෝෂ, අමනුෂ්‍ය දෝෂ, නිදන්ගත රෝගාබාධක, රැකියා, ව්‍යාපාර, දේපොළ, වස්තු, බාධක, නඩුහබ, සොර සතුරු කරදර, දරු සම්පත්, උත්පත්ති බාධක, ඇස්වහ දෝෂ, සොහොන් කොත් දෝෂ, වාස්තු විද්‍යානුකූල දෝෂ, යාන වාහන බාධක, ප්‍රේම සබඳතා ප්‍රශ්න, පවුල් ජීවිතයේ ප්‍රශ්න යනාදී වූ අනන්ත ගුණ සමුදායකින් අනූන වූ මෙකී අතිදුර්ලභ ශ්‍රී  මහා ධන ලක්ෂ්මී බෙලි පිළිල භාවිතයෙන් ඔබට භවගාමී ශුද්ධාත්මයත් දියුණුවට, ආරක්ෂාවට ගෙන්වාගත හැකිය. මේ මොනදේ නැති වුණත් ලද දෙයින් සෑහීමකට පත්ව තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිය. චිරං ජයතු 

 

“ශ්‍රී  මහා ලක්ෂ්මී දේවියගේ පිහිට, ආරක්ෂාවට, බැල්ම ලැබේවා ÿ “

 

 

උපුටා ගැනීම - මව්බිම

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk