Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගේ දොර ආරක්ෂා කරන හනු මාන් ආරක්‍ෂා යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

මන්ත්‍රය -“

ඕම් නම,ශිවාය හනුමන්තරාය අංජන දේවී පුත්තිරාය උන් සොරූපම් අඩංකි පඩෙත්ත පරම ශිවනානයි කට්ටී උන් නෙනයුම් එන්නෙනයුම් එදිරිත්ත එදිරාලියුම් මරී මරී තාක්කු තාක්කු ඒස්වාහා:”

ක්‍රමය -

දවසේ සුබ දිනක මරුට පිටුපා මෙම යන්ත්‍රය තඹ තහඩුවක අඟල් 6ය 6ට ඉරි නොකැපෙන ලෙස ද්ව රේඛාවෙන් ඇඳ මල්, අසුන සාදා සිකුරාදා දිනක බුලත් 7, පඬුරු 7, කෙසෙල් ගෙඩි, පොල් මල්,  පුවක් මල්, කපුරු, හඳුන් කූරු, කඩල, තැඹිලි, වන මල්, හකුරු, විලඳ, මී පැණි, පිනිදිය, පහන්1, හනුමාන් රූපයක්, සාම්බ්‍රානි පුදට තබා නා පිරිසුදු වී පළමුව මල්, පහන් පුදා තුනුරුවන් වැඳ දෙවනුව විෂ්ණු දෙවිඳුට පහන් දල්වා අවසර ගෙන ශ්‍රී රාමදිෂ්ටියෙන් 51 වර දිෂ්ටි කර ඉහත මන්ත්‍රයෙන් 3008වර ජීවම් කර ප්‍රාණ, සිද්ධි, පුට, පලිප්පු මන්ත්‍රවලින් 21 වර බැගින් මතුරා සුවඳ දුම් අල්ලා  යන්ත්‍රය රාමු කර නිවෙසේ එල්ලා තබනු. භූත දෝෂ, ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ දුරු වී සෞභාග්‍යය උදාවේය. මෙය නිවාස ආරක්‍ෂාවටද යහපතයි. මෙම මන්ත්‍රයෙන්ම සුවඳ දුම් ජීවම් කර  නිවෙසට දුම්  අල්ලන්න.

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී,

එච්. විජිත කුමාර සිංදුරගේ කපු මහතා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk