හදන ගේ මේ විධියට හදන්න කිරි ඉතිරෙනවා නියතයි.

මුදල් සොයන්න නම් ඔබගේ මොළයේ වර්ධනය වැඩි කරගන්න නිවෙසක අංග මොන විධියට පිහිටුවිය යුතුද? විද්‍යාත්මක ක්‍රමයට අනුව පෘථිවියේ චලනය සහ ඉඩමක බෙදීම් නවය තුළ සැහැල්ලු සහ බර අනුව මොළය සංවේදී වන්නේ මෙහෙමයි.
සමහර විට මේ ලිපිය බර වැඩි ඇති නමුත් වර්තමාන විද්‍යාවේ දියුණුවත් සමඟ පරීක්ෂණවලින් හෙළිදරව් කෙරෙන මොළය සහ නිවෙස ගැන සඳහන් මෙය වාස්තු විද්‍යාව සමඟ මනාව ගැළපෙනවා අපි බලමු ඒ ගැන. මුලින්ම පෘථිවියේ චලනය අංශක23 හමාරක ඇලයක් සමඟ පෘථිවිය චලනය වන බව ඔබ දන්නවා. ඊසාන දිශාව තමයි මුලින්ම හිරුඑළියට නිරාවරණය වෙන්නේ. ඒ කියන්නේ උදේ ශක්තිමත් දේවල් එන්නේ එහෙන්. හිතන්නකො බයිසිකලයක් ගැන. එහි ඉදිරිය කුඩයි. පසුපස බර වැඩි හැම වාහනයක්ම එහෙමයි. ගේත් හදන්න ඕනි ඒ විදියට එතකොට අපේ මොළයට ගොඩක් පහසුයි ඒ විධියට බලනකොට උතුර, ඊසාන ,නැඟෙනහිර කෙළවර, නැඟෙනහිර සහ මැද යනු චලනයේ ඉදිරි දිශාවේ ස්ථාන වේ(යතුරුපැදියේ හැන්ඩ්ල් බාර් වැනි). මෙම ස්ථානවල අධික බරක් තබා ගැනීමෙන් චලනය අවහිර වන අතර අපහසුතාවන් ඇති කරයි. මෙම ප්‍රදේශවල අධික බරින් වැළකී ජීවිතය සාමකාමී සහ සමෘද්ධිමත් කර ගන්න සැහැල්ලු දේවල් නිවෙසට යොදාගන්න ඔබට පුළුවන්.
දකුණ, බටහිර සහ නිරිතදිග කොන් චලනය පිටුපස පැත්ත සාදයි. මෙම ස්ථානවල උපරිම බර තබා ගැනීමෙන් ගමන සුවපහසු වනු ඇති අතර ‘පෘථිවිය,සොබාදහම සමඟ එකඟව’ සිදුවේ. ධනය ලබා ගැනීම සහ ඒවා සුරක්ෂිතව තබා ගැනීම ජීවිතයේ වැදගත්ම සාධකයයි. නිදහස් මූල්‍ය ප්‍රවාහයක් නිර්මාණය කිරීම සහ මුදල් ඉතිරි කිරීම සඳහා, මෙම ප්‍රදේශවල ගොඩනැඟිල්ලක අධික බර තබා ගැනීම වැදගත් වේ.
වයඹ සහ ගිනිකොන කොන යනු චලිතයේ පැති දෙකයි(වම සහ දකුණ). අපට මෙම ස්ථානවල සැහැල්ලු බර තබාගෙන චලනය සමතුලිත කළ හැකිය. වයඹ කොන සමාජ තත්ත්වය පෙන්නුම් කරන අතර ගිනිකොන කෙළවර සෞඛ්‍යය වැඩි දියුණු කරයි. මෙම ස්ථානවල සමබර බර තබා ගැනීමෙන් පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය සහ ධනය වැඩි දියුණු වේ.
ඒ වගේම අභ්‍යවකාශයේ දිශානතියට මානව මොළයේ සංවේදීතාව පිළිබඳ නවීන විද්‍යාත්මක පර්යේෂණ, වාස්තු මූලධර්ම සඳහා විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් මෑතකදී කරන ලද සමීක්ෂණවලින් තහවුරු වෙලා තිබෙනවා. නවීන විද්‍යාවේ මෑතකාලීන පර්යේෂණ මඟින් අපගේ මොළය අභ්‍යවකාශයේ දිශානතියට, පිහිටීමට සහ දිශාවට සංවේදී බව පැරණි අවබෝධය දැන් තහවුරු කර ඇත. විවිධ තත්ත්වයන් යටතේ මොළය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේද යන්න විද්‍යාඥයන් දැන් ඉතා නිවැරදිව මැන ඇත.
මෙම පර්යේෂණයෙන් පෙන්නුම් කරන්නේ මොළයේ තැලමස්හි ඇති විශේෂිත නියුරෝනවල වේගය කෝණික ප්‍රවේගය සහ හිස චලනය වන දිශාව යන දෙකටම සමානුපාතිකව වෙනස් වන බවයි. විෂය තැනින් තැනට ගමන් කරන විට හිස යොමුකරන නිරපේක්ෂ දිශාවට මොළයට යා හැකි බව විද්‍යාඥයන් නිගමනය කරයි. එලෙසම, හිපොකැම්පස්හි නියුරෝන අභ්‍යවකාශයේ පිහිටීමට(දිශාව සම්බන්ධව) සංවේදී බව සොයා ගැනේ. යමෙක් නැඟෙනහිරට මුහුණලා සිටින විට, මොළයේ කායික විද්‍යාව උතුරට, දකුණට හෝ බටහිරට මුහුණලා සිටීමට වඩා වෙනස් ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇත.
මෙම පරීක්ෂාවලින් නිගමනය වන්නේ සිතුවිලිවල බලය සහ සිතුවිලිවල ගුණාත්මකභාවය බලපාන්නේ ඔහු මුහුණදෙන දිශාවට බවයි. කෙනකුගේ දිශානතිය පිළිබඳ හැඟීම එදිනෙදා ජීවිතයේදී ව්‍යාකූල වන්නේ, වාස්තු ශ්‍රාස්ත්‍රයට අනුව ගොඩනඟා නොගත්, වැරදි දිශානතියක් සහිත ගොඩනැඟිල්ලක ජීවත්වන විට, සියලු ආකාරයේ කායික, මනෝවිද්‍යාත්මක සහ චර්යාත්මක අසමතුලිතතාවන් ඇතිවීමට හේතු වේ. ඉතින් මේ ආකාරයට කායික සහ මානසිකව ව්‍යාකූලතා නැතිවීම සඳහා නිවෙසක් තුළ අප සිටින පරිසරය ගැළපිය යුතුවෙයි. එකිනෙකාට සාපේක්ෂව මොළයේ වැඩීම වෙනස් බව අපි දනිමු.
එබැවින් ඔබගේ ජිවිතයේ ගොඩක් බලාපොරොත්තු ඔබට ඇති, ඒ සඳහා ඔබට යෑමට නම් එම ඊචපඨඥබ එකට ගැළපෙන පරිසරයක් ඔබට තිබිය යුතුය. හරියට නැටුම්වලට නැටුම් කාමරයක්, ශරීරයට චලනයට ඉඩකඩ, විද්‍යාත්මක පරීක්ෂණ සඳහා විද්‍යාගාර, ආගමික කටයුතු සඳහා පන්සල්, පල්ලි, කෝවිල්. මේ වගේ යම් ක්‍රියාවකට ගැළපෙන පරිසරයක් තිබේ නම් ඔහුගේ අරමුණ වෙත පිවිසීම පහසු කරයි. මොළය සංවේදී වන ආකාරයට නිවසක් තුළ ඉඩකඩ ද තිබිය යුතු වේ. ගෙදර ඉන්න ප්‍රමාණයට ගැළපෙන සාලය, ඉවුම් පිහුම් කරන්න මුළුතැන්ගෙය ඉඩකඩ, නිදන කාමරයක ඉඩ, නාන කාමරවල ඉඩකඩ. මේ සියල්ල ඔබේ ශරීරයට ගැළපිලා නම් මොළයට ක්‍රියාවන් සඳහා සිග්නල් දීම පහසු වෙයි. ශරීරයට පහසුවක් නැතිනම් මොළය ඒ අපහසුතා බැහැර කර සිග්නල් ලබාදීම සිදුකරයි. එවිට යම් අපහසුතා ඇති වේ. මවුපියන් නිවෙසක නිතරම රණ්ඩු නම් පාඩම් කරන කාමරයක සිටින දරුවා තුළ ගොඩනැඟෙන්නේ සෘණාත්මක සිතුවිලි වෙයි. එවිට ඔහුගේ ගමන බාල වෙයි. මිනිසුන්ට ජීවත්වීමට අවට පරිසරය ගැළපීම මත මොළයේ ආවේගයන් ක්‍රියා කරයි. නිවෙසක පරිසරය සොබාදහම සමඟ බද්ධ විය යුතුමය, නැතිනම් ඔබ අරමුණක් නොමැතිව නිවෙසක් තුළ ජීවිත කාලය ගෙවා දමනු ඇත.
ලක්ෂාන් කරුණාතිලක
Advertisements


