මහ සයුර නියෝජනය කරන නැප්චූන් ජල රාශියක් වන මීනයට ලෝක මට්ටමින් මුහුදු විපත්
නැප්චුන් 2022 වසරෙහි අප්‍රේල් 18 -ප්චූන් ග්‍රහයා වසර ගණනාවකට වැනිදා පෙව. 3.24ට ජල රාශියක් වන මීන රාශියට පිවිසෙයි. මෙසේ මීන රාශිය කරා පිවිසෙන නැප්චූන් ග්‍රහයා, 2022 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදා පෙව 5.31 වන තෙක්ම තම මීන රාශි චලිතය පවත්වාගෙන යයි.
මෙම ග්‍රහ චලිතයට අනුව, විශේෂයෙන් මහ සයුර නියෝජනය කරන ග්‍රහයකු වන නැප්චූන් ජල රාශියක් වන මීන රාශියට පිවිසීම අනුව 2022 වසරෙහි අප්‍රේල් 18 වැනිදාත් 2022 වසරෙහි සැප්තැම්බර් වැනිදාත් අතර කාලසීමාව තුළ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන වර්ධනය වීමටද ලෝක මට්ටමෙන් සුළි කුණාටු ආදිය ඇති වීමටද ලෝක මට්ටමෙන් ඇති වන මුහුදු විපත්වලටද ඇති ඉඩකඩද ඉහළ යනු ඇත. 2022 වසරෙහි අප්‍රේල් 18 වැනිදා පෙ.ව. 10.22 ට බුධ සහ යුරේනස් යන ග්‍රහයන්
යුද වදියි. මෙම ග්‍රහ යුද්ධයෙන් යුරේනස් පරදවා බුධ ජය ගනියි. පිපිරුම් කාරක ග්‍රහයකු වන යුරේනස් මෙම ග්‍රහ යුද්ධයට සම්බන්ධ වීමට අනුව 2022 වසරෙහි අප්‍රේල් 18 වැනිදා ආශ්රිත දිනවල සහ 2022 වසරෙහි අප්‍රේල් 18 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ අනතුරුවල ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර එම කාලසීමාව තුළ ලෝක මට්ටමෙන් සිදුවන පිපිරීම්වලටද ගිනි ගැනීම්වලටද භූමිකම්පා ආදියටද වෙනදාට වඩා ඉතා ඉහළ ඉඩකඩක් නිර්මාණය වන බව පෙනේ.
මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම ගුරු ග්‍රහයා 2022 වසරෙහි අප්‍රේල් 13 වැනිදා ප.ව. 3.50ට මීන රාශියට දිවිසෙන ලදී. මෙම ග්‍රහ මාරුව සිදුවන තත්කාල කේන්දර සටහනට අනුව 2022 වසරෙහි අප්‍රේල් 13දා ආශ්රිත දිනවල සහ අප්‍රේල් 13 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ප්‍රභූවරුන්ට, ආගමික නායකයන්ට සහ වෙනත් රටම දන්නා ප්‍රසිද්ධ චරිතයකට බලගතු අපල පෙන්නුම් කෙරේ.
2022 වසරෙහි අප්‍රේල් 27 වැනිදා ප.ව. 6.17ට සිකුරු ග්‍රහයා මීන රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කරන අතර සිකුරුගේ මෙම මීන රාශි චලිතය, 2022 වසරෙහි මැයි 23 වැනිදා රාත්‍රි 8.27 වන තෙක්ම පවතියි. මෙසේ සිකුරු ග්‍රහයා උච්ච චලිතයක් ආරම්භ කිරීමට අනුව 2022 වසරෙහි අප්‍රේල් 27 වැනිදාත් 2022 වසරෙහි මැයි 23 වැනිදාත් අතර කාල සීමාව තුළ වර්ෂාව පිළිබඳව සුබදායක බලාපොරොත්තු තැබිය හැකි අතර මෙතෙක් වර්ෂාව නොලැබුණු ප්‍රදේශවලට වර්ෂාව පතිත වන්නටද ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙසේ සිකුරු ග්‍රහයා උච්ච වීමට අනුව හොඳ මංගල යෝගයක් උදා වෙයි. ඒ අනුව විවාහ වන වයසේ පසු වන අය සහ විවාහය ප්‍රමාද වී ඇති අය 2022 වසරෙහි අප්‍රේල් 27 වැනිදාත් 2022 වසරෙහි මැයි 23 වැනිදාත් අතර කාල සීමාව තුළ විවාහයක් සිදු කර ගැනීම වෙනුවෙන් කරන උත්සාහ කිරීම් වෙනදාට වඩා සාර්ථක වනු ඇත.
සිකුරු ග්‍රහයා උච්චව චලිත වීමට අනුව 1966 අප්‍රේල් 9 වැනිදාත්, 1966 නොවැම්බර් 2 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1966 දෙසැම්බර් 20ත් 1968 ජුනි 17ත් අතර කාලසීමාව තුළ ඉපදුණු අයට 1968 සැප්තැම්බර් 28ත් 1969 මාර්තු 7ත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1995 ජුනි 1 වැනිදාත් 1995 අගෝස්තු 9 වැනිදාත් අතර කාලසීමාව තුළ ඉපදුණු අයටද 1996 පෙබරවාරි 15 වැනිදාත් 1998 අප්‍රේල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 2022 වසරෙහි අප්‍රේල් 27 වැනිදාත් 2022 වසරෙහි මැයි 23 වැනිදාත් අතර කාලසීමාව තුළ බලාපොරොත්තු රහිත මුදල් ලාභ, බලාපොරොත්තු රහිත මුදල් ගනුදෙනු, බැංකුවලින් ණය මුදල් ලබා ගැනීම් සාර්ථක වීම, අසම්පූර්ණව පැවැති යාන වාහන, ගනුදෙනු, ඉඩකඩම් ගනුදෙනු, නිවාස ගනුදෙනු, සම්පූර්ණ කර ගැනීම, කොටස් වෙළෙඳපොළ ආයෝජන සාර්ථක කර ගැනීම් සහ බලාපොරොත්තු රහිත ලෙස තෑගි බෝග ලැබීම් ආදිය පෙන්නුම් කෙරේ.
මෙම වසරේදී සිදුවන වඩාත්ම තීරණාත්මක ග්‍රහ මාරුව වන, ශනි මාරුව 2022 වසරෙහි අප්‍රේල් 29 වැනිදා පෙ.ව. 7.52ට සිදු වේ. ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.