Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ද්‍රේෂ්කාණවලට ශරීරය බෙදෙන්නෙ මෙහෙමයි

10 months ago 7 Min read
Subha.lk

බොහෝදෙනෙක් ජීවිතයේ කරදර කම්කටොලු පැමිණෙද්දී කේන්දර පත්‍රය පරීක්ෂාවට අතට ගත්තද, තවත් සමහරෙක් සාමාන්‍යයෙන් වසරකට වරක්වත් තමන්ගේ කේන්දර පත්‍රය       පරීක්ෂා කර ගැනීම පුරුද්දක් කර ගනිති. මන්ද නිවැරදි කේන්දර පරීක්ෂාවකින් දිවියේ පැවැත්ම හා පැවැත්මට බාධා ගෙනෙන බොහෝදේ දැනගැනීමට අවස්ථාව සැලසෙන හෙයිනි.  ඒ අතරින් ශරීරගතව පවතිනාරෝග තත්ත්වයන් මූලික වනු ඇත. ඇතැමුන් බොහෝපීඩාවෙන් පසුවන ශාරීරික වේදනාව ගෙන දෙන රෝග තත්ත්වයන් පිළිබඳව මූලික අවබෝධයක්ද ලබාගනු බැවිනි. කෙසේ නමුත් ජේ‍යාතිෂය ගැඹුරින් හැදෑරීමේදී සමස්ත මිනිස් ශරීරය ලග්නය සම්බන්ධ ද්‍රේෂ්කාණ ‍ෙදාළොසකට බෙදමින් එම ද්‍රේෂ්කාණ දෙළොසද නැවතත් අනු ඛණ්ඩ ත්‍රිත්වයකට බෙදමින් ඒවාට ශරීරයේ සමස්ත ඉන්ද්‍රියන් සමායෝජනය කරනු ලබයි. මෙතුළින් ඒ ඒ අවස්ථානුරූපීව එම ඉන්ද්‍රියන්ට වන යහපත් අයහපත් භාවයන් පිළිබඳ නියම අවබෝධයක් උදාකර ගත හැකි  වන්නේය.

 

ද්‍රේෂ්කාණ පිළිබද මූලික අවබෝධයක් මෙහිදී සිදුකළ නොහැකි වුවත්, ජේ‍යාතිෂයේ ද්‍රේෂ්කාණවල බෙදී යෑම ශාරීරික ඉන්ද්‍රියන්ට කෙසේ බලපාන්නේද යන්න ඒ පිළිබඳව සොයා  බලන්නන්ට මෙමඟින් නිසිමඟ පෙන්වීමක් ලැබෙනු ඇත.

 

1 – පිහිටීම

හිස්කබල, මොළේ, නළල හා  ඔළුවේ සියලු කොටස් ලග්නයේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වේ.

බෙල්ල, උගුර, යටි තල්ල, සෙම් ගඩු හා  සියලු කොටස් දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

වස්තිය, ලිංගය, යෝනිය හා  ඒ ප්‍රදේශයට අයත් කොටස් තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වේ.

 

2 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු ඇස ස්ත්‍රීන්ගේ වම් ඇස දෙකේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු බාහුව, ස්ත්‍රීන්ගේ වම් බාහුව, උරහිස් දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

වස්තිය, ලිංගය, යෝනිය හා ඒ ප්‍රදේශයට අයත් කොටස් තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වේ. (වම් පැත්ත)

 

3 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු කන ස්ත්‍රීන්ගේ වම් කන හා  ඒ අවට ප්‍රදේශ තුනේ ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයාගේ දකුණු අත ස්ත්‍රීන්ගේ වම් අත දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි. (වැළමිටෙන් පහළ)

දකුණු බීජ කෝෂය හා ඊට අයිති කොටස් තුන්වැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

4 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු නාසා පුටය ස්ත්‍රීන්ගේ වම් නාසා පුටය හතරේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු ඇලපත ස්ත්‍රීන්ගේ වම් ඇලපත හා අවට ප්‍රදේශ දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු කලවය ස්ත්‍රීන්ගේ වම් කලවය තුන්වැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

5 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු කම්මුල ස්ත්‍රීන්ගේ වම් කම්මුල හා අවට ප්‍රදේශ පහේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු පපුව පැත්ත ස්ත්‍රීන්ගේ වම් පපුව පැත්ත දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු දණහිස හා ස්ත්‍රීන්ගේ වම් දණහිස තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

6 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු හනුව, හක්ක ස්ත්‍රීන්ගේ වම් හනුව – හක්ක හා අවට ප්‍රදේශ මේ ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ බඩේ දකුණු පැත්ත හා ස්ත්‍රීන්ගේ බඩේ වම් පැත්ත මේ ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ දකුණු කෙණ්ඩය, ස්ත්‍රීන්ගේ වම් කෙණ්ඩය තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

7 – පිහිටීම

කට, තොල්, දත්, දිව ආදිය මෙම පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පෙකණිය හා ඒ අවට ප්‍රදේශ දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පාද දෙක, කකුල්වල ඇඟිලි තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

8 – පිහිටීම

පුරුෂයන්ගේ වම් හනුව හක්ක, ස්ත්‍රීන්ගේ දකුණු හනුව – හක්ක හා අවට ප්‍රදේශ මේ ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ බඩේ වම් පැත්ත හා ස්ත්‍රීන්ගේ බඩේ දකුණු පැත්ත මේ ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් කෙණ්ඩය, ස්ත්‍රීන්ගේ දකුණු කෙණ්ඩය තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

9 – පිහිටීම

පුරුෂයන්ගේ දකුණු කම්මුල ස්ත්‍රීන්ගේ වම් කම්මුල නවයේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් පපුව පැත්ත, ස්ත්‍රීන්ගේ දකුණු පපුව පැත්ත දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් දණහිස හා ස්ත්‍රීන්ගේ දකුණු දණහිස තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

10 – පිහිටීම

පුරුෂයන්ගේ වම් නාසා පුටය ස්ත්‍රීන්ගේ දකුණු නාසා පුටය දහයේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් ඇලපත, ස්ත්‍රීන්ගේ දකුණු ඇලපත හා අවට ප්‍රදේශ දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් කලවය, ස්ත්‍රීන්ගේ දකුණු කලවය තුන්වැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

11 – පිහිටීම

පුරුෂයන්ගේ වම් කන, ස්ත්‍රීන්ගේ දකුණු කන හා ඒ අවට ප්‍රදේශ එකොළහේ පළමු ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයාගේ වම් බාහුව, ස්ත්‍රීන්ගේ දෙවැනි බාහුව දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

වම් බීජ කෝෂය හා වම් යෝනි පාර්ශ්ව  තුන්වැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

 

12 – පිහිටීම

පුරුෂයන්ගේ වම් ඇස ස්ත්‍රීන්ගේ දකුණු ඇස ‍ෙදාළහේ පළමුවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ වම් බාහුව, ස්ත්‍රින්ගේ දකුණු බාහුව  දෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වෙයි.

පුරුෂයන්ගේ ගුදය වම් පැත්ත හා ස්ත්‍රීන්ගේ ගුදය දකුණු පැත්ත තෙවැනි ද්‍රේෂ්කාණයට අයිති වේ.

 

 

 උපුටා ගැනීම - මව්බිම

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk