Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරු සම්පත් නොලැබෙන්න වාස්තු දෝෂ බලපානවාද?

10 months ago 7 Min read
Subha.lk

මිනිස් සමාජයේ පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහාපවුල් සංස්ථාව ඉතාම වැදගත් වේ. මෙහිදී විවාහය වගේම විවාහයෙන් පසුව දරුවන් බිහිවීමද සමාජයේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන් සිදුවිය යුතුය. නමුත් එසේ තර්කානුකූලව එම අර්ථයෙන් නොසිතුවත් මවුපියන්ට දරුවන් ලැබීම තරම් වෙනත් සතුටක් නොමැති තරම්ය. ඒත් එම සතුට භුක්ති විඳීමට තරම් හිමිකමක් නොමැති මවුපියන් වර්තමාන සමාජයේ බහුලව දකින්න ලැබේ. මේ තත්ත්වය විවාහක යුවළකට ඉතා දැඩි ලෙස මානසිකව බලපාන ගැටලුවකි. එම නිසාවෙන් බොහෝකාන්තාවන් දරුවන් බිහිකර ගැනීම වෙනුවෙන් නොයෙක් ආකාරයේ ජීවිත අවදානම් ක්‍රියාවලට පවා යොමුවේ. එම නිසා සමහර අයෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථාද සමාජයේ වර්තමානයේ අසන්න ලැබේ. එවැනි තත්ත්වයන් කාන්තාවන් දැඩි මානසික කඩා වැටීම්වලට හේතුවේ.

 

දරු සම්පත් ගැන සැලකීමේදී ප්‍රථමයෙන් වෛද්‍යමය කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. එම තත්ත්වයන්ද යහපත් නම් දෙවැනි පියවර ලෙස වාස්තුමය කරුණු ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ප්‍රධාන නිදන කාමරය පිහිටි ස්ථානය පිළිබඳවයි. ප්‍රධාන නිදන කාමරය සඳහා සුදුසුම දිශාව වන්නේ නිරිත දිශාවයි. සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ පංච මහ ධාතූන්ගේ අවධාරණයේදී තද බව ස්ථීර බව යන ධාතුමය ස්වභාවය හෙවත් පඨවි ධාතුවට හිමි දිශාව වශයෙන් නිරිත දිශාව නම් කර ඇත. එසේම නූතන වාස්තු සිද්ධාන්තයන්ට අනුව අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිම දිශාව වශයෙන්ද නිරිත දිශාව හැඳින්විය හැකිය. කරුණු එසේ හෙයින් දරුවකු වැඩීමට අවශ්‍ය අවකාශය නිරිත දිශාවේ පැහැදිලිවම දක්නට ලැබෙන බැවින් එම දිශාව භාවිතය යෝග්‍ය වේ.

 

දරුවන් පිළිසිඳ ගැනීම සඳහා තේජෝ ගුණය අවශ්‍ය වේ. නමුත් ඊශාන දිශාව පංච මහා ධාතූන්ගේ වැගිරෙනසුලු ස්වභාවය හෙවත් ආපෝ ධාතුවට හිමිකම් කියන දිශාවයි. එම නිසා එම දිශාවේ ප්‍රධාන නිදන කාමරයක් භාවිත කිරීම දරුවකු පිළිසිඳ නොගැනීමට හේතුවක් වේ. එසේම දරුවකු වැඩීමට උණුසුම අවශ්‍යය. ඒ සඳහා ද තේජෝ බලය අවශ්‍ය වේ. ඒ අවශ්‍ය උණුසුම ජල ධාතුව ක්‍රියාත්මක වන ඊශාන කලාපයේ නැත. වැඩි ප්‍රවණතාවක් ඇත්තේ එය අකර්මණ්‍ය කිරීමටය. එම හේතුවෙන් මළ දරු උපත්, අඩු වයසැති උපතක්, අංග  විකල දරු උපතක් වැනි දෙයක් සිදුවිය හැකිය. එම නිසා නිවෙසක ඊශාන දිසාවේ මෙන්ම උතුර සහ නැඟෙනහිර කාමරයන් දරුවන් පිළිසිඳ ගැනීම සඳහා කිසිසේත්ම සුදුසු නොවේ.

 

තවද නිවෙසේ භූ ශක්තිය දුර්වල කරන වාස්තු ‍ෙදා්ෂ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද නිවෙසක භූ ශක්තිය දුර්වල වීමෙන් නිවැසියන්ගේ ප්‍රභා මණ්ඩලයේ පහළ චක්‍රයන් වන මූලාධාර චක්‍රය, ස්වාධිස්ථාන චක්‍රය, මණීපූර චක්‍රය ආදී චක්‍රයන් දුර්වල වේ. මෙම චක්‍රයන් ලිංගික ක්‍රියාකාරිත්වය සේම දරු උපත් සම්බන්ධයෙන් සෘජුවම දායක වන බැවින් එම චක්‍රයන් දුර්වල වීම දරු සම්පත් නොලැබීමට හේතුවිය හැකිය. එම නිසා විශේෂයෙන් නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය පීඩා වීම, නිවාස ඉදිකර ඇති භූමියේ පසේ ස්වභාවය ආදී කරුණු ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. එසේම කළු ගල් සහිත භූමි භාගයක ඉදිකළ නිවාසයන්හි කාන්තාවන් හටද දරු පිළිසිඳ නොගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ ගැන අවධානය යොමුකළ යුතුය. එමෙන්ම භූ ව්‍යාධි තත්ත්වයන්ට ගොදුරු වූ නිවාසයන්හි නිවැසියන්ටද දරු පිළිසිඳ ගැනීම් අවම වන බවත් අංගවිකල දරු උපත් සඳහා හේතුවන බවත් බටහිර භෞතික විද්‍යා පරීක්ෂණවලින් පවා තහවුරු කර ඇත. එම නිසා නිවෙසක් ඉදිකිරීමට පෙර භූමි පරික්ෂාවේදී මේ භූ ව්‍යාධි තත්ත්වයන් ගැන අවධානය යොමු කළ යුතුය. නොඑසේ නම් ඉදිකළ නිවෙසක ඔබ පදිංචිව සිටී නම් භූ ව්‍යාධි තත්ත්වයන් ඇත්නම් එ සඳහා නිසි පිළියම් යෙදිය යුතුය.

 

නිවෙසේ නිරිත දිශාවේ වාස්තු ‍ෙදා්ෂ තත්ත්වයන්ද කාන්තාවන්ගේ ගර්භාශය ආශ්‍රිත රෝගාබාධයන් සඳහාහේතුවන බව වාස්තු පරීක්ෂණවලින් පවා අපට තහවුරු වී ඇත. මෙම රෝගාබාධ තත්ත්වයන් පසුකාලීනව දරු පිළිසිඳ ගැනීම් සඳහා බාධාවක් විය හැකිය. එම නිසා විශේෂයෙන් නිරිත වැසිකිළිය, වැසිකිළි වළද, ගරාජය, මුළුතැන්ගෙය ආදී ගෘහාංග නිවෙසේ සැලසුම් වී ඇති නම් වඩාත් සැලකිල්ලක් දැක්වීම නිවැසියන්ගේ අරමුණ වෙනුවෙන් සහ අනෙකුත් දුර්වලතාවන් මඟහැර ගැනීමට හේතු වේ. තවද නිවෙසේ දිග පළල සමාන වීම සහ දිග පළල සමාන කාමර භාවිත කිරීමෙන්ද අධි ධාරිතාවක් සහිත විදුලි රැහැන් යට ඇති නිවාසවල නිවැසියන්ද දරු සම්පත් සම්බන්ධයෙන් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදෙන අයවලුන් වේ. නිවෙසට ආසන්නයේ කළුගල් පර්වතයන් පිහිටීම නිවෙස අභ්‍යන්තරයේ කළු ටයිල්, කළු වර්ණ භාවිත කිරීම, නිදන කාමරවල පරිගණක, රුපවාහිනි යන්ත්‍ර වැනි විදුලි උපකරණ තබා භාවිත කිරීම වැනි කටයුතුද කිසිසේත්ම නොකළ යුතුය. නිවෙසේ අනවශ්‍ය ආකාරයට ගෘහභාණ්ඩ ගොඩගසා ගැනීම නොකළ යුතුය. මනස ව්‍යාකූල වන පින්තුර එල්ලා තැබීම, සතුන්ගේ සම්වලින් කරන ලද නිර්මාණද නිවෙසක් තුළ සුදුසු නොවේ. ගෙවතු අලංකරණයේදී කටු සහිත ශාකයන් වගේම ප්‍රධාන නිදන කාමරය ආසන්නයේම කොහොඹ ශාකයක් තිබීම දරුවන් පිළිසිඳ නොගැනීමට හේතුවක් වේ. එම නිසා යහපත් දරු සම්පතක් වෙනුවෙන් තම අරමුණු ඉටුකර ගැනීමට ඉහත වාස්තු ‍ෙදා්ෂයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

 

 

උපුටා ගැනීම - මව්බිම

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk