Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නැකැත ගැන හැමදේම මෙන්න

10 months ago 7 Min read
Subha.lk

සුබ මුහුර්තය නොහොත් නැකැත නැතිනම් සුබ වේලාව ලෙස අප සැමවිටම යම් සුබ කටයුත්තක් කිරීමේදී හොඳම වේලාවක් බැලීම අතීතයේ සිට සිංහල බෞද්ධ ජනතාව අතර පැවැතෙන  සාම්ප්‍රදායික සිරිතකි. උපතේ සිට මරණය තෙක්ම අප විවිධ අවස්ථාවලදී නැකැත් බලනු ලැබේ. දරුවකුගේ ඉදුල්කට ගෑම, අකුරු කියැවීම, විවාහය, ගෙවල් ‍ෙදාරවල් සෑදීම, ගෙට ගෙවදීම ඇතුඵ තවත් බොහෝ අවස්ථා සඳහා අප නැකැත් බලනු ලැබේ.

 

ජේ‍යාතිෂ ශාස්ත්‍රයට අනුව උදය යනු ඉර උදාවයි. සූර්ය උදාවට අනුව වේලාව බලා ගැනීම හෝ ඔරලෝසු වේලාව සූර්ය වේලාවට සමාන කර ගැනීම නැකැත් වේලාවන් සෑදීමේ මුල්ම කටයුත්තයි. ඒ ඒ ප්‍රදේශයන්ට අනුව සූර්ය උදාවේ වෙනස්කම් පවතී. ඒ අනුව ප්‍රදේශයට අනුව වේලාව ගැනීම කළ යුතුය.

 

ජේ‍යාතිෂ ශාස්ත්‍රය කිසියම් ආගමකට හෝ ජාතියකට සම්බන්ධයක් නැත. එහෙත් අතීතයේ සිට ආගමික භක්තිය අනුව ජේ‍යාතිෂයද ආගම්වලට එකතු කර ගැනීමක් සිදු වී ඇත. සිංහල  බෞද්ධ ජනතාව මෙන්ම කර්මයට මුල් තැන දෙන හින්දුන්ද  මෙම ශාස්ත්‍රය උපයෝගී කර ගත්තත් සියල්ල කර්මය අනුව සිදු වේ යැයි විශ්වාසය තහවුරු කරගත් අතර එයින් මිදීම ගැන  තැකීමක්  කළේ නැත.

 

නමුත් ශාස්ත්‍රානුකූලව කටයුතු කිරීමෙන් පලාපල වෙනස් කරගත් අවස්ථාවන් ඉතිහාසයේ කියැවෙන අතර මෙකලද අත්දැක ඇත. නක්ෂත්‍රය මනුෂ්‍යයා මුලින්ම පාවිච්චියට ගත්තේ ගොවිතැන (කෘෂිකර්මය) සඳහාය. වැසි වැසීම පිළිබඳව ඉර හඳ බලපෑම මිනිසා විසින් සොයා ගැනිණි. අතීත මිනිසා තවත් කල් යෑමේදී ගව මහීෂාදීන් බෝවීම පිළිබඳවත් පිහිට සොයාගෙන ඇත. මිනිස්  වර්ගයා මේ ග්‍රහ තරුවලට යටත් බැව් මිනිසාටම වැටහිණි. ඒ අනුව මිනිසාගේ යහපත උදෙසා මේ ශාස්ත්‍රය උපයෝගි කර ගැනීමට මිනිසා පෙලඹීම නැකැත් සෑදීමේ ආරම්භය විය. අද අපත්  මේ පාවිච්චි කරන්නේ අතීත මිනිසා සොයා ගත් දේවල්ය.

 

අති පුරාණ මේ ශාස්ත්‍රය ඒ ඒ කාලවලට අවශ්‍ය පරිදි භාවිතයට ගත යුතු වෙයි. වෛද්‍ය ශාස්ත්‍රය අති පැරණි ශාස්ත්‍රයකි. අද ලෝකයා එය වැඩිදියුණු කරගනිමින් භාවිතයට ගනී.

 

ජේ‍යාතිෂය අනුව පැහැදිලි කරන්නේ නැකැත්, වේලා, හෝරා අනුව පලාපල සිදු වන බවයි. නක්‍ෂත්‍රය සොයා ඉතිහාසය බලන විට උදාහරණ ලෙස එකල පැළ සිටුවීම ආදී කෘෂිකාර්මික කටයුතු  සඳහා නැකැත් සාදා ඇත. උදාහරණ ලෙස පොල් ගසක් මාස3කින් පලදැරීම, ගෙඩි තුන බැගින් ඇතිවන පොකුරු හට ගැනීම, වැට කඩුලු නැතිව භෝගයන් වනසතුන්ගෙන් බේරා ගැනීමට යෝග ඇත. දෙයක් ආරම්භ කර අවසන් කිරීමට හෝ මඟ නතර වන නැකැත් තිබේ.

 

මේ ශාස්ත්‍රයෙන් වැඩ ගත් පුරාතනයෝ දරු උපත් පිළිසිඳ ගැනීම් පවා වෙලාවන් අනුව කරගත් බැව් සඳහන් වෙයි. අද ද මේ ශාස්ත්‍රයට ගරු කරන අය දරු උපත් ශල්‍යකර්ම සඳහා නැකැත් ක්‍රම භාවිත කිරීම ලංකාව, ඉන්දියාව වැනි රටවල බහුලව සිදු වේ. දරුවකු උපදින්ට පෙර කේන්දරය සෑදීම පැරණි නැකැත්කරුවාට සුළු සෙල්ලමකි. ඒ පිළිබඳව ලියූ පොත්පත්ද ඇත. ඉන්ද්‍ර ගුරුළුව,  පංච පක්ෂිය වැනි තාක්ෂණ ක්‍රම භාවිත කොට සාදන නැකැතක ඉදිරියට හමුවන ලකුණු පවා කීමට හැකියාවද අත් කරගෙන ඇත. මේ අතීත සටහන් කළේ ඔබට දැනුම ලබා ගැනීම සඳහාය.

 

උපන් කේන්දරයට අනුව සිදු වන දේ ක්‍රියාවලින් වෙනස් කළ හැකි බැව් දත යුතුයි. ග්‍රහයන් සිටි අයුරින් උපන් කේන්දරයේ පලවිපාක දෙයි. එසේ නම් ග්‍රහයන් ශුභව ගමන් ගන්නා කාලවල වැඩ ආරම්භ කිරීමෙන් යහපත් පල නෙළාගත හැකි වේ. එය ශාස්ත්‍රීය වෙයි. පැරණි නැකැත්කරුවන් ග්‍රහදානය පවා ශුභ වේලාවන් අනුව කිරීමෙන් ඵලදායී දරු උපත් ලබා ඇති බැව් ඉතිහාසය අපට කියයි. අද මෙන් යන්ත්‍ර සූත්‍ර නැති කාලයක මේ ශාස්ත්‍රයෙන් නොමඳව වැඩ ගත් බැව් පෙනේ.

 

සාරාංශ ලෙස සඳහන් කළොත් ශුභ වේලාවන් “නැකැත්” යයි කියමු “නැකැත” යනුවෙන් පෙන්වා දෙන්නේ චන්ද්‍රයා සිටින ප්‍රදේශයටයි. ඒ අනුව ශුභ වේලාවන් දක්වන්නේ චන්ද්‍රයා මුල් කරගෙනය. චන්ද්‍රයාගේ ආලෝකය සූර්යා නිසාම බැව් නොදන්නා කෙනකු නැත. ඒ නිසා රවි චන්ද්‍ර ග්‍රහයන් නැකැත් සෑදීමේදී මුල් ස්ථානය ගනු ලබයි.

 

චන්ද්‍රයා සූර්යයාගෙන් සිටින දුර ප්‍රමාණය අනුව තිථිය සෑදෙයි. නැකැත් ප්‍රකාශ කිරීමේදී ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේද ග්‍රහ ‍ෙදා්ෂයි. (රික්තා, වින්ෂති, දග්ධ, කෘණ, මර, විෂ, අග්නි, ශකට, භූමිශුක්‍ර, ශුල)

 

නක්ෂත්‍රයේ ඉතාම ගැඹුරු එමෙන්ම ඉතාම වැදගත් කොටස නැකැත් සාදා ගැනීමයි. ශුභ හෝ අශුභ ඕනෑම කටයුත්තකට නැකැත් සාදාගත හැකි වේ. කෘෂිකාර්මික අංශ මෙන්ම මිනිසාගේ සියලු කටයුතු නැකැත් අනුව කිරීමෙන් පල ලබයි.

 

ඉහත කරුණ සඳහන් කළේ නැකැත් පිළිබඳ පාඨක ඔබගේ දැනුම තරමක් හෝ දියුණු කර ගැනීම සඳහාය. අපි ‘හොඳ දවසක්’ බලන්නේ කුමට දැයි ප්‍රශ්නයට සුළුවෙන් හෝ පිළිතුරු සැපයීමකි. එසේ නම් ජේ‍යාතිෂයේ ඉතාම වැදගත් මෙන්ම ගැඹුරුම සුබ මුහුර්තය නොහොත් නැකැත් තුළින් අපත් ජීවිතයේ සෞභාග්‍යය උදාකර ගනිමු.

 

ජේ‍යාතිෂවේදී

 බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk