Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබටත් දෙවි දේවතාවන් සිහිනෙන් පේනවාද?

10 months ago 7 Min read
Subha.lk

ඔබ දන්නවාද දෙවියන් සැමට වඩා සිහිනයෙන් පෙනී සිටින්නේ දෙවියන්ට යහපත් මනසින්, දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින්, සත්‍යය භක්තියකින්, ගෞරවයකින් යුතුව පුද පූජාවන්, වන්දනාවන් කරනා බැතිමතුන්ටයි. යම් දෙවියකු වෙනුවෙන් අපේ ගෞරවය, භක්තිය විශ්වාසය අධික නම්, ඔබට වැඩි වශයෙන් එම දෙවියන්ගේ පිහිටාධාර ලැබෙනා බව පිළිගන්නේ නම්, තමන් එම දෙවියන්ගේ සැබෑ බැතිමතකු ලෙස පිළිගන්නේ නම්,

 

එවැනි බැතිමතුනට එම දෙවියන් සිහිනයෙන් දර්ශනයවීම කාලයකදී එක් වරක් හෝ කිහිපවාරයක් හෝ දිවි ඇතිතෙක් වරින් වර සිදු වනු ඇති. ඔබේ මනසේ පවතින ශ්‍රද්ධා භාවය හා ශාන්තභාවය මත දෙවියන් සිහිනයෙන් දර්ශනය වන වාර ගණන අඩු වැඩි වනු ඇත. මන්ද අන්‍යයන්ට වඩා දේව භක්තිය සමඟම තැන්පත් වූ මානසික තත්ත්වයක් පවත්වාගෙන යන පුද්ගලයකුට දෙවියන් දර්ශනය වීමට අවශ්‍ය සුදුසුකම් පරිපූර්ණව පවතින නිසා.

 

සාමාන්‍යයෙන් අපි දකිනා සියලුම සිහිනයකම පාහේ යම් යම් අර්ථයන් සැඟව තිබේ. ඒ අතරිනුත් සිහිනයෙන් දෙවියන් දර්ශනය වී නම් එහි විශේෂ අර්ථයක් හා පණිවුඩයක් ප්‍රකට කෙරේ. ඒ වගේම දෙවියන් සිහිනයෙන් පෙනීම දුර්ලභව සිදු වන දෙයක් වශයෙන්ද, ඉතාම සුබ සංකේතයක් වශයෙන්ද පිළිගැනේ.

 

නමුත් සමහරක් අවස්ථාවකදී දෙවියන් ඔබ ඉදිරියේ දර්ශනය වන ස්වරූපය අනුව, එසේ දෙවියන් සිහිනයෙන් දැකීම සුබද අසුබද යන්න තීරණය වන බවද සඳහන් වේ. එනම් දෙවියන් ශාන්ත, පියකරු ස්වරූපයෙන් ඔබට දර්ශනය වේ නම් එය ඉතාම සුබ සංකේතයක් ලෙස පිළිගැනේ. එම දෙවියන්ම ඉතා රෞද්‍ර, භයානක, උග්‍ර ස්වරූපයෙන් පෙනී සිටී නම් ඔබට යම් අසුබ සංකේතයන් පෙන්නුම් කරයි.!

 

බුද්ධ දේශනාවන් තුළත්, හින්දු සනාතන ධර්මය තුළත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේ වැඩවාසය කරනා බව සඳහන් වේ. එසේ වැඩ වාසය කරනු ලබන සියලුම දෙවියන් නාමිකව හැඳින්වීමටත්, එම දෙවියන් සිහිනයෙන් පෙනීමේ අර්ථය මෙය යැයි කීමටත් ප්‍රායෝගිකව කළ නොහැක්කක් වන නිසා, අප බොහෝ දෙනා දන්නා අ¾දුනන ප්‍රමුඛ ප්‍රධාන දේවතාවුන් වහන්සේ කිහිප දෙනකු සිනිනයෙන් පෙනීමෙන් පෙන්නුම් කරන සුබ සංකේතයන් මොනවද යන්න ගැන අපි දැන කියා ගමු.

 

දුර්ගා මාතාව සිහිනයෙන් දැකීම

සියලු දෙවියන්ගේ මාතාව වූ විශ්ව මාතා, ජගත් ජනනි ආදී මහා පරා ශක්ති ශ්‍රී මහා දුර්ගා මාතාවන් සිහිනයෙන් දර්ශනය වීම “සප්න ශාස්ත්‍රයට” අනුව (සිහින පලාපල) ඉතාම සුබ සංකේතයක් වශයෙන් පිළිගනු ලැබේ. දුර්ගා මෑණියන් රතු වර්ණ වස්ත්‍රයෙන් හා අලංකාර අභුෂණයන්ගෙන් (ආභරණ) සැරසී එතුමියගේ සැබෑ ස්වරූපය වූ මනස්කාන්ත, පියකරු, රූමත් ස්වභාවයෙන් සිනාසෙමින් සිටිනා ආකාරයෙන් දර්ශනය වේ නම්, එයින් ඔබට ඉදිරියේදී සියලු දේ… යහපත්ව සිදු වනා බවත්, ඔබ ප්‍රර්ථනා කළ ආකාරයෙන්ම සෑම කටයුත්තක්ම සාර්ථකව කර ගැනීමට හැකියාව උදාවන බවත්, ඔබට ඕනෑම ක්ෂේත්‍රයක් තුළ දියණුවක් ලබා ගැනීමට අවස්ථාවන් උදාවන බවත්, මෙතෙක් පිඩා විඳි යම් යම් මානසික පීඩාවන් හා කායික රෝග පීඩාවන්ගෙන් මිදී සුවපත්භාවය ලැබීමට හැකියාව ලැබෙනා බවත්, ඔබ මේ තාක්කල් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි “සුබ ආරංචියක්” ඇසීමට ලැබෙනා බවත් දුර්ගා මෑණියන් සිහිනයෙන් දර්ශනය වීමෙන් පෙන්නුම් කරයි.

 

ශිව ලිංගය සිහිනෙන් දැකීම

දෙවියන්ගේ දෙවියන් වන දේවාති දේව වූ මහා දෙවියන් හෙවත් ශිව දෙවියන් සිහිනයෙන් “ශිව ලිංග” ස්වරූපයෙන් දර්ශනය වේ නම් එය ඔබට සුබපල ගෙන දෙන සුබ සංකේතයක් ලෙස සැලකේ. සිහිනයෙන් ශිව ලිංගය දර්ශනය වේ නම් ඔබට ඔබේ සතුරන්ගෙන් මිදී සැනසීමට ලැබෙනා බවත්, ඔබේ විනාශය ප්‍රාර්ථනා කරනා අයටත්, ඔබට විරුද්ධව සතුරුකම් කරනා අයටත් අල්පමාත්‍රයකුදු හානියක් ඔබට කිරීමට නොහැකි වන බව පෙන්නුම් කෙරේ. ඉදිරියේදී ඔබේ සියලු කරදර පීඩාවන් දුරු වන බවත්, ඔබේ දියුණුව වෙනුවෙන් කටයුතු සැලසෙනා බවත්, ඔබට සාර්ථකව අභියෝග සියල්ල ජයගෙන ඉදිරියට යෑමට මාර්ගය පෑදෙනා බවත් පෙන්නුම් කෙරේ.

 

ක්‍රිෂ්ණ දෙවියන් සිහිනෙන් දැකීම

ශ්‍රී හරි නාරායන, ශ්‍රී විෂ්ණු අවතාර පරමාත්මා ශ්‍රී ක්‍රිෂ්ණ දෙවිදුන් සිහිනයෙන් දර්ශනය වේ නම් එය බොහෝ යහපත් මංගල නිමිත්තක් ලෙස පිළිගැනේ. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් දර්ශනය වීමෙන් නුදුරු දිනයකදී ඔබේ ජීවිතයට ඔබව හොඳින් තේරුම් ගන්නා ඔබට යහපත් කරුණා ගුණයෙන් සලකනා, ඔබේ සෑම කටයුත්තකදීම අතහිත දෙන, උදවු උපකාර කරනා ආදරණීය හිතවතකුගේ හෝ ආදරවන්තයකුගේ පැමිණීමක්, මුණගැසීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ක්‍රිෂ්ණ දර්ශනය වීමෙන් ඔබේ දිවියට සමෘද්ධිය උදාවන බවත් ජිවිතේ ඔබ බලාපොරොත්තුවෙන් සිටි සතුටින් ආදරයෙන් පිරීගිය කාලවකවානුවක ආරම්භය සිදු වේ. ඔබට ඔබේ සැබෑ ප්‍රේමය මුණ ගැසෙනා බවට ඉඟියක් ලබා දීමටත්, ඔබේ ජීවිතයට ප්‍රේමය, අනුරාගය එකතු වන බවත් පෙන්නුම් කෙරේ.

 

රාම දෙවියන් සිහිනෙන් පෙනීම

ශ්‍රී විෂ්ණු අවතාර ශ්‍රී රාම දෙවියන් සිහිනයෙන් පෙනීමෙන් ඔබට ඉදිරියේදී ඇතිවන බොහෝ බාධාවන්ගෙන් මිදී ඉදිරියට පහසුවෙන් යෑමට හැකිවන බව පැවැසේ. ඔබ මෙතෙක් යම් ප්‍රශ්නයකට කරදරයකට පත්ව, දුක් විඳිමින් සිටියා නම්, ඔබ එම කරදර සියල්ලෙන් නිදහස්වී සැනසුම් ලබනා බව සැලවේ. ඔබේ යහපතට බොහෝ වරප්‍රසාදයන් හිමිවීමට නියමිත බව පැවැසේ. එමෙන්ම ඔබේ ආදරණීය මවුපියන් සමඟ ඇති සම්බන්ධතාවන් ශක්තිමත් වන අතර ඔවුන්ගේ ආශීර්වාදයෙන් ඔබට ජීවිතය සාර්ථකව ගෙවීමට හැකිවන බව හඟවයි.

 

ගණපති දෙවියන් සිහිනෙන් පෙනීම

ප්‍රථම පූජ්‍ය වූ, සියලු බාධාවන් දුරලන්නා වූ, මංගල මූර්ති වූ මහා ගණපති දෙවියන් සිහිනයෙන් පෙනීම ඉතාම සුබ සංකේතයක් ලෙස සැලකේ. ගණ දෙවියන් සිහිනයෙන් දැකීමෙන් ඔබගේ බොහෝමයක් අපේක්ෂාවන්, බලාපොරොත්තු, ඉටු නොවූ ප්‍රාර්ථනාවන් ඉක්මනින් ඉටුවෙනා බවත්, ඔබට ඉතා යහපත් කාලයක් උදාවන බවත්, ඔබේ ජීවිතේ සිදුවන සෑම යහපත් දෙයක්ම ඉතාම හොඳින් සිදුවන බවත් පැවැසේ. ගණ දෙවියන් දර්ශනයවීම ඔබේ නිවසට සතුට, ශාන්තිය, ධනය, බලය, කිර්තිය නොඅඩුව ලැබෙනා කාලයක උදාව පෙන්නුම් කරයි. ඒ වගේම ඉදිරියේදී බොහෝ සුබ කාර්යයන් සිදුවන බවත් ගණ දෙවියන් දර්ශනය වීමෙන් ඉඟි කරයි.

 

උපුටා ගැනීම මව්බිම

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk