Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙසැම්බර් 26දා පරෙස්සමින් ග්‍රහ තත්ත්වය සුනාමි ආ දිනයට සමානයි

11 months ago 7 Min read
Subha.lk

මෙම දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය 2004දී ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදු වූ රුදුරු සුනාමි තත්ත්වයට සමාන බව හෙළිදරව් වෙයි. 2004 දෙසැම්බර් 26දා උදුවප් පුර පසළොස්වක පොහෝ දිනයදා මෙරට මුහුණ පෑ සුනාමි ව්‍යසනයෙන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර එදින සදු ග්‍රහයා ලංකා කේන්දරයේ මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරමින් සිටි දිනයක් විය. එම නැකැත හිමි කුජ ග්‍රහයා සිකුරු, බුධ සහ ප්ලූටෝ යන ග්‍රහයන් සමඟ යෝගව දහවැනි භාවයේ ගෝචර වී සිටියේය. කේතු ග්‍රහයා කුජගේ නැකැතක ගමන් කරමින් සිටියේය.

 

එදා තිබූ ඉහත කී ග්‍රහ පිහිටීම්වලට සාපේක්ෂව බලන විට මෙම 2023 වර්ෂයේ දෙසැම්බර් 26දාද උදුවප් පුරපසොළොස්වක දිනයක් වීම විශේෂයෙන් කැපී පෙනේ. එසේම එදින පවතින්නේ විෂ්ටිකරණයයි. සදු ග්‍රහයා එදා මෙන්ම ලංකා කේන්දරයෙහි මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරයි. කේතු ග්‍රහයා කුජට අයත් නැකැතක් වන සිත නැකැතේ ගමන් කරයි. කුජ සහ සිකුරු වෘශ්චික රාශියේ ගමන් කරයි.

 

මාස තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ඇදහැලෙන වැස්ස මේ වන විටත් නැවතී නැත. මධ්‍යම කදුකරයේ කදු කඩා වැටීම් නිතර වාර්තා වෙයි. ලෝකයේ වෙනත් රටවලින්ද භූමිකම්පා වාර්තා වන තත්ත්වයක් පවතින බව සැලකිය යුතුවෙයි.

 

2004 වර්ෂයට සමානකම් කිව හැකි පරිද්දෙන් මෙම දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය පිළිබඳව අපගේ අවධානය යොමු වීම වටී. පාපකාරී ක්‍රියාවන්ගෙන් බැහැරව ධාර්මිකව ජීවත්වීමට මහජනතාවගෙන් බොහෝදෙනා උනන්දු වන්නේ නම් මෙවැනි කාල විපත්වලින් අත්මිදීමට හැකි බව පුරාණාචාර්යවරුන්ගේ ඉගැන්වීමයි.

 

 

 

කිවිපති කල්‍යාණි හේරත් මැණිකේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk