කළකම් පලදෙන 2024 වර්ෂය තීරණාත්මකයි
මේ මිහිතලය මත සිදුවන දූෂණ, වංචා අපරාධ, පරිසර හානි, පිදිය යුත්තන් නොපිදීම, මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම යන හේතු නිසා දෙවියන් මිනිසුන් අතරින් දුරස් වීමට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම මිනිසුන් තුළ වූ මනුස්සකම ගිලිහී යෑම ඊට හේතුවී තිබේ. මේ නිසා මිනිසාට නොසිතූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ.
ඉදිරි කාලසීමාව ලෝකවාසී ජනතාවට මහත් කරදර ඇතිවන, දුකෙන් සිටීමට සිදුවන කාලයකි. විශේෂයෙන්ම උදාවන 2024 වසරේ මුල් භාගය තුළ මෙහි තවත් ප්‍රතිඵල අසන්නට, දකින්නට හැකි වනු ඇත. ලෝක යුද්ධ ඇතිවීම මෙන්ම එකිනෙකා අතර අවබෝධය අඩු වීම, ආගම දහම තුළින් අෑත්වීම, මිථ්‍යාදෘෂ්ටික හේතු කාරණා කරළියට පැමිණීම, තාක්ෂණය වැරදි ආකාරයට භාවිත කිරීම, ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම වැනි කරුණු කාරණා හේතු කොටගෙන මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවාසී ජනයාටද මහත් පීඩා තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම රටේ සම්පත් විකිණීම, රජයේ මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් පාලක පක්ෂයට චෝදනා එල්ල වන අතර එහිදී නිදාගෙන මෙන් සිටි ජනතාව යළි නැඟිටීමේ අවස්ථාවන් ඇතිවේ. ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයන් ජනතා අපහාසයට ලක්වේ. නීතිය හදන මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ දූෂණවලට සම්බන්ධ වූවන් හෙළි වේ.
පීඩිත ජනතාව පෙළන්නා වූ පීඩනය තවත් වැඩි වන අතර ඒ තුළින් මෙතෙක් රට පාලනය නොකළ පිරිසකගෙන් සමන්විත අලුත්ම ආකාරයක පාලන ක්‍රමයක් බිහි වීමේ ප්‍රවණතාවක් වර්ෂයේ මැද භාගයෙන් පසුව ඇති වේ. 2024 වර්ෂයේ මුල් කාලසීමාව තුළ මෙරට බලයේ සිටි හෝ සිටින ප්‍රබල දේශපාලනඥයකුගේ වියෝවීමක් ද සිදුවිය හැකිය. ඇතැම් බෞද්ධ භික්ෂුන් තම පෞද්ගලික මතිමතාන්තර ප්‍රසිද්ධ කරමින් බුද්ධාගම පිළිබඳ බෞද්ධයන් අතර අවිශ්වාසයක් ගොඩනැඟීමේ කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇත.
විශේෂයෙන්ම අපේ සංස්කෘතිය සහ හෙළ සිරිත් විරිත් ක්‍රමයෙන් අමතක කර ප්‍රදේශ ගැති සිරිත් විරිත්වලට මුල් තැන දීමට ජනයා පෙලඹීම, තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම, නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් නැතිවීම නිසා කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුව ගොවියා අතරින් ගිලිහී යෑම, ගොවිතැනේදී සිදුකළ වත් පිළිවෙත් නොසලකාහැරීම නිසා භවභෝග සම්පත් හීනවී යෑම, අපනයනය දුර්වල වීම, ඉවසීමේ සීමාව නොමැති නිසා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතා ඇතිවීම ආදී රට අ¾දුරු අගාධයකට ඇද දමන්නට හේතු වී ඇති මෙවැනි අසුබ තත්ත්වයන් සුබ අතට පත්කර ගැනීමට නම් රටේ රජුගේ සිට දිළින්දා දක්වා ධාර්මික විය යුතු අතර පංචශීල ප්‍රතිපත්තියට ගරු කළ යුතුය. එය වචනයට පමණක් සීමා නොකළ යුතු අතර ඒ සඳහා ප්‍රායෝගික ලෙස යම් කැපකිරීමක් කළ යුතුය.
දිනපතා නිවෙසේ බුදුන් වැඳීම කරන අතරම සතියකට එක් දිනක්වත් පවුලේ සියලුදෙනා එකට එක්ව බුදුන් වැඳ දෙවියන්ට සහ ශුද්ධ වූ ඥාතීන්ට පින්දීම කර ආශීර්වාද ලබාගන්න. විනාඩි පහක් භාවනා කරන්න. සෑම දිනකම අවදි වූ පසු යහපත් සිතුවිලි ඇති කරගෙන වෛරී සිතුවිලි ඉවත් කර ගන්න. රතුලූනු, කරපිංචා වැනි ඔෟෂධ දමා තැඹිලි හෝ පොල්වලින් අත් තෙල් සිඳ උදේට හිසෙහි ගාගන්න’ ටිකෙන් ටික දෙවියන් ඔබ වෙත ආකර්ෂණය වනු ඇත.
උපුටා ගැනීම මව්බිම
දේවගැති පරාක්රුම සුභ සිංහ