ගෙදරට අවාසනාව කැඳවන මේ දේවල් කවදාවත් කරන්න එපා
අනේක විධ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් තොර වූ ජීවිතයක් ගත කිරීම කොයි කාගේත් ප්‍රාර්ථනාවයි. එසේම උත්සාහයයි. නමුත් ජීවිතයේදී විවිධ හැලහැප්පීම් දවසින් දවස මතුවීම නිසා මානසික මෙන්ම ආර්ථික හා කායික ස්ථාවරභාවයන් මිනිසුන්ගේ බිඳ වැටීම සිදු වෙනවා.
එබඳු අවස්ථාවලදී මිනිසුන් ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීම, බෝධි පූජා තැබීම, විවිධ බලි තොවිල් කිරීමද සිදුකරගන්නවා. ඒත් සමහරුන්ට කොයි තරම් බෝධි පූජා තැබුවත්,කොතෙක් පිළිවෙත් ඉටු කර ගත්තත් කිසිදු අයුරකින් සහනයක් නොලැබුණු, නොලැබෙන අවස්ථා තියෙනවා. සමහරුන්ට කිසිදු සහනයක්, සුවයක් නොලැබීමට හේතු ලෙස තමන් විසින් කර ගන්නා කොඩිවිනද හේතු වෙනවා.
අපි බලමු නිවෙස්වලට තමන් විසින්ම කරගන්නා කොඩිවින මොනවාද කියා. නිවෙස ඉදිරිපිටම රෙදි වැලක් ගැට ගසා තිබීම, කටු සහිත ගස් දොරකඩ කෙළින් ඉදිරියේ තිබීම, ගෙදර හදන සුනඛයන් කූඩු නොකර ගේ ඇතුළේම තබාගැනීම, නිවෙසේ මුදුන් යටලීය පහළට එල්ලෙන පරිදි ලණු ගැට ගසා තිබීම, ඇඳුම් සෝදා වහලයට දමා වේළීම ආදිය ඉතා අසුබය. ඇතැම් අලුතෙන් ඉදිකරන නිවෙස් ඉදිරිපිට චික් නොදකින්, තූ වැනි වදන් ලියා තිබේ. මෙය දකින කවුරුන් වුවත් කියවන්නකි. විද්‍යාත්මකව බැලුවත් මෙය වැඩි ගණනක් කියවන විට මන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වේ.
මෙය අසුබ වදනක් බැවින් මෙයින් ගෙදර අයට අසුබ ඵල විපාක උදා වේ. සමහර ගෙවල්වල උදේ සිට නිදා ගන්නාතුරු කියවන්නේ, ඇහෙන්නේ කෑ කෝ ගැසීම්ය. සැරපරුෂ වචනයන්ය. නරක වචන කීම්ය. එයින් වන්නේ ඒ ගෙදර සිරිකත පලායෑමය. හිස පීරා කෙස් මිදුලට දැමීම ගොඩක් කාන්තාවන්ගේ පුරුද්දක් වේ. නියපොතු කපා දැමීම, ප්‍රධාන උළුවස්ස ඉදිරිපිටම වාඩි වී කොණ්ඩය පීරීම, උකුණන් බැලීිම ඉතා අසුබය. එමෙන්ම නිවෙසේ ප්‍රධාන උළුවස්ස ඉදිරිපිටින් ඉඳුල් වතුර දැමීම, කට සෝදා දැමීම, මස්, මාළු වර්ග ප්‍රධාන ෙදාරින් ගෙට අරන්ඒම අසුබ දේවල්ය. තව සමහරුන් ආහාර ගන්නේද දොරකඩ(උළුවස්ස යට) වාඩි වීය. මේ ක්‍රියාවන් නිසා සිදුවන්නේ නැති කරදර ළං කරගැනීමකි. අමනුෂ්‍ය බලවේග පවා නිවෙසට ඇතුළු වීම මෙයින් වෙන්න පුළුවන්.
නිවෙසේ පහන් තැබීමේදීද එම කටයුතු ක්‍රමවත් අයුරින් කළ යුතුය. නිවෙසේ ප්‍රධාන දොර ගාවට පෙනෙන්න බුදු පහන තබනවා නම් ඉතා හොඳයි. නිවෙසට ඇතුළු වන ප්‍රධාන දොරටුව ගාව පාවහන් දමන්න එපා. දිය බඳුනකට සුදු මල් දමා තබන්න. එසේම නිවෙසට ඇතුළුවන තැනම මල් භාජනයක් තැබීමෙන් නෙත කෙළින් මල් බඳුන දෙස ඇස යොමුවන නිසා ඇස්වහ, කටවහද දුරු වීමට හේතු වේ. හොඳට නිවෙසට අව් රශ්මිය වැටෙන්න ඉඩ දෙන්න. ජනෙල් දොරවල් උදේ වරුවේ අරින්න. නිවෙසේ බුදු පහන පත්තු කරන පොල්තෙල්වලට ඉතිපිසෝ ගාථාවෙන්108 වරක් පිරිත් කර පහන් පත්තු කරන්න. දුම් අල්ලන විට සාම්බ්රානිවලටද පිරිත් දුම් අල්ලන්න එවිට කිසිදු අමනුෂ්‍ය දෝෂයකටද නිවෙසේ ඉඩම්වල නරකට ඉන්නව නම් ඉන්න බැරි වේවි.
ජ්යොති්රවේදී රජිත ලක්මාල් දිසානායක