අතේ සතේ නැති කරන වාස්තු දෝෂ
වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන අමුතුවෙන් අප පැහැදිලි කරගත යුතු නැත. නමුත් අකැමැත්තෙන් හෝඅපට එම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබේ. එම නිසානිවෙසක් තුළදී පෙරට වඩාආර්ථික කළමනාකරණය ගැන දැඩි අවධානය යොමු කළ යුතුය. කරුණු එසේ හෙයින් ඒ සඳහා විශේෂයෙන් අප මෙහිදී නිවෙසක වාස්තුමය තත්ත්වයන් යහපත් ලෙස පවත්වා ගත යුතුය. එහිදී ද නිවැසියන්ගේ ආර්ථිකය දුර්වල කරන නිරිත දිශාවේ වාස්තු දෝෂයන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුම වේ.
වාස්තු ශාස්ත්‍රය තුළදී මෙන්ම අනෙකුත් ශාස්ත්‍රයන් තුළදී ඊසාන දිශාවට සුවිශේෂ වටිනාකමක් ලබාදී ඇත. එම නිසා නිවෙසක ඊසාන දිශාවට වැඩි අවධානයක් වාස්තුමය කටයුතුවලදී නිවැසියන් මෙන්ම වාස්තු ශිල්පීන්ද ලබාදී තිබේ. එම හේතුව නිසාම ඊසාන දිශාවට නොදෙවැනි නිරිත දිශාව සඳහා වාස්තු නිර්දේශයන්වලදී ප්‍රමුඛතාවක් ලබාදී නොමැති බව පෙනෙන්නට තිබේ. නමුත් අප අවබෝධ කරගත යුතු කාරණයක් වන්නේ නූතන වාස්තු සිද්ධාන්තයන්ට අනුව ඊසානයෙන් නිවෙස වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තිය නිවෙසක් තුළදී සාපේක්ෂව ගබඩා වන දිශාව නිරිත දිශාව බැවින් එම දිශාව දෙවැනි කොට සලකා කටයුතු නොකළ යුතු බවය.
නිවෙසක අන්තරීක්ෂ ශක්තිය ප්‍රවේශන දිශාව ඊසාන දිශාව බව දන්නාකරුණකි. එම නිසානිවෙස වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තිය උපරිමයෙන් සහ වැඩි ප්‍රවණතාවකින් නිවෙසට ලබාගැනීම සඳහාඊසාන දිශාවේ විශාල ජනේල දොරවල් තැබීම මඟින් වැඩි විවෘත අවකාශයක් සකස් කර ගැනීම අවශ්‍ය වේ. ශක්ති ප්‍රවේශයට බාධා වන කිසිදු ඉදිකිරීමක් ඊසාන දිශාවේ නොවිය යුතුය. එමෙන්ම නිවෙසට ගලා එන අන්තරීක්ෂ ශක්තිය නිවෙසේ කෙමෙන් ගබඩා වන්නේ නිරිත දිශාවේ සිටය. එම නිසා එම දිශාවේ අවකාශය හැකි පමණ සංවෘත වන පරිදි ප්‍රමාණයෙන් කුඩා කවුළු ප්‍රමාණයක් තබා ගැනීම අවශ්‍ය වේ. එය වැදගත් වාස්තු මූලධර්මයකි. මෙසේ ගබඩා වන අන්තරීක්ෂ ශක්තියට හානියක් සිදුවන පිහිටීමක් හෝක්රියාකාරකමක් නිවෙසේ නිරිත දිශාවේ නොවිය යුතුය. විශේෂයෙන් දකුණු දිශාව සහ බටහිර දිශාව මුහුණත සහිත ඉඩම්වල නිවාස ඉදිකිරීමේදී සාලය වගේම ප්‍රධාන දොර නිරිත දිශාවේ පිහිටීම වාස්තු සිද්ධාන්තයන්ට පටහැනිය. එවැනි පිහිටීම් සහිත නිවාසවල ඊසානයෙන් ගලාඑන අන්තරීක්ෂ ශක්තිය නිවෙසේ රඳවා ගැනීම ගැටලුසහගත වේ. මෙවැනි නිවාසවල ශක්ති සංසරණය ඉතාම පහළ මට්ටමක පවතී නූතන වාස්තු විශේෂඥයන් වාස්තු ඇගයීම් සකස් කිරීමේදී අඩුම ලකුණු ප්‍රමාණය නිරිත දිශාවේ ප්‍රධාන දොර පිහිටීමට ලබාදීම තුළින් ඉහත සඳහන් කළ ආකාරයේ පිහිටීමක අහිතකර බලපෑම ගැන කරුණු වටහාගත හැකිය.
මුළුතැන්ගෙයද නිවෙසක නිරිත දිශාවේ ඉතාමත් අහිතකර පිහිටීමකි. නිවෙස තුළ ගබඩාවන අන්තරීක්ෂ ශක්තිය මුළුතැන්ගෙයි ළිප හේතුකරගෙන ඇති වන තාප ශක්තියේ බලය නිසානිවෙසෙන් බැහැර වීම සිදුවෙයි. එවිට නිවෙස අභ්‍යන්තරයේ ශක්ති ක්‍රියාවලිය ඉතාමත් දුර්වල වීම වැළකිය නොහැකිය. ඉහත සඳහන් කළ පරිදි නිවෙසක ඊසානයෙන් ඇතුළුවන අන්තරීක්ෂ ශක්තිය නිවෙස තුළ රඳවා ගැනීමට නිවෙසේ නිරිත දිශාවේ පිහිටීම ඉතාම වැදගත් වේ. නිවෙසේ නිරිත කොටසේ අඩුවක් ලෙස සැලසුම් වීම හෙවත් නිවෙසේ නිරිත දිශාවේ නිවෙස නොමැති වීම නිසාඊසාන දිශාවෙන් ප්‍රවේශ වන අන්තරීක්ෂ ශක්තිය ගබඩානොවී නිවෙසින් බැහැරට ගලා යයි. එවිට නිවෙස ඇතුළත අන්තරීක්ෂ ශක්ති හීනතාවක් ඇති වීම වැළකිය නොහැකිය. තවද බිම් මට්ටම් කිහිපයක් සහිත නිවෙසක නිරිත කොටස ඉතාමත් පහළින් පැවැතීම හේතුවෙන්ද නිවෙසේ අභ්‍යන්තර ශක්ති තීව්‍රතාවට බලපෑමක් සිදුවේ. වැසිකිළියද වැසිකිළි වළද ඊසාන දිශාවට මෙන්ම නිරිත දිශාවට අයහපත් පිහිටීමකි. වැසිකිළියක් වනාහි සෘණ ශක්ති ප්‍රභවයක් සහිත ගෘහාංගයකි. එම නිසාවැසිකිළියෙන් පිටවන අසුබ ශක්තිය අන්තරීක්ෂ ශක්තිය සමඟ මුසු වී අසුබ ලෙස සක්‍රිය වූ ශක්තිය නිවෙස පුරාගලායෑම සිදුවේ. වැසිකිළි වළ, ළිඳ, ගරාජය, භූමියේ නිරිත බෑවුම, නිරිත දිශාවේ ගේට්ටුවද නිරිත දිශාවේ පිහිටි තවත් අනිසි පිහිටීම් වේ.
ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී නිවෙසක ඊසාන දිශාව ඉතාමත් යහපත් ලෙස පවත්වාගෙන ගොස් අන්තරීක්ෂ ශක්තිය කෙතරම් යහපත් ලෙස නිවෙසට ලබා ගැනීම සිදු කළද නිරිත දිශාවේ පවතින වාස්තු දෝෂ හේතුවෙන් නිවෙස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්තියට වන හානිය නිසානිවෙසේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව ඉතාමත් අයහපත් ලෙස දුර්වල වීම සිදුවේ. මේ හේතුවෙන් නිවැසියන් රෝගී තත්ත්වයට භාජන වීම, ආර්ථිකය බිඳ වැටීම්වලට පත්වීම, අනවශ්‍ය වැයවීම්, මූල්‍යමය ඉතිරියක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයට පත්වීම ආදිය සිදුවීම වැළැක්විය නොහැකිය. එම නිසාදෝෂාකාරී වර්තමානයේ විශේෂයෙන් ආර්ථිකමය ශක්තිමත්භාවය සලකානිරිත දිශාවේ දෝෂාකාරී තත්ත්වයන් ඇතොත් ඒ සඳහාදෝෂයෙන් පිළියම් යෙදිය යුතුය. කැඩීම් බිඳීම් සිදුකළ නොහැකි අවස්ථාවල පිරමීඩ ආශ්රිත වාස්තු ශිල්පයේ සහාය ලබාගෙන පිරමීඩ ආශ්රිත මෙවලම් භාවිතයෙන් දෝෂයෙන් වන්නා වූ හානිය වළකාගැනීමත් ඉතාමත්ම කාලෝචිත මෙන්ම සාර්ථකම ක්‍රමවේදය වන අතර එමඟින් සාර්ථක ජීවිතයකට හිමිකම් කිව හැකිය.
සැලසුම් ශිල්පී, වාස්තු විද්‍යා සහ මනෝවේදන උපදේශක, හස්ත රේඛා පරීක්ෂක, ජ්‍යොතිෂවේදී (ක්රිෂ්ණ මූර්ති) ප්රණීය සුවවේදී බී. ඒ. ජයවර්ධන