සමාජ දේශපාලන ආගමික ආර්ථික ෙක්ෂ්ත්රවල විප්ලවීය වෙනසකට ඉඟියක්
කුජ ග්‍රහයා 2022 වසරෙහි 26 වැනිදා ප.ව. 3.49ට මකර රාශියට පිවිසීම වඩාත්ම තීරණාත්මක වන්නේ මිථුන ලග්න හිමියන්ටය. මීට කලින් ලිපිවලින්ද සඳහන් කළ පරිදිම මෙසේ මකර රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කරන කුජ ග්‍රහයා 2022 වසරෙහි අප්‍රේල් 7 වැනිදා ප.ව. 3.15 වන තෙක්ම තම උච්ච චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ මිථුන ලග්න හිමියන්ට ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස්වන ආකාරයට අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කෙරේ.
කෙසේ වෙතත් ඉහත කී කාලසීමාව තුළ මුලදී අභියෝගයක් හෝ බාධකයක් හේතුවෙන් මිථුන ලග්න හිමියන්ට අසුබ ප්‍රතිඵල ලැබෙන්නටද යම් ඉඩක් තිබුණද එම කාලසීමාව නිම වීමට පෙර එම අභියෝගයෙන් හෝ බාධකයෙන් ජය ලබාගෙන හෝ වෙනත් ක්‍රමයකින් හෝ පියවරක් ඉදිරියට යෑමට හෝ පරිණත වීමට හෝ ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ මිථුන ලග්න හිමියන්ගේ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට ඉඩකඩ ඇති අතර ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඒවා සාර්ථක වීමටද ඉඩකඩ ඇත. මීට අමතර ලෙස 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ මිථුන ලග්න හිමියන්ගේ දැනට පවතින අතිරේක ආදායම් මාර්ගයක් නවතින්නට ඉඩකඩ ඇති අතර ඒ වෙනුවට අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ඇති වන්නට ඉඩකඩ ඇත. එමෙන්ම ඉහත ග්‍රහ ගෝචරයට අනුව මිථුන ලග්න හිමියන්ට ඉහත කාලසීමාව තුළ කිසියම් අලුත් කටයුත්තක් ආරම්භ කරන්නට දින නියම වීමක් හෝ ඒ සඳහා ඉඟි ලැබීමක් හෝ එවැනි අලුත් කටයුත්තක් ආරම්භ වීමක් පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව මේෂ ලග්න හිමියන්ට 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ රැකියා ස්ථානය තුළ පෞරුෂත්වය ඉහළ යෑම නිසා ගැටලු ඇති විය හැකි බැවින් ප්‍රධානීන් සමඟ වාද විවාදවලට යෑම ආදියෙන් වැළකිය යුතුය.
පෙබරවාරි 26 වැනිදා සිදුවීමට නියමිත කුජ මාරුවට අනුව 2022 වසරෙහි පෙබරවාරි 24 වැනිදාත් 2022 වසරෙහි මාර්තු 1 වැනිදාත්, අතර කාල සීමාව තුළ රිය අනතුරු, වෙනත් හදිසි, අනතුරු, ගිනි ගැනීම් අත් වැරදීම්වලින් සිදුවන පිපිරීමි ආදියෙහි වැඩිවීමක් සිදුවිය හැකි බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පක්ෂාකාර්ව කාලය ගත කළ යුතුය. එමෙන්ම මීට කලින් ලිපියකින් සඳහන් කළ පරිදිම 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ ගුවන් යානා අනතුරුවලට හෝ ගුවන් ගමන්වලට බාධා ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ගුවන් ගමන්වලදීද වෙනදාට වඩා පරීක්ෂාකාර්ව කාලය ගත කළ යුතුය.
කුජ මාරුවට අනුව 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදායින් පසුව එළැඹෙන දින 5 තුළ ආගමික උතුමකුට හෝ රටම දන්නා වෙනත් ප්‍රසිද්ධ චරිතයකට ඇතිවන බලගතු අපලයක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මීට කලින් ලිපිවලින් සඳහන් කළ පරිදිම 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ පාතාල නායකයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ වෙනත් අපරාධකරුවන්ටද ආයුධ අතදරන්නන්ට ඇතිවන ඉතා බලගතු අපල පෙන්නුම් කරන අතර ලෝක මට්ටමෙන් සිදුවන පිපිරීම්වලට සහ ගිනි ගැනීම්වලටද ඉඩකඩ ඇත. එමෙන්ම 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදාත් 2022 වසරෙහි අප්‍රේල් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ නාය යෑම්වලටද, පොළොව සෙලවීම්වලටද, ඩෙංගු වැනි අසනීප ශීඝ්‍ර ලෙස පැතිරෙන්නටද, මහපොළොවෙන් වටිනා රතු මැණික් මතුවීමටද තරුණ පරපුරේ උද්යෝගයක් ඇති වීමටද, ක්‍රීඩකයකුගේ ලෝක වාර්තාවක් බිහිවීමටද ඉඩකඩ පවතින බව පෙනේ.
2022 වසරෙහි අප්‍රේල් මාසය තුළ රවි, බුධ, සිකුරු, ගුරු, කුජ, ශනි, චන්ද්‍ර, රාහු, කේතු යන සියලුම ග්‍රහයන් තම රාශි මාරුකරන බව පෙනේ. මෙය ආර්ථික, සමාජීය, ආගමික, දේශපාලන යන ක්ෂේත්රවල විප්ලවීය පරිවර්තනයක් පිළිබඳව ඉඟි ලැබීමකි. ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කිර්මට ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වෙමු.