Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබට භූමි ලාභ ධන ලාභ හිමිද?

8 months ago 7 Min read
Subha.lk

මනුෂ්‍යත්වය ලැබීම ඉතා වාසනාවන්ත බවත් ඉතා දුෂ්කර බවත් කීපවිටක්ම ලිව්වා මතකයි. ඒ වාසනාව ලැබූ ඔබ තවත් වාසනාවන්ත කරුණු කීපයකට උරුමකං කරන කෙනෙක් බව අද දැන ගන්න කෝ. ඔබ ඉපදුනාට පසු ජීවත්වන්ට තරම් දේවල් මේ විශ්ව ශක්තිය ලබාදුන්නා. ඒ ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව. ඒ තමයි වාතය,ජලය,හිරුඑළිය. ඕනෑම දෙයක් වවාගෙන කන්ට සශ්‍රීක පොළොව. ඒ වගේම පොළොව තුළ ඇති වස්තුව. ඒවා ගැන ඔබට වැඩි අවබෝධයක් නැහැ. මේ ලොව අපට හිමි හැම දෙයම දෘශ්‍යමාන නැහැ. ඒ කිව්වේ අපේ පියවි ඇසටකනට ඇහෙන්නෙ පෙනෙන්නෙ නැහැ. සතෙකුට ඇති කිසිම දක්‍ෂතාවයක් මිනිහාට නැහැ. මොලේ ඇරෙන්න. පූසෙකුට උගේ ඇහේ රේඩියම් මූලද්‍රව්‍ය තිබෙන නිසා අඳුරේ වුණත් පෙනෙනවා. ඕනෑම බල්ලෙක් දිව එළියට දාගෙනමයි ඉන්නේ. ඌ ඉව අල්ලන්නෙ දිවෙන්. බලන්නකෝ ලොකු ලොකු අපරාධකරුවන් සොයාදෙන්නෙ මේ බල්ලනේ. මිනිහට තිබෙන්නෙ විඥානය විතරයි. අපි ඒකෙන්වත් ප්‍රයෝජනය ගන්නෙ නැහැ. බුදුන් වහන්සේගේ කාලේ“තෝ දෙයියා” බමුණගේ වස්තුව තම පුතාට දුන්නෙ ඒ බමුණා මියගොස් බල්ලෙක් වෙලා ඉපදිලා. ඌ පොළොව යට තිබෙන වස්තුව අතින් පවුරු ගාලා තමයි දැනුම් දුන්නේ. සතුන් පොළව යට ඇති දේ උනත් ඉවෙන් හොයා ගන්නවා. මේ පොළොව යට ඇති අපට අයිති දේ බොහෝමයි. අපි දන්නෙ නැහැ ඒ ගැන. උත්සාහයෙන් අවබෝධයෙන් ගන්ට ඕනෑ. අපට අයත් නැති අනුන්ට අයත් නිදන් වගේ දේවල් අපි ගන්න උත්සාහ කළත් අපේ වත්තේ අපේ ඉඩමේ අපට අයිති දේ ගැන කිසි අවබෝධයක් නැහැ. ඒ ගැන කියන විග්‍රහ කරන එකම ශාස්ත්‍රය තමයි ජ්‍යොතිෂය සහ නිමිති ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍ර දෙක ගැන වැටහීමක් නැති නිසා ඒවා අපට අහිමිවී යනවා.

 

අප සතු ඉඩමේ අපේ ගෙදර කිසියම් අප සතු වස්තුවක් තිබෙනවද කියල දැන ගන්නෙ කොහොමද? නිධානයක් තිබේ නම් කැප කළ බහිරවයෙක් ඒක රකින්නම ඕනෑ. බහිරවයන් මිනිසුන් වගේ නොවේ. ඒ අයට කැප නොවූ දේවල් තම සතු කරගන්නෙ නැහැ. එවැනි දේවල් බහිරව පූජාවෙන් තොරව ගන්න හැකි වනවා. අපි දානයක් බුද්ධ පුත්‍රයින් වහන්සේලාට දෙන කොටත් අර වගේම කැප කිරීමක් කරන්න ඕනෑමයි. ඒ කැප කිරීම් තමයි ඒ අය සංඝගත කරනවා කියන්නේ. එහෙම සංඝගත නොවුණොත් ඒ ආහාර ඒ අයට ගන්ට කැප නැහැ. ඒ වගේම තමයි බහිරවයන්ටත්. මෙහෙම වස්තුවක් කැප නොකළොත් රකින්නත්දෙන්නත් වරම් නැහැ. හැබැයි ඒ තැන ගැන හෝඩුවාවක් කරනවා. එවැනි බහිරව වස්තු ගන්ට බිලි පූජා අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් වශයෙන් නිධන් බහිරවයාගනිමු. යම් වස්තුවක් නිධන් බහිරවයාට කැප කරල ඒක දෙන්ට සුදුසු අය හා පූජාවට තැබිය යුතු, ගන්නා ක්‍රමය නිධන් වදුලේ සටහන් කරනවා. එතකොට ඒ වස්තුව ගත හැක්කේ ඒ නියමිත අයට විතරයි හා නියමිත ආකාරයටමයි. නමුත් පහතින් සඳහන් කරන්නේ බහිරව පූජා දෙන්නෙ නැතිව ප්‍රේත තටුව දීලා බහිරව ඉනාවකින් ගැනීමේ පිළිවෙලයි.

 

අපි දන්නවා සුළු දෙයක් වුණත් දරුවෙකුට අකුරු කරන කොට සාමාන්‍යයෙන් බුලත්, මල් පලතුරු කැවිලි වලට අමතරව කළු උක්ගස් තබන්නට ඕනෑ බව. ඒ වගේම පත්තිනි මෑණියන්ගේ පූජාවලට කිරි ආහාර තබන්නට ඕනෑ. සූනියං දෙවියන්ගේ පූජාවට ගිතෙල්, හකුරු, මී පැණි තැබීම අනිවාර්යය වනවා. එහෙම නැතුව ඒ අයට ඒවා ගන්ට බැහැ. කලින් කී කරුණු වගේම බහිරව පූජාවටත් ආවේණික පූජාව තිබෙනවා. නමුත් ප්‍රේත තටුව දීලා බහිරව ඉනාව කළාම ලකුණු පහළ කරනවා. මේ පුද පූජා එච්චර වියදම් යන ඒවා නොවේ. රාත්‍රි8 ට ආරම්භ කළාම රාත්‍රි12 වනවිට ඉවරයි. මේවා බහිරව පූජාම නොවුණත් ලැබිය යුත්තාට ලබාදීමක් විතරයි මින් සිදුවන්නේ. මේ වස්තුව අයිති ගෙයි හිමියාට හෝ පවුලේ කෙනෙකුට විතරයි. ගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලේ උරුමක්කාරයෙකුට හිමිවනවා. එතෙක් ඒ තැනම තිබෙනවා.

ඔබේ ගෙදර මෙවැනි භූමිලාභ තිබෙනවාද කියලා දැනගන්නෙ කොහොමද? ඉස්සෙල්ලා දැන ගන්න ඕනෑ ඔබේ ගෙදර තිබෙන සාමාන්‍ය බඩු බාහිර දේවල් හදිසියේ නැතිවනවද? එහෙමවෙලා ටික දිනකින් නිකම්ම නැවත හම්බ වෙනවද? එහෙමත් නැතිනම් කළු කුහුඹි එක පෙළට පෙරහැරක් වගේ යනවද? ඔන්න ලකුණු එහෙම නම් මේ පූර්ව සංඥා වලින් දැන ගන්න ඔබේ ඉඩමේ ඔබට හිමි වස්තුවක් ඇති බව. තවත් සමහර විට කුරුල්ලො ඇවිල්ලා සිංදු කියලා කලබල කරලා යාවි. ඒක ඔබට කරදරයක් වුණාට උන්ව එළවන්නට එපා. මේ සංඥාව ලැබී දින90 ක් තුළ හිමි වස්තුව ලැබීමේ වාසනාව ළං වනවා. ඔබ එයට කිසිදු කියාවක් නොකොලොත් වස්තු භංගත්වයට පත්වී වෙනත් දවසක වෙනත් ලේ උරුමක්කාරයෙකුට යාවි. සමහර විට මේවා ඔබ නින්දෙන් රාත්‍රි 10ටත් 02 ටත් අතර කාලයේදී සලකුණු කරයි. මේවා හදිසි ධනලාභ බව අමතක කරන්න එපා.

 

ඒ වගේම ඔබේ කේන්දරයේ ගුණාගුණ නැත්නම් පලාඵල පරීක්‍ෂා කරන කොට11 වැනි රාශිය ගැනත් ටිකක් විමසා බලන්න. අපි හිතමු11 වැන්න අයිති වුණේ මේෂ රාශියට හෝ වෘශ්චිකයට කියලා. ගෝචරය අඟහරුවට ගියොත්, ඒ අඟහරුවගේ අතුරු දසාව නම් ඔබට හදිසි ධන ලාභයක් සිකුරුයි. තව එකක් එතැන අඟහරුව නීච/හතුරු වුණොත් අනුන්ට ගහපු පහරකින් තමුන්ට ලේ ගලන තුවාලයක් සිදුවේවි. ඔය කිව්වේ හදිසි ධන ලාභ/අලාභ ගැනයි.

 

ඒ වගේම කේන්දරය පරීක්‍ෂා කරවගන්න කොට6 වැනි රාශියත් ටිකක් වැඩියෙන් බලාගන්න. මොකද එතැනට තමයි ශාත්‍රෘ ස්ථානය. ඔබ නිමිති ශාස්ත්‍රය වඩා හොඳට ඉගෙන නොගත්තත් සුළුවෙන් හරි දැනගන්න. වත්තෙ පොළොවේ පැළයක් සිටුවන්න. හැබැයි රට පෝර දමන්ට එපා. පැළය හොඳට පැළවෙනව නම් සශ්‍රීකයි. ඒ පොළොව තුළ බොහෝදුරට වස්තුව තිබෙනවා. ඒ පැළය කොඩවනවා නම් ප්‍රේත බැල්මක් තිබෙනවා. වත්තෙ තලගොයි හුඹා හදනවනම් නයි මේ පැත්තෙ සිට විරුද්ධ පැත්තට වේගයෙන් යනවා නම් සුබයි. වස්තුවක් රකිනවා. ඒවා නවත්වන්නට එපා. ඒවා වස්තුව ලබාගැනීමෙන් හෝ වස්තු භංගයෙන් පසු ඉබේටම නවතීවි. අපට ගොඩක්ම නොලැබී යාම් තිබෙන්නේ මේ නිමිත සංඥා නොදන්නා නිසයි.

 

බහිරව පූජා වලදී හැම පූජාවකම සත්ව බිලි පූජා නැහැ. සමහර නිධන් වදුලුවල කිරිබත් කැපයි. පලතුරු,කැවිලි කැපයි. ඒ වගේම ලොකු ලොකු බිලිපූජාත් නැතුව නොවේ. ඒවා ගැනීම ඉතා දුෂ්කරයි. ආවේණික වස්තු ලබාගැනීම වගේ නොවෙයි. ඔබ මොන වස්තුව ගත්තත් දින 90 ක් තුළ සුළුවෙන් හෝ සංඝගත දානයක් දෙන්න ඕනෑමයි.

 

ඔබේ ඉඩමේ හෝ පදිංචි ස්ථානයේ වස්තුවක් තිබෙනව නම් ඒක ලබාගන්ට පුංචි ඉඟියක් දෙනවා. මොකද කිව්වොත් මිනිහෙක් දියුණු වනවා කියන්නෙ රටක් දියුණු වෙනවා කියන එකනේ. ඔබේ ඉඩමේ කිසියම් වස්තුවක් ගැන සැකයක් මතුවුණොත් පිරිසිදු මැටි පහනකට අබතෙල් හෝ පස්තෙල් දමා පහන දල්වා කලවම් නැති සාම්බ්‍රානි වලට මෙම මන්ත්‍රය21 වර මතුරා නිවසට වත්තට දුම් අල්ලන්න. මෙම තෙල් වලටත් සාම්බ්‍රානි වලටත් එක විට මතුරා ගන්න. එවිට මෙම පහන් දැල්ල එක් පැත්තකට කැරකෙනවා නම් ඔන්න විශ්වාසයෙන්ම බලාගන්න ඔබලාට හිමි වස්තුවක් ඇතිබව. මෙය අපි අත්හදා බැලූ ගුරුකමක්.

 

“සුරං සුර දිශ්ඨි – අසුර දිශ්ඨි – ලංකා දිශ්ඨි- ලංකා විශ්ණු දිශ්ඨි – විශ්ණු අවතාර දිශ්ඨි – ඊශ්වර දිශ්ඨි- ඊශ්වර අවතාර දිශ්ඨි – ක්‍රාතේස්වර දිශ්ඨි – ක්‍රාතේස්වර අවතාර දිශ්ඨි – නාතේස්වර දිශ්ඨි – නාතේස්වර අවතාර දිශ්ඨි – සර්වදේව දිශ්ඨි – සර්ව දේවතා දිශ්ඨි – සරස්වතී දිශ්ඨි – සරස්වති මුඛ තුල දිශ්ඨි – ශ්‍රියාදේවි දිශ්ඨි – ශ්‍රියාදේවි අවතාර දිශ්ඨි – මා ගිය තැන් – ආ තැන් – යන්ත්‍ර මන්ත්‍ර කලඑළි දිශ්ඨි – ඒං ඒං ඒං.”

 

ඔබ විවාහක නම් බිරිඳ,සැමියා, දරුවෝ සමඟ එක්තරා භවයක ඔබට හිමි අය බව අමතක කරන්ට එපා. අවිවාහක නම් මවුපිය,සහෝදර,සහෝදරි ඔබට හිමි ඔබේම අය. ඒ වගේම ඔබට හිමි ඉඩම නිවස එහි ඇති වස්තුවද ඔබටම හිමි, දේවල්. ඒවායේ ස්වාමිත්වය ඔබට මයි. සමගිය සතුට නැතිවන විදියට ඒ ස්ථානයේ පදිංචිවන්ට එපා. පිරිසිදුවෙන් හිත් පිරිසිදුවෙන් හැකි අයුරු පුද පූජාවෙන් ජීවත්වන්න. එවිට ඔබේ ඉඩමේ ඔබට හිමි වස්තුව ලැබීමට හේතු වනවා.

 

ඉඳලා හිටලා ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා ගන්න බ්‍රහස්පති – බුධ ග්‍රහයෝ අයහපත් නම් ඔබේ යහපත් ගුරුන්ට සත්කාර කරන්න හැකි පමණින්.

 

කෙසේ හෝ ඔබගේ නිවසේ හෝ පදිංචි ඉඩමේ ඔබට හිමි කිසියම්ම වස්තුවක් ඇති බව හැඟී ගියහොත් මාසේ පුර තිථිය පවතින දිනයක ප්‍රේත තටුවක් දීමට කටයුතු යොදා ගන්න ඇයිද කියනවනම් වස්තුවක් යැයි සැකකරන යමක් හිරකිරීම කරන්නෙ ප්‍රේතයා නිසා මේ ප්‍රේත තටුවට අවශ්‍ය පුද පූජා තබා ප්‍රේත දිශ්ඨි කොට ටික වේලාවකින් ප්‍රේතයා තටුවට එනවා. සමහර විට මේ ප්‍රේතයා ආ බව හැඟවීමට ප්‍රේත තටුව සොලවනවා. එය බොහෝදුරට කරනවා. ඉතාම කලාතුරකින් තමයි නොකරන්නේ. ප්‍රේතයා ආ බව තේරුම්ගත් ගුප්තවේදියා ප්‍රේතයා ඉනා කර ඔහු සඳහා තබා ඇති සියලුම දේ කැපකරනවා. එයින් පසු එම ඉඩමේ ඇති කිසිදු වස්තුවකට ඇති හිරකිරීමේ හෝ ඊට ඇති සියලුම බාධක අතහරිනවා.

 

ඕනෑම ප්‍රේත දොලකට තටුව වෙත නොඉඳුලෙන් බතක්, කැවිලි,පලතුරු,අදුන්පිළිස්සුම් වැනි දෑ තැබීම අවශ්‍ය වනවා. සමහර විට මේ දේවල් අඩුපාඩු වූ විට ප්‍රේතයාගේ පැමිණීම ප්‍රමාද වනවා. එතකොට තටුව අස්කිරීමටත් ප්‍රමාද වනවා. යාමයට කලින් අස්කරන්නත් ඕනෑ. එම නිසා මැතිරීමට කලින් සියලුම දේවල් නිවැරදිව තිබේද යන්න ගුප්තවේදියා පරීක්‍ෂා කළ යුතු වෙනවා. අවසානයේදී බහිරව ඉනාවකින් මෙම පූජාව අවසන් කරනවා. මෙම අවසන් කිරීමට පෙර දක්‍ෂ ගුප්තවේදියා කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. එනම් බහිරව තටුව සමඟ ආරක්‍ෂක මුට්ටි වැළලීමට පෙර දිෂ්ඨි කළ ප්‍රේත තටුව ඉඩමෙන් ඉවත්කර ප්‍රේතයා තුන්මන්සලක හිරකිරීම අත්‍යවශ්‍ය වනවා. මේ සරල දේවල් කිරීමෙන් තමන්ට සතු වස්තුව ලබාගැනීමට ඉඩ සැලසීම දක්‍ෂ ගුප්තවේදියාගේ යුතුකමක්.

 

ඔබට භූමිලාභ ධනලාභ හිමිද

 

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යදර මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk