රෝග සුවයට යෝගා
මෙම ලිපිය අතට ගෙන ඔබ කියවන්නේ අකුරු උගත් කෙනකු නිසායි. අකුරු විතරක් නොවේ, මෙතෙක් ජීවිතයේ ඔබ තව බොහෝ දේවල් ඉගෙනගෙන ඇති. එහෙත්, ජීවිතයට ඉතාම වැදගත් තවමත් ඔබට හරියාකාරව ඉගෙනීමට නොලැබුණු බොහෝ දේ ඇති. ඊට උදාහරණ කිහිපයක් දෙන්නම්.
උදා:- නිවැරදිව හුස්ම ගන්න - නිවැරදිව හිතන්න - සතුටින් ජීවත් වෙන්න.
අපට ඉගෙනීමට මඟහැරුණු එවන් බොහෝ වටිනා දැනුම් පහසුවෙන් ඉගෙනීමට හොඳම මඟක් තමයි “යෝග” හැදෑරීම.නිවැරදිව, ප්‍රායෝගිකව යෝගා ඉගෙන ගන්නා විට අපි ජීවිතයේ ගොඩනඟා ගන්නා වටිනා ගුණාංගයක් තිබෙනවා. ඒ තමයි සතිමත්ව(සිහි නුවණින්) ජීවත් වීම(ඛ්ධදඵජඪධභඵ තඪමඪදඨ) අප සතිමත්ව ජීවත් වන විට අපගෙන් එදිනෙදා ජීවිතයෙහි වැරදි සිදුවීම් අඩු වෙනවා. පමණ දැන ආහාර ගැනීමට, නිසි විවේකය ලැබීමට, සිත කලඹන අනවශ්‍ය දෙයින් වැළකීමට අපි නිරායාසයෙන් පෙලඹෙනවා. ඇතැම් විට ඉදිරියේ පැනනැඟීමට නියමිත ගැටලු කල්තබා හදුනා ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා(ධ්දබභඪබඪධද)
මා දැන් ඔබට අකුරු කරන්නේ ඔබට ඉදිරියේ මතු වීමට නියමිත සෞඛ්‍ය අවදානම් වටහා ගැනීමට සරල ක්‍රියාවක්.
ඔබ දිනපතා නින්දෙන් පිබිදුණු විගස ඔබගේ දකුණතෙහි මහපටඟිල්ල නාභිය මත තබා මඳ වේලාවක් තෙරපාගෙන ඉන්න. එවිට ඔබගේ මහපටඟිල්ලට හෘදය ස්පන්දනය හා සමානව නාඩි ස්පන්දනයක් අතට දැනේවි. එලෙස දැනෙනවා නම් ඔබගේ සෞඛ්‍ය මට්ටම සැලකිය යුතු හොඳ මට්ටමක ඇති බව කියන්නට පුළුවන්. ඔබගේ නාභිය අසල වේදනාවක් දැනෙනවා නම්, නාඩි රිද්මය නොහැඟෙනවා නම් එයින් කියැවෙන්නේ ඔබට දැනටමත් කිසියම් සෞඛ්‍ය ගැටලුවක් ඇති බව හෝ සෞඛ්‍ය ගැටලුවක් ඉක්මනින්ම ඇති විය හැකි බවයි. ඔබත් මෙම උදර පරීක්ෂාව දිනපතා අත්හදා බලන්න.
ඔබ ශරීර සෞඛ්‍ය ගැන ඉතා සැලකිලිමත් කෙනෙක්ද? ඔබට හටගන්නා ව්‍යාධීන්ගෙන් සියයට80ක් පමණ උදර අභ්‍යන්තර ඉන්ද්රියයන් ඇසුරින් පැනනඟින බව ආයුර්වේදය පිළිබඳ ප්‍රවීණයන් පවසනවා. ඔබත් පහත සඳහන් යෝගා අභ්‍යාසය දිනපතා අභ්‍යාස කරන්න. එය ඔබගේ උදරය අඩු කරගෙන හැඩ වෙන්නත්, බොහෝ ලෙඩ අඩු කරගන්නත් උපකාරයක් වේවි.
එක්පාද උට්ඨාන පාදාසනය
• රූපයේ පරිදි උඩුකුරුව වැතිරෙන්න.
• දෙඅත් වැළමිටි දිගහැර අත්ල දෙක කලවා දෙපස තබා ගන්න.
• පා දණහිස් ඍජුවත්, පා ඇඟිලි ඉදිරිපසටත් හරවා තබා ගන්න.
• දීර්ඝ හුස්මක් ගනිමින් දකුණු පාදය අංශක 90ක් ඉහළට ඔසවන්න.
• හුස්ම දීර්ඝ ලෙස පහත හෙළමින් එම රිද්මයටම පාදය පහත හෙළන්න.
• එලෙසින් දකුණු පාදයෙන් වාර 11කුත්, වම් පාදයෙන් වාර 11කුත් අභ්‍යාස කරන්න.
සැ. යු. උදර ශල්‍යකර්ම කළ අය, ගැබිනි මවුවරු, හර්නියා වැනි රෝග ඇති අය යෝග පිළිබඳ ප්‍රවීණයකුගේ උපදෙස් ඇතිව අභ්‍යාස කරන්න.
– චානක රුක්ෂාන්