අපල කරන නවග්‍රහයන්ගේ දෝෂ හැර ආශිර්වාදය ළං කරන බලවත් සෙත් කවි මාලය
(අනුහස් බෝධි මූලයකදී සජ්ජායනය කර උතුම් පල නෙළා ගන්න)
සෙත් කවි හෙවත් ඉෂ්ට කවි මෑත කාලීනව පමණක් නොව දුර ඈත අතීතයේ පටන්ම ශාස්ත්‍රීය මට්ටමින් හුදෙක් ජනී ජනයාගේ යහපත වෙනුවෙන් භාවිතයට යොදා ගත් ශාස්ත්‍රීය ක්රමවේදයකි. මේ අතරින් නිතර ජන්මින්ගේ දිවියට මතු වන නවග්‍රහ අපල දුරු කර ගැනීමටත් මෙම සෙත් කවි අදටත් හිතර භාවිත කරනු ලබයි. මෙසේ මතු වන නවග්‍රහ අපල කරදර දුරින් දුරු කර ගැනීමට මෙන්ම යහපත සලසා ගැනීමට අනුහස් බෝධි මූලයකදී නිසි ලෙසින් භාවිතයට ගත හැකි මෙම සෙත් කවි ගෝචරයෙන් ඇතිවන නවග්‍රහ දොස් දුරුකර ගැනීමට යොදා ගෙන බලවත් ගැටලු කරදරවලින් මිදී දිවියට සුවය සහනය උදාකර ගන්න.
වසවත් මරු පරදවමින් තෙළෙස් අරද සිඳලන්නේ
රහසින් පව් නොකර සියලු පූජාවට නිසියෙන්නේ
භගවත් ගෞතම සම්මා සම්බුදු මා හිමියන්නේ
අරහං ගුණයේ බලයෙන් රවීගෙ අපල දුරු වන්නේ
නිම්මා නැති සසර කතර තරණය කර ජය ගන්නේ
නිමා නිය සිතැඟි ලෙසින් දත යුතු හැම දනිමින්නේ
පෙම්මා කර දැන ගන්දේ වදහළ අප මුනිඳුන්නේ
සම්මා සම්බුදු ගුණයෙන් සඳුගෙ අපල දුරුවන්නේ
ලැජ්ජා බය ලෝක පාල දහම් ලෙසින් දෙසමින්නේ
විජ්ජා සය පරිදි තෙවිදු අට විදු නැණ ලැබ ගන්නේ
සජ්ඣායන තුළ පසළොස් සරණ නමැති මුනිඳුන්ගේ
විජ්ජාචරණය බලයෙන් කුජගේ අපල දුරුවන්නේ
උභතෝ සංඝයා සමඟ යහපත් ලෙස වඩමින්නේ
භව තෝ තැන්නෙන් නික්මී සුගත් මගට පිළිපන්නේ
අවබෝධය පොවා සතට සෙත් දුන් අප මුනිඳුන්නේ
සුගතෝ ගුණයේ බලයෙන් බුධගෙ අපල දුරුවන්නේ
නේක සැණින් තුන් ලෝකෙහි දත යුතු දෙය දනිමින්නේ
ශෝක තැවුල් දුරු කරමින් තුන් කල්හිම වැඩ ඉන්නේ
මේක මෙසේ යැයි නිසැකව වදහළ අප මුනිඳුන්නේ
ලෝක විදූ ගුණ බලයෙන් ගුරුගෙ අපල දුරුවන්නේ
පිරිස මැදද ගජතුන් මැද කෙසරිඳු මෙන් වැඩ ඉන්නේ
තිරිසනුන්ට පවා මහඟු බුදු මහිමය වැටහෙන්නේ
ඉනුන් ලොවේ කිසිවකුටත් දෙවැනි නොවූ මුනිඳුන්නේ
අනුත්තරෝ ගුණ බලයෙන් කිවීගෙ අපල දුරු වන්නේ
සාර අසැති කප් සුවහස් කලක් සසර සරමින්නේ
පාරමිතා සමතිසතින් සාර දහම් පුරමින්නේ
මාර පරාජය කරලා බුදු වූ අප මුනිඳුන්නේ
සාරථි සත්ත ගුණ බලයෙන් රාහු අපල දුරුවන්නේ
අතපත් වූ මොක් සුව හැර සසර මගට පිළිපන්නේ
හැම සත්නගෙ සැපත පතා රා දොස් මෝ දුරලන්නේ
අගපත් පින් ගුණ මහිමැති අප ගෞතම මුනිඳුන්නේ
භගවත් ගුණයේ බලයෙන් කේතු අපල දුරලන්නේ
“උතුම් තෙරුවන්ගේ බෙලෙන් ඔබේ දිවියට යහපතම සැලසේවා”
ජ්‍යොතිෂවේදී,
හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී
කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර,
දෙහිඕවිට