පොරොන්දම් ගැළපීමට වඩා ස්ත්‍රී පුරුෂ දෙදෙනාට බලපාන ග්‍රහ බලය
ඉන්දියාවේ භාවිත වන විසි පොරොන්දම් ක්‍රමයෙහි අප රටට නොගැළපෙන, අනවශ්‍ය තැන් බොහොමයකි. මහේන්ද්‍ර, වෘක්ෂ, ගෝත්‍ර හා වර්ණ ආදිය එයින් කිහිපයකි. පොරොන්දම් තත්ත්වය 100%ක් නිවැරැදි වුවද විවාහය අනුමත කළ නොහැකි අවස්ථා ඇත.
එනම් ආයුබලය, මාරක අවස්ථා, ඒරාෂ්ටක අපල (විශේෂයෙන් දෙදෙනාටම එකවිට එම අපලවලට ලක්වීම) හා රෝගී තත්ත්වය මෙන්ම ගෝචරයෙන් අසුබපල ගෙන දෙන කාලයේ සිදුවිය හැකි හදිසි අනතුරු සම්බන්ධවද විමසා බැලිය යුතු වේ.
එහෙයින් මෙරටට වඩාත් ගැළපෙන (සඳු මුල්කොට ගැනෙන) මූලික දස පොරොන්දම් විග්‍රහය (පාපාංශක සැසඳීම ඇතුළුව) පහත දක්වා ඇත.
1. නැකැත, ගණ, යෝනි, නාඩි, ලග්න හා චන්ද්‍ර කේන්දරය අනුව රාශී, ලග්න, රාශ්‍යාධිපති හා චන්ද්‍ර රාශ්‍යාධිපති, වශ්‍ය පොරොන්දම (ජන්ම රාශි, චන්ද්‍ර කේන්දරය අනුව) රජ්ජු, වේද හා පක්ෂි පොරොන්දම තත්ත්වය.
2. පොරොන්දම් පරීක්ෂා කරන දිනයේදී ස්ත්‍රී / පුරුෂ කේන්දර දෙකෙහි වෙන වෙනම ග්‍රහ පිහිටීම්, ග්‍රහ සංයෝග, ග්‍රහ දෘෂ්ටිය පරීක්ෂා කිරීම.
3. උපතේදී දක්නට ලැබුණු මහ දසා ශේෂය මෙන්ම ගෙවී යන මහ දසා / අතුරු දසාව හා බල පවත්වන දිනය.
4. ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකෙහි භෞම දෝෂය, සනි මංගල යෝගය, විස කන්‍යා යෝගය ගැළපීම් හෝ භංග වීම්.
5. (ජෛමිනි සූත්‍රය අනුව) ආයුෂ පල පරීක්ෂාව.
6. දරු පල තත්ත්වය.
7. ස්ත්‍රී – පුරුෂ දෙදෙනාට බලපාන ඒරාෂ්ටක පීඩා කාලය. (ජන්ම – අෂ්ටම – චන්ද්‍රස්ටම හා ලග්න ඒරාෂ්ටක වශයෙන්)
8. ආර්ථික ත්ත්ත්වය.
9. හදිසි ධන ලාභ, ඉඩකඩම් – නිවාස, යාන වාහන ලැබීමේ ග්‍රහ බලය පරීක්ෂා කිරීම.
10. විදේශ අධ්‍යාපනය – රැකියාව හෝ විදේශ ගමන්.
ජේයාතිර්වේදී මිල්ටන් හේවාපතිරණ-