ඔබේ ලග්නයේ සිකුරු ඉන්නා තැන බලා ප්‍රේමය හා විවාහය ගැන දැන ගනිමු
සිකුරු(ශුක්‍ර) ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය අනුව ප්‍රේමය, විවාහය පිළිබඳව යම් තොරතුරක් අනාවරණය කර ගැනීමට පුළුවනි. ඒ ගැන විමසීමට පළමුව සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය හඳුනා ගන්නා අන්දම විමසා බලමු.
සිකුරු(ශුක්‍ර) ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය අනුව ප්‍රේමය, විවාහය පිළිබඳව යම් තොරතුරක් අනාවරණය කර ගැනීමට පුළුවනි. ඒ ගැන විමසීමට පළමුව සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය හඳුනා ගන්නා අන්දම විමසා බලමු.
ඔබේ කේන්දර සටහනේ සිකුරු ග්‍රහයා භාව ෙදාළොසින් කුමන හෝ භාවයක (කොටුවක) තැන්පත්ව සිටී. මෙහිදී එම කොටුව අයත්වන රාශිය කුමක්දැයි හඳුනාගත යුතුව තිබේ.
ඒ සඳහා ලග්න ෙදාළොස පිළිවෙළින් දැන සිටිය යුතුය. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න ෙදාළස පිළිවෙළිනි.
දැන් ඔබේ ලග්නය මුලට තබා වම් අත පැත්තට සිකුරු සිටින භාවය දක්වා ගනින්න. එවිට ලැබෙන රාශියට අනුව පලාපල විමසන්න. නිදසුනක් මඟින් දක්වතොත් මැනවි යැයි සිතේ. ඒ සඳහා කටක ලග්නය උපයෝගි කර ගනිමු. එම කටක ලග්න කේන්දරයේ සිකුරු ග්‍රහයා දෙවැන්නේ තැන්පත්වී ඇත්නම් 1 කටකය වශයෙන් සැලකූ විට 2 සිංහය වෙයි.
මේ අනුව කටක ලග්න කේන්දරයේ දෙවැන්න වූ සිංහ රාශියේ සිකුරු තැන්පත්ව සිටී. අනෙක් ලග්නවලටද මේ ආකාරයෙන්ම සිකුරු තැන්පත් රාශිය සොයා ගැනීමට පුළුවන් විය යුතුය. දැන් අපි සිකුරු උපතේදී පතිතව සිටි රාශිය අනුව පලාපල විමසා බලමු.
මේෂ:
සිකුරු මේෂ රාශියේ තැන්පත් වූයේ නම් ආලය සම්බන්ධ කටයුතුවලදී උසස් කෙනෙකි. අනෙකා රවටමින් ආලය නොකරයි. තම ආදරවන්තිය හෝ ආදරවන්තයා අන්‍යයන්ට හඳුන්වා දෙන්නට මැළිනොවේ. ආදරය සම්බන්ධ කටයුතුවලදී කිසිදු අකැමැත්තක් පළ නොකරයි.
විවාහයට යම් යම් ගැටලු පැටලිලි ඉස්මතු වුවද අවසානයේ ඒවා ඉවත්ව යනු ඇත. වීරත්වය අගයන සහකරුවකු හෝ සහකාරියක විවාහයට ලැබේ. වාසනාවන්ත විවාහයක් හෙයින් ගෘහ ජීවිතයද වාසනාවන්තය.
වෘෂභ:
සිකුරු වෘෂභ රාශියේ තැන්පත් වූයේ නම් පිවිතුරු ආදරයකි. එය ඉතා ගෞරවාන්විත වෙයි. ආදරය ඉදිරියේ හැඟීම්වලට වහල් වන්නේ නැත. පෙම්වතියට හෝ පෙම්වතාට බොරු කීමට හෝ බොරු කිරීමට කැමැති නොවේ. නිතර ළඟම ගැවසෙන්නට ආශා කරයි. තෑගි භෝග ගෙනත් දෙයි. අනෙකා පුදුම වන විධියේ කටයුතු කිරීමට කැමැතිය. විවාහයද ඉතා වාසනාවන්තය. ගෘහ ජීවිතය පී්රතිමත්ය. දෙවැනි විවාහයක් වන්නේ ඉතා කලාතුරකිනි.
මිථුන:
සිකුරු මිථුන රාශියේ තැන්පත් වූයේ නම් ප්‍රේම සම්බන්ධකම් කිහිපයක්ම ඇති කර ගනී. සමහර විට එකවර දෙතුන් දෙනකු සමඟ වුවද සම්බන්ධකම් පැවැත්වීමට හැකිය. එහෙයින් මොවුන් අතර ස්ථිර ආදරයක් නැති තරම්ය. ප්‍රේම සබඳතා කිහිපයකින් පසුව එක ස්ථිර ආදරයක් සොයා ගනී. ප්‍රේම සබඳතා දෙකකට වැඩියෙන් අනිවාර්ය වේ. සෙල්ලක්කාර ලෙස පෙම්වතා හෝ පෙම්වතිය ඉදිරිපිටදී හැසිරෙයි. ආදරයට වඩා රාගය පෙරමුණට පැමිණේ. තමරක් දුර බැහැර කෙනකු හා විවාහය සිදුවීමට පුළුවනි. ඔහු හෝ ඇය උගත්, බුද්ධිමත් කෙනෙකි. උත්තරීතර රැකියාවක නියුතු කෙනෙකි.
කටක:
සිකුරු කටක රාශියේ තැන්පත් වූයේ නම් දුටු දුටුවන් සමඟ ප්‍රේමයෙන් බැඳේ. එකවිට දෙදෙනකුට ආදරය කරන්නට යොමුවේ. එහෙයින් අසාර්ථක ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම ඇති වෙයි. තත්ත්වයට නොගැළපෙන අය සමඟ වුවද ප්‍රේමයෙන් වෙළෙන්නට වුවද මැළි නොවේ. කාමාධික වේ. ආදරය කිරීමේදී වුවද ලිංගිකත්වය ප්රමුඛ කර කතාබහේ යෙදේ. එහෙත් ඒවා ක්‍රියාවට නොනැගෙයි. ප්‍රසිද්ධියක් උසුලන අයකු සමඟ ප්‍රසිද්ධ විවාහයක් සිදුවේ.
සිංහ:
සිකුරු සිංහ රාශියේ තැන්පත් වූයේ නම් ඉක්මනින් ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟේ. පහත් අය සමඟ ආල බැඳුම් ඇති කර ගනී හෙවත් සම්මතටය පටහැනිව ප්‍රේම කරනු ඇත. මවුපිය වැඩිහිටියන්ගෙන් විරෝධය, අකැමැත්ත පවා එල්ලවේ. එහෙත් අවසානයේ එම තත්ත්වය මඟහැරී යයි. ඥාති හිතමිත්රාදීන්ගේ ආශ්රයෙන් හෝ රැකියා ස්ථානයේදී හෝ හඳුනාගත් කෙනකු සමඟ විවාහ වීමට බොහෝ දුරට පුළුවන. සහකරුට හෝ සහකාරියට හිතුවක්කාරකම් කරන්නට ඉඩ නොදේ. නීති රීති පනවයි. විවාහයෙන් පසුව ආදරය ස්ථිර වේ.
කන්‍යා:
සිකුරු කන්‍යා රාශියේ තැන්පත් වූයේ නම් ස්ථිර ආදරයක් නැත. ආදර සම්බන්ධයක් හේතුවෙන් අන්‍යයන්ගේ නින්දා අපහාස විඳීමට බොහෝ ඉඩකඩ පවතී. නැතහොත් මොනයම් හෝ කරදරයකට මුහුණ පෑමට සිදුවනු ඇත. කෙසේ හෝ ප්‍රථම ප්‍රේමය බිඳී වෙනත් අයකු හා විවාහ වෙයි. වැඩි තොරතුරු නොදන්නා දුර බැහැර කෙනකු සමඟ විවාහය සිදුවිය හැකිය. එහෙත් විවාහයට පෙර සහකරු හෝ සහකාරිය පිළිබඳ ගැඹුරින් සොයා බලයි.
තුලා:
සිකුරු තුලා රාශියේ තැන්පත් වූයේ නම් ආදර සම්බන්ධ කටයුතු ඉතා ගෞරවාන්විතය. පිරිසුදුය. කිසිවිටෙක තම පෙම්වතියට හෝ පෙම්වතාට බොරුවක් වංචාවක් නොකරයි. සමහර විට ආදරයට විවිධාකාරයේ බාධා පැමිණීමට පුළුවන. එහෙත් ඒවා බිඳ හෙළන්නටද සමත්ය. සමාජයෙන් ගෞරවය ලබන ප්‍රසිද්ධ කෙනකු සමඟ ප්‍රසිද්ධ ලෙස ආදරය ප්රමුඛ කරගෙනම විවාහය වෙයි. විවාහයෙන් පසුවද සාර්ථක ගෘහ ජීවිතය වාසනාවන්ත වෙයි. යහපත් දරුවන් ලබයි. හොඳ මවකි. හොඳ පියෙකි.
වෘශ්චික:
සිකුරු වෘශ්චික රාශියේ තැන්පත් වූයේ නම් දකින දකින අය කෙරේ ආල හැඟුම් උපදවා ගනී. ආදරය සමඟ රාගයද අත්වැල් බැඳ ගනී. එහෙයින් විවාහයට පෙර කායික සම්බන්ධතාවලට යොමුවීමට පුළුවනි. නමුත් ලිංගික පාරිශුද්ධිය රැක ගැනීමට මහත් වෑයමක් දරනු ඇත. කොහොම වෙතත් පළමු සබඳතාව බිඳ වැටෙයි. එයට හේතුව කලබලකාරී ලෙස ඉක්මන් තීරණ ගැනීමයි. රැවටිලිසහගත කෙටිකාලීන ආදර සම්බන්ධකම් කිහිපයක්ම ඇතිවෙයි. අනතුරුව සැබෑ ආදරයම ප්රමුඛ කරගෙන විවාහ දිවියට එළැඹෙයි. සහකරුට හෝ සහකාරියට මහත් සේ ආදරබරය. විවාහයෙන් පසු දියුණු වේ.
ධනු:
සිකුරු ධනු රාශියේ තැන්පත් වූයේ නම් ආදරය පිළිබඳ කටයුතු ඉතා පිරිසුදුව තබා ගනී. ටික කාලයක් යනතුරු ආදර සම්බන්ධය ලෝකයට සඟවාගෙන ඉන්නට සිදුවෙයි. එහෙත් නිතර නිතර මුණගැසෙයි. විවාහ දිවියට එළැඹෙන විට ආදර සම්බන්ධතා එකකට වැඩියෙන් පවත්වයි. විවාහයට කිසිසේත් ඉක්මන් නොවේ. දායාද සහිත යහපත් විවාහයකට භාග්‍ය තිබේ. විද්වත් බුද්ධිත් අයකු සමඟ කෙරෙන විවාහයකි. ගෙදර ෙදාර කටයුතු ගැන හොඳින් සොයා බලයි.
මකර:
සිකුරු මකර රාශියේ තැන්පත් වූයේ නම් බොහෝ කරදර බාධක මැද්දේ ප්‍රේම සම්බන්ධයන් පවත්වන්නට සිදුවේ. එහෙයින් ඉක්මන් ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නට හේතුවේ. වයසින් වැඩි අය කෙරේ සිත ඇදී යන්නට පුළුවන. සමහර විට විවාහයද වයසින් වැඩි අයකු සමඟ විය හැකිය. බොහෝ විට තරමක් ප්‍රමාද වී විවාහය සිදුවේ. එය තමාට නොගැළපීමට පුළුවන. නැතහොත් එසේ සිතීමට හෝ පුළුවන. දෙදෙනා අතර මත ගැටුම් දෝෂදර්ශන මතුවේ. නමුත් ගෙයි ගින්දර පිටට නොදේ. විවාහකයාගේ කපටිකම්වලට හසුවේ. යටත්වීමට සිදුවේ.
කුම්භ:
සිකුරු කුම්භ රාශියේ තැන්පත් වූයේ නම් දුටු පමණින් ප්‍රේම කිරීමට නොයයි. ඒ සියලු දෙය ක්‍රමානුකූලය. බොරුවට ආදරය නොකරයි. කෙටි කාලීන සම්බන්ධකම් ඇතිකර ගන්නේද නැත. කලක් ඇසුරු කොට සිතුම් පැතුම් හඳුනාගෙන යුග දිවියට එළැඹෙයි. ආදරය අඩු නොවේ. විවාහයෙන් දායාද ලැබෙන අතර විවාහකයාද ආර්ථික අතින් ශක්තිමත් කෙනෙකි. අගහිඟකම් ඇති නොවේ. කෙසේ හෝ යුග ජීවිතය යහපත්ය.
මීන:
සිකුරු මීන රාශියේ තැන්පත් වූයේ නම් ආදරයේ වේදනාව උරුමය. ප්‍රථම ප්‍රේමය බිඳ වැටෙයි. ආදරය කරන්නේ එය විවාහයෙන් කෙළවර කර ගැනීමේ චේතනාව සහිතවය. තරමක් දුර බැහැර අයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟීමට හෝ විවාහය සිදුවීමට ඉඩකඩ පවතී. විවාහයට ලැබෙනුයේ ආඩම්බරකාර කෙනෙකි. නමුත් ආගමානුකූලය. එහෙයින් ගෘහ ජීවිතයද වාසනාවන්ත එකක් වේ. විවාහයෙන් ටික කලකට පසුව ශරීර සනීපයට බාධා මතුවේ.
සිකුරු තැන්පත් රාශිය අනුව පලාපල මෙසේ වුවද එම සිකුරු තැන්පත් භාවය (කොටුව) නැකැත ලබන දෘෂ්ටිය සංයෝග ආදිය තුළින් ප්‍රතිඵල වෙනස් විය හැකි බවද දත යුතුය.
– මංජුල රත්නායක