විවාහ බාධාවන් දුරු කර වාසනාවන්ත යුගදිවියක් සලසන මණිපද්ම යන්ත්‍රය
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම විවාහ ප්‍රමාදයන්ට පාදකය වන්නේ පෙර ආත්ම භවයෙහි කරන ලද කුසල අකුසල කර්මයන්ගේ අනුභූතීන්ය. මේවා කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව බලා ගත හැකිය. එම ග්‍රහ පිහිටීම් අනුව සමහර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දිවි ඇති තෙක් විවාහ වීමට වාසනාවක් නැති අයද වන අතර සමහර අයට එම ග්‍රහ අපල නිසාද තවත් සමහර ස්ත්‍රී පුරුෂයන්ට අදෘශ්‍යමාන භූත බලවේග නිසාද තවත් සමහරුන්ට විවාහ වෙනවාට විරුද්ධව කොඩි වින, ආදියෙන්ද විවාහයට බාධාවන් පමුණුවයි.
එවැනි අය තම ජන්ම කේන්දරය හරිහැටි බලා නැතහොත් භූත බලයන් හා වින ආදිය ඇත්නම් ගුප්ත විද්‍යාවේ දැක්වෙන ශාන්ති කර්ම උපදෙස් අනුව ඒවාද නිසි අයුරින් පුද යන්ත්‍ර ආදියෙන් ඉවත් කර මෙම මණිපද්ම යන්ත්‍රය සකසා පැලඳීමෙන් ස්ත්‍රී පුරුෂ හැමදෙනාගේම විවාහ බාධාවන් දුරු කර වාසනාවන්ත යුගදිවියකට ඔබත් පිය තබන්න.
යන්ත්‍රය පිළියෙළ කරගන්නට උපදෙස් -
පළමුව අඟල්7 දිග අඟල්1 පළලැති තඹ පතක් ගෙන සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් මෙම වගුවේ සඳහන් යන්ත්‍රය ක්‍රමානුකූලව ස්ත්‍රින්ට නම් ස්ත්‍රියගේ නැකැතද පුරුෂයකුගේ නම් පුරුෂයාගේ නැකැතද නම්ද ලියා ඇඳ මල් යහනාව සකසා එහි සඳුන් කිරිපැන්, අඳුන්, පලතුරු, මල්වර්ග7 ජාතියක්, දෙසඳුන් කල්ක, කැවිලි වර්ග, මී පැණි, සුවඳ විලවුන්, කණ්ණාඩිය, හවරිය, පනාවක් තබා ධීප ධූප ආදියෙන් සමන්විතව පරිවාර මන්ත්‍රාදී සියලුම ශාස්ත්රාදි විධි අනුව මෙම මන්ත්‍රයෙන්1008 වරක් කියා ජප කර ශ්‍රී ලක්ෂ්මී, සරස්වතී, පත්තිනි දේවතාවියන්ට පින් දී යන්ත්‍රය සකසා ගන්න.
ඉන් පසු යන්ත්‍රය තම ජන්ම කේන්දරය පරීක්ෂා කර සීහෙන නැකැතකින් පුරපක්ෂයේ සිකුරාදා දිනෙක සිකුරු හෝරාවෙන් පැලඳගන්න. විවාහ බාධක ග්‍රහ බල ඇත්නම් ‘පූර්ව පාප නිර්ගමන’ ශාන්ති කර්මයකින් පුද දී නිසි ශුභ දිනක යන්ත්‍රය පැලඳගන්න. තමාගේ කාර්යය සිද්ධ වී විවාහ ප්‍රමාදය දුර්භංග කර විවාහ වීමේ මංපෙත පෑදී යහපත් ඉක්මන් විවාහයක් සිදුවේ.
මෙම යන්ත්‍රය පැලඳීමේදී ස්ත්‍රි-පුරුෂ කාම නිලයන් අක්‍රිය වී ඇති අය, එයට අදාළ තෛලයක්ද සකසා පිරි මැදීමෙන් අවයව අක්‍රිය නිල අවදි වී විවාහයට ප්‍රියභාවය ඇති කරයි.
ජීවම් මන්ත්‍රය ඕං ඓං පූමේ ක්ෂොහය භගවතී ඕං ගම්භීර සංසං සිං සිං ඕං හී්රං බලුං ස්වාහ(1008) වරයි. මෙයින් ජප කිරීමට පෙර‘මෝහණී දිෂ්ඨියෙන්’108ක් වරක් දුම්මල මතුරා දුම් දී ජප කරගත යුතුයි.
උපුටා ගැනීම - මව්බිම