දේශපාලනයට එන්න කලින් අත බලලා අනාවැකියක් කියන්නද?
ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව A A වෘත්තීන්ට බලපාන හස්ත රේඛා සලකුණු තිබෙන බව හස්ත රේඛා පරීක්ෂණයන් තුළින් ඔප්පු වී ඇත. වර්තමාන සමාජයේ දේශපාලනය කරන්නවුන් පිළිබඳව එතරම් ගරු කිරීමක් විශ්වාසයක් සමාජයේ දක්නට නැත. එහෙත් දේශපාලනය කිරීම පිළිබඳව උනන්දුවක් හා ආශාවකින් කටයුතු කරන අයද අප අතර සිටී. මේ නිසා දේශපාලනය හරියන අයගේ අත් සටහන්වල වැටෙන රේඛා පිළිබඳව මෙම ලිපියෙන් විස්තර ඉදිරිපත් කරමි.
දේශපාලනය පිහිටන අයගේ අත්වල මෙම සලකුණු වැඩි හරියක් පිහිටන බව අප අත්දැක ඇත. විශේෂයෙන් ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලය තුළ ත්රිකෝණයන්, චතුරස්රයන් වැටෙන බව දක්නට ඇත. මෙහිදී ගුරු මණ්ඩලය බලවත්ව ඒ කියන්නේ ගුරු මණ්ඩලය උඩට ඉලිප්පී තිබීම විශේෂත්වයකි. රූප සටහනේ A A තවද ගුරු ඇඟිල්ල දිගින් වැඩි වීමත් දෙවැනි පුරුක පළල්ව පිහිටීමද සුවිශේෂ ලක්ෂණයකි.
තවද සූර්ය හෙවත් රවි මණ්ඩලය පූර්ණ බලයෙන් පිහිටා ඒ මත ත්රිකෝණයන්, කොඩියන්, සේසත් වැනි සලකුණු වැටී තිබීමද දේශපාලනය පිහිටන යෝගයකි. මෙහිදී සූර්ය හෙවත් රවි රේඛාවන් එකක් හෝ දෙකක් වැටීම අගමැති හෝ ජනාධිපති වැනි තනතුරු ලැබෙන යෝගයකි. මෙහිදී රවි හෙවත් වෙදැඟිල්ල දිගින් වැඩී තිබීමද විශේෂ සුදුසුකමකි. මෙවැනි සලකුණු වැටී ඇති අය මහජන ප්‍රසාදයට නිරතුරුවම ලක් වේ.
රූප සටහනේ B. B. සලකුණු බලන්න. තවද දේශපාලනය කිරීමේදී එඩිතරකම, සටන්කාමීත්වය, නොපසුබස්නා උත්සාහය අවශ්‍යම වේ.
ඒ සඳහා කුජ හෙවත් අඟහරුගේ බලපෑම අවශ්‍යම වේ. මේ සඳහා කුජ පළමු හා දෙවැනි මණ්ඩලයත් ඉතා ප්‍රබල ලෙස සලකුණු විය යුතුය. කුජ තලාව හා කුජ මණ්ඩලයන් තුළ අසුබ සලකුණු තිබීමෙන් වංචා හා හොරකම් කිරීම නිසා එම අපේක්ෂකයන් බලයෙන් පහවී මහජන අප්‍රසාදයට පත් වේ. කුජ මණ්ඩලයන් හා කුජ තලාව තුළ හෙල්ල, තෝමර, කඩු, සේසත් හා මත්ස්‍ය සලකුණු පිහිටීමෙන් දේශපාලන ජයග්රහණයන් ලබා දෙන යෝගයන්ය. රූප සටහනේ C. C. සලකුණු බලන්න.
දේශපාලනයට ප්‍රිය කරන අයට උගත්කම බුද්ධිමත් භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා බලපාන ග්‍රහ මණ්ඩල වන්නේ අත්ලේ ප්‍රායෝගික කොටසට අයත් එනම් බුධ, රවි, ශනි ගුරු මණ්ඩල හොඳින් වැඩී ඇති අය උගත් බුද්ධිමත් ඥාන වන්තයෝ කරයි.
රූප සටහනේ D. D. සලකුණු බලන්න. සඳු හා සිකුරු මණ්ඩල බලගතු අයටද මහජන ප්‍රසාදය ගෞරවය ලැබේ.
රූප සටහනේ E. E. ශීර්ෂය රේඛාව අල්ල හරහා ගමන් කර මහපට ඇඟිල්ල ඝනව පිහිටා තිබීමද ඔවුනට අවශ්‍ය ඥානය බුද්ධිය ලබා දේ.
රූප සටහනේ F. F. බලන්න. තවද නොකැඩුණු දෛවය හා රවි රේඛාවන් පිහිටීමද දේශපාලනය පිහිටන අයට පිහිටන යෝගයකි.
උපුටා ගැනීම - මව්බිම