Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පැවිදි බිමට පිවිසීමට බලපාන ග්‍රහයෝ

1 year ago 7 Min read
Subha.lk

මිනිසාගේ සාර්ථක්ත්වය සමබර වූවකි. ලෞකික දියුණුව තුළින් පමණක් සම්පූර්ණ නොවේ. ආධ්‍යාත්මික සංවර්ධනයක්ද මිනිසා තුළ පැවතිය යුතුය. එය ගුරු උපදේශවලින් තොරව ලබාගැනීම අපහසු වේ. එක් එක් ආගම් දර්ශනවාදීන් විසින් දේශනා කරඇති මූලධර්ම සහ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ බෞද්ධ දර්ශනය අද ලොවපුරා ජීවමානව පවතින්නේ මහා සංඝ රත්නය විසින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවීම හේතුවෙනි. ශීලය ආරඬා කරමින්, බණ භාවනා වල යෙදෙමින් කරනු ලබන කැපකිරීම සංසාරගත පුරුද්දක් බව ජන්ම පත්‍ර පරීඬා කිරීමෙන් අනාවරණය වේ. මේ පැවිදි උතුමන්ය. පැවිදිබවට පත්වීමට පාදක වූ ග්‍රහ බලපෑම අනුව සියළු ලෞකික සැප සම්පත් අත්හැර දමා තිබේ. මෙම තත්ත්වය ජන්ම පත්‍රයක පිහිටා ඇති අන්දම ජ්‍යොතිෂ විද්‍යාව තුළින් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ වේ. දරුවෝ බොහෝවිට පැවිදි වන්නේ භිඬු ජීවිතය පිළිබඳ ඇති කැමැත්තෙනි. එය සංසාර පුරුද්දකි. රාග, ද්වේශ, මෝහ වලින් පිරුණු ගිහි සමාජය කෙරෙහි කළකිරීමට පත්වීමෙන් පැවිදි බවට පත්වන්නේ අවබෝධයෙනි.  

මෙවැනි තත්ත්වයකට පත්වීම සඳහා කේන‍ද්‍රයේ පිහිටා ඇති ති්‍රකෝණ අතරින් ධර්ම ති්‍රකෝණය ප්‍රධාන වේ. රාශි චක්‍රයේ පළමුභාවය, පස්වැන්න සහ නමවැන්න ධර්ම ති්‍රකෝණයට අයත්වේ. එමෙන්ම ලග්නය සහ හත්වෙනි භාවයන්ද පීඩාවට පත්වීමෙන් පංච කාමය කෙරෙහි ඇලීමක් සිදුනොවේ. ශ්‍රමණ ජීවිතයකට යොමු කෙරෙන ග්‍රහයින් පිළිබඳ විමසීමේදී සෙනසුරු ග්‍රහයාත්, චන‍ද්‍රයා සහ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාත් වැදගත්වේ. ශ්‍රමණ යෝග පිහිටා ඇති කේන‍ද්‍රවල ධනයෝග හෝ රාජයෝග වල පිහිටීමක් ඇති නොවේ. එයට හේතුව ශ්‍රමණ යෝග ආධ්‍යාත්මික සංවර්ධනයට ඉවහල් වන ×න යෝග වලට අයත් වීමයි. ශ්‍රමණ යෝගයක් සහ ×න යෝගයක් එකට පිහිටා ඇතොත් එවැනි ජන්ම පත්‍ර හිමියන් ස්ථීර වශයෙන්ම ශ්‍රේෂ්ඨ මහ නාහිමිවරු බවට පත්වේ. සිතුවිලි වලට අධිපති සඳු බලවත් වූ සෙනසුරු හා යෝගවී සිකුරුද සමඟින් සිව්වැන්න හෝ හත්වැන්න හෝ නමවැන්නේ සිටීනම් එම පිහිටීම මහ නායක හිමි නමක් බිහිකිරීමට තරම් ප්‍රබල වූ ශ්‍රමණ යෝගයකි. මෙයට අමතරව පවතින වෙනත් ශ්‍රමණ යෝග හඳුනාගත හැකිය. ගුරු ග්‍රහයා නමවැන්නේ සිටියදී එම ග්‍රහයාත්, ලග්නයත්, සඳු සිටින භාවයත් සෙනසුරු ග්‍රහයා විසින් තුන්වෙනි දෘශ්ටියෙන් හෝ හත්වෙනි දෘශ්ටියෙන් හෝ දහවෙනි දෘශ්ටියෙන් දකීනම් එසේ නිර්මාණය වන ශ්‍රමණ යෝගය ැනෙත් සියළුම යෝග අභිබවා පල දෙනු ඇත. මෙයට අමතරව බොහෝ ශ්‍රමණ යෝග පවතී. ඒවා මෙසේ සඳහන් කළ හැකිය. ග්‍රහයින් සිව් දෙනෙකුට වඩා සෙනසුරු ග්‍රහයාත්, සඳු ග්‍රහයාත් සමඟ යෝගවී 1, 4, 7, 10 යන කේන‍ද්‍රස්ථානයක සිටීමෙන්ද, ග්‍රහයින් කීපදෙනෙකු ස්වඬෙත්‍ර වී හෝ මූල ති්‍රකෝණ වී හෝ උච්ච වී සිටින විට එවැනි ග්‍රහයින්ගෙන් වැඩි ප්‍රමාණයක් මිථුන, කටක, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශවල සිටීමෙන්ද, කුජ ග්‍රහයා ලග්නයේ හෝ හත්වැන්නේ  සිටියදී රවි ග්‍රහයා පස්වැන්නේ සිටීමෙන් ඉතා බලවත් ශ්‍රමණ යෝගයක් උÞවේ. කේන‍ද්‍රයක සඳු ග්‍රහයා තැන්පත් වී සිටින රාශිය අධිපති ග්‍රහයා වෙනත් ග්‍රහයින්ට නොපෙනී සෙනසුරු ග්‍රහයාට පමණක් පෙනේනම් එය ශ්‍රමණ යෝගගයක් ලෙස දැක්වේ. මෙවැනි පිහිටීම් කෙතරම් දුරට ප්‍රායෝගික වශයෙන් කි්‍රයාත්මක වී තිබේද යන්න උÞහරණයක් මගින් විමසිය හැකිය. 

ඉන‍ද්‍රියන් දමනය කොට සිල්වත් බවින් අගතැන්පත් වූ ද, උගත් වූත්, පණ්ඩිත වූත්, බුද්ධිමත් වූත් ලෝපතළ කීර්තියකින් යුක්ත වූ අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ ජන්ම පත්‍රය විමර්ශනය කිරීමෙන් ශ්‍රමණ යෝගවල ප්‍රබලත්වය හඳුනා ගැනීමට හැකිවේ. 1896 වර්ෂයේ අගෝස්තු මාසයේ උපත ලැබූ හිමිපාණන්ගේ ජන්ම පත්‍රයෙහි සිව්වෙනි භාවයේ ග්‍රහයින් පස් දෙනෙකු යෝග වී සිටී. ලග්නාධිපති මෙන්ම හයවෙනි භාවය අධිපති සිකුරු ග්‍රහයා සිව්වෙනි භාවයේ දිග්බලයෙන් සිටින නමුදු පාපී ග්‍රහයින්ගෙන් පීඩාවීමත්, කුජ ග්‍රහයා විසින් හත්වෙනි දෘශ්ටියෙන් හත්වැන්න දැකීමත් නිසා කාමභෝගී ජීවිතයකට එම පිහිටීම යහපත් නොවේ. එවැනි ග්‍රහ පිහිටීම් අතර සිව්වෙනි භාවය අධිපති රවි ග්‍රහයා මූල ති්‍රකෝණ වී ×නකාරක ග්‍රහයින් වූ බුද, ගුරු සහ කේතු යන ග්‍රහයින් සමඟ යෝගවීම ×න යෝගයකි. ප්‍ර×ව දියුණු කළහැකි ×නයත්, බුද්ධිමත් බවත්, ධාරණ ශක්තියත්, වර්ධනය කළහැකි බලයක් මෙම ග්‍රහ යෝගයේ පවතී. ආයුෂ්ථානය වශයෙන්ද හඳුන්වා ඇති හයවෙනි භාවයේ දුකට අධිපති වශයෙන් හඳුන්වන සෙනසුරු ග්‍රහයා උච්ච බලයෙන් සිටින්නේ නමවැන්න සහ දහවැන්න අධිපති ග්‍රහයා වශයෙනි. එම පිහිටීමෙන් කර්මස්ථානය සහ ධර්මස්ථාවය බලවත් වී තිබේ. එය දීර්ඝායුෂ ලබාදීමට හේතුවේ.මීට අමතරව පූර්ව පුණ්‍යස්ථානය වූ පස්වැන්න අධිපති බුද ග්‍රහයා මෝඬස්ථානය අධිපති ගුරු ග්‍රහයා සමඟ යෝගවීමෙන් ධර්මයට ඇළුණු, පෙර භවයන්හි කරන ලද කුසල් මතු කරදීමේ හැකියාවත්, රවිගෙන් නිර්භීත කමත්, සිකුරුගෙන් අන්අය අතර කැපී පෙනෙන ලඬණයත් පැහැදිළි කරයි. සෙනසුරුගෙන් ආධයාත්මික සංවර්ධනය උදෙසා ප්‍රබල ශක්තියක් උÞකර තිබේ. විවිධ වූ භාෂාවන් පිළිබඳ හසල දැනුමකින්ද, බෞද්ධ දර්ශනයට අමතරව වෙනත් ආගම් පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින්ද, ජ්‍යෙතිෂය, ආයුර්වේදය සහ ගුප්ත විද්‍යාවන් හÞරමින් ඒවා පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ට හැකිවුනි. මහ නාහිමියන් විසින් රචිත ග්‍රන්ත වලින් පෙනී යන්නේ උන් වහන්සේගේ පාණ්ඩිත්ත්වයයි. 

පැවිදි වීමට අපේඬාවෙන් සිටින කුල දරුවන්ගේ ජන්මපත්‍ර පරීඬා කර ශ්‍රමණ යෝග පිහිටා තිබේද යන්න හඳුනාගත යුතුය. එසේ නොමැතිව සෙනසුරු මහ දශාව ලබා ඇති අවස්ථාව හෝ සෙනසුරු ඒරාශ්ටක පවතින අවස්ථා ගැන පමණක් අවÞනය යොමුකිරීම ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගතයුතු කරුණකි. 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk