Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මරණය සහ පුනරුත්පත්තිය

1 year ago 7 Min read
Subha.lk

මොළය අජීවත්වයට පත්වීම මරණයයි. මරණය පිළිබඳව විඥානය හා ආත්මවාදය පැහැදිලි කිරීම පුනරුත්පත්ති සංකල්පයයි. ජේ‍යාතිෂය අනුවද මරණය හා පුනරුත්පත්තිය පැහැදිලි කිරීමට හැකිය.

උපතේ සිට වයස අවුරුදු 6 දක්වා බාලාරිෂ්ට යෝගයද, අවුරුදු 30 දක්වා අල්පායුෂ යෝගයද, අවුරුදු 70 දක්වා මධ්‍යම ආයුෂ යෝගයද, අවුරුදු 120 වනතුරු පරමායුෂ යෝගය ලෙසද දැක්වෙයි.

උපතේදී ජන්ම ඒරාෂ්ටකය මරණය නිවේදනය කරයි. ජන්ම පත්‍රයේ අටවන භාවය විනාශ ස්ථානයයි. සෙනසුරු ශෝකය නිවේදනය කරයි. ජන්ම ඒරාෂ්ටකයේදී ලග්නය කටක වීමද මරණය පිළිබඳ ඉඟියකි.

මරණය කොතැනකදී සිදුවේදැයි නොදනිමු. ජන්ම කේන්දරයේ අටවන භාවය මේෂ, කටක, තුලා, මකර නම් මරණය සිදුවන්නේ පදිංචි ප්‍රදේශයෙන් පිටතදීය. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ අටවන භාවය නම් පදිංචි ප්‍රදේශයේදී මරණය සිදුවේ. මිථුන, කන්‍යා, ධනු, මීන අටවන භාවය වේ නම් මරණය සිදුවන්නේ මහ පාරකදී බව පූර්වාචාරීන් පවසයි.

මරණයෙන් පසු ලබන ආත්මය ජේ‍යාතිෂය මඟින් පැහැදිලි කරයි. පෙර ආත්මය ගැනද කියැවෙයි. උපතේදී පස්වන භාවයේ සුබ ග්‍රහයන් වේ නම් පෙර ආත්මය යහපත්ය. වැයස්ථානාධිපති යහපත් නම් ඉදිරි ආත්මය යහපත්ය. 22 වැනි දෙර්කාණාධිපති මරණය සම්බන්ධව වැදගත්ය.  අකල් මරණවලට විනාශස්ථානයට සඳු පිවිසීමේදී සෙනසුරු හෝ කුජ පිවිසීම හේතුය. පීඩා ලබාදීමටද හේතුවේ. කුජ අනතුරුවලට දායක වෙයි.

රාහුගේ හා කේතුගේ පිහිටීම අනුවද පෙර ආත්මය හා ඉදිරි ආත්මය පිළිබඳව පැවැසීමට හැකිය. මරණය සමඟ විඥානයද සිරුරින් බැහැර වී වාතයේ සැරිසරයි. සුදුසු අවස්ථාවක ගර්භාශ කලලයකට ඇතුළු වී උපත ලබයි. මෙම පුනරුත්පත්ති සංකල්පය ජන්ම පත්‍රයේ පස්වන භාවය අනුවද පැහැදිලි කිරීමට හැකිය.

ජේ‍යාතිෂවේදී ගාමිණී ජයතිලක බණ්ඩාර

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk