Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වින බන්ධන, හිර බන්ධන, නීච කුල බන්ධන, පුපුරවා නිවෙසට ආරක්ෂාව සලසන නාරසිංහ මන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

ලෞකික පිහිට ලබාගැනීම සඳහා පෙරදිග ව්‍යවහාර වූ ගුප්ත විද්‍යාවන් අතර මන්ත්‍ර විද්‍යාව ඉතා ප්‍රකට වූවකි. භාරතයේ මෙන්ම මේ රටේද බොහෝදෙනා මන්ත්‍ර විද්‍යාවෙන් එදා මෙන්ම අදත් ප්‍රයෝජන ලබන බව නොරහසකි. පිරිහීමට වැටී සිටි සිංහලයාත් සමඟම ඒ උතුම් විද්‍යාවද පිරිහී ගියද තැනින් තැන අපේ මතු පරම්පරාවේ බුද්ධිමත් බැතිමතුන්ගේ හිත සුව පිණිස අදත් මේ ලංකාද්වීපයේ සමහර පරම්පරාවල ඒවායින් බොහෝ මන්ත්‍ර ගුරුකම් ඇතුළත් පුස්තක හා අච්චු පොත්පත් ස්වල්පයක් හෝ ඉතිරිව ඇත.

එයින් එකක් වන මේ මහා බලගතු ‘නාරසිංහ’ මන්ත්‍රයද ඉතා රහසි ගතව භාවිත කරන එක් මන්ත්‍රයකි. මෙයින් රන්තැඹිලි තෙල් ගෙන එයට කීන, කෑල, දඹ, නෙළුම් මල්, ගොඩමානෙල් අල, හිරියල්, මනෝසීල, සින්දුර, කංසා, අබිං අඹරා තෙල් බඳුනට දමා පංචෝපාකාර මල් යහන තනා ඒ මත තබා පහත මන්ත්‍රයෙන් 321ක් වර ජප කර කුප්පියකට දමා නිවෙසේ තැන්පත් කරන්න. මෙම මන්ත්‍රයද තඹ පතක හරියාකාර ලියා තෙල් සමඟ ජප කරගන්න.

මන්ත්‍රය:-

“ඕං නමො ඕං මුනි කාල මුනි තපස්වර මුනි ශ්‍රී  මුනි ගරුඬ මුනි ගාන්ධර්ව මුනි ඕං අජ්ජ විජ්ජාචරණ මුනි ඕං අහසට විදුරු ඇල් හැරියෙමි. පොළවට ගිනි දැල් හැරියෙමි. වට ලෝ දැල් එලමි. යකුන් යක්ෂණියන් මකර කටේ ලවා කීල කටු ගැසීමි යකුන්ගේ විමානවල් සලා අළු කළෙමි. මම් පැන නැඟ සිටින්නේ වජ්‍රාසනය මා අත තිබෙන්නේ ජය කොන්තය ඉරු රැස් කඳ දෙකය සඳ රැස් දෙකඳ දෙකය කුඩා බහිරවයාට මහා බහිරවයාට අට ගත් යක්ෂ සේනාධිපතියන් බැන්දෙන් අහස බැන්දෙන් පොළව බැන්දෙන් මහා මේරු පර්වතය බැන්දෙන් අහසට ඉර සඳ දෙදෙනාගේ අණයි. පොළොවට මිහිකතුන්ගේ අණයි. හිමාලේට විනකුට දේවතාවුන්ගේ අණයි. අනවතත්ව විල් හතරට මුද්‍රමණිමේඛලාවන්ගේ අණ දස දහසක් සක්වළට බුදුන්ගේ අණයි. දවල්ට සූර්ය දිව්‍ය රාජයන්ගේ අණයි. රාත්‍රියට චන්ද්‍ර දිව්‍ය රාජයන්ගේ අණයි.

කරුවලට වැසි මේඝ රුසියාගේ අණයි. සලක්ෂ පස්විසි දහසක් බුදුවරයන්ගේ ආඥාවෙන් ආනුභාවෙන් මේ පංචස්කන්ධට බයක් නොකරන්නේය. මේ නර බිල්ල නොගන්නේය. තිලෝක තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ විෂ්ණු දෙවියන්ගේ විජේරාජ කුමාරයන්ට දෙවා වදාළ නරසිංහ පිරිත් මන්ත්‍රයයි. යකුන් දුරුකරපු මන්ත්‍රයයි. දවාලට තුං ගව්වක් ආරක්ෂාවයි. රාත්‍රියට සතර ගව්වක් ආරක්ෂාවයි. කියූ අයටත් ආරක්ෂාවයි. ඇසූ අයටත් ආරක්ෂාවයි. මේකුන්ටත් ආරක්ෂාවයි. ආරක්ෂාබන්ධ ප්‍රාණේ බන්ධ සර්වාංගයට සර්ව ආරක්ෂා බන්ධ සිද්ධි කර සිද්ධි මන්ත්‍ර ප්‍රදානෝශ්වාහ–“

(321) වරයි ජපය.

මෙම තෙල් හා යන්ත්‍ර දැහැන නිවෙසේ ගිනිකොන දිශාවේ තැන්පත් කළොත් කොඩිවින නොවදී. කළ ඇති වින බන්ධන පිපිරී බල බිඳෙයි. නීච කුල බන්ධන පිපිරේ. නිවැසියන්ට වැදී ඇති වින බන්දන භංග වේ. නිවෙසට ආරක්ෂාව ගෙන දේ. නිවැසියන්ට ආරක්ෂාව ඇතිවේ. යබොර ත්‍රිවානා, ගඩොල්, කුඹුරු ඇට, අලි රූප 21 මතුරා ගෙයි අට කොන වළලනු යක්ෂ, ප්‍රේත, භූත, දුරුවේ. කළවින ආපසු වදී. පුහුල දෙකට කපා නැට්ට පැත්තේ තෙල් බිඳක් දමා දල්වනු. හුනියන් කැපී සෙත සැලසේ. මෙය දුර්ලභ මන්ත්‍රයකි. සත්තයි. ඇත්තයි.

– ජෝ‍යතිෂවේදී හා ගුප්ත විද්‍යාඥ,වාස්තු විද්‍යා උපදේශක ජිනදාස එදිරිසිංහ,

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk