සෙනසුරුගේ නැකැත් මාරුවෙන් මොන විජිජාවක් රටට පෙන්වයිද?
සෑම අවස්ථාවකදීම මානසික පීඩාවෙන් දුකට පත්වෙන මහජනතාව අහස් මුදුනේදී සෙනසුරු ග්‍රහයාගේ සිදුවන වෙනස්කම්වලදී බියට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන් සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ සෙනසුරු ඒරාෂ්ටකයක් ක්‍රියාත්මක වනවිටදී එය හොඳින් පැහැදිලි වේ. 2022 වසරේ පෙබරවාරි දහඅට වැනි දිනට එළිවෙන මොහොතේ මෙතෙක් සඳුට හිමි සුවණ නැකැතේ ගමන් කළ සෙනසුරු ග්‍රහයා කුජට හිමි දෙනට නැකැතට පිවිසීම පොදුවේ රටටත්, ජනතාවටත් කෙසේ බලපවත්වයිද යන්න විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.
ලංකා කේන්දරයෙහි ලග්නාධිපති වූ සෙනසුරු ග්‍රහයා මෙම අවස්ථාවේදී කුජට හිමි දෙනට නැකැතේ ගමන් කරන අතර කුජ ග්‍රහයා සිකුරුට අයත් පුවසල නැකැතේ ගමන් කරයි. මෙම අවස්ථාවේදී කුජ සහ සිකුරු යන ග්‍රහයන් පෙබරවාරි විසිහත් වැනි දිනයෙන් පසු ධර්මකර්මාධිපති යෝගයක් නිර්මාණය කරමින් එකොළොස් වැනි භාවයේ ගෝචර වේ. ලංකා කේන්දරයට අනුව මෙම ග්‍රහ සංයෝගය සිදුවන්නේ සිවු වැනි භාවය හිමි සිකුරු ග්‍රහයාත්, දහවැනි භාවය හිමි කුජ ග්‍රහයාත් අතරය. සිවුවැන්න විපක්ෂය නියෝජනය කරනවිට දහවැන්න රජය නියෝජනය කරයි. මෙවැනි ග්‍රහ පිහිටීමක් බැලූ බැල්මටම පෙනී යන්නේ රජයේ සහ විපක්ෂයේ සුසංයෝගයක් වශයෙනි.
වර්තමානයේ ලංකාව බරපතළ ලෙස මුදල් අර්බුදයකට මුහුණදෙමින් සිටී. වර්තමාන ග්‍රහචාරයට අදාළ ව ආදායම් මාර්ග නිවේදනය කරන එකොළොස් වැනි භාවය අධිපති ගුරු ග්‍රහයා සෙනසුරු ග්‍රහයාට අයත් මකර රාශියේ රාහු ග්‍රහයාට හිමි සියාවස නැකැතේ ගමන් කරයි. ඒ අනුව රාහු ජීව ග්‍රහයා බවට පත්වේ. මෙම අවස්ථාවේදී රාහු ග්‍රහයා වෘෂභ රාශියේ රවිගේ නැකැතෙහි ගමන් කරන නිසා ශරීර ග්‍රහයා ලෙස රවි ග්‍රහයා හැඳින්වේ. මෙම ග්‍රහ පිහිටීම තුළ රාහු උච්ච බලයෙන් සිටී. පවතින තත්ත්වයට ප්රතිවිරුද්ධව කටයුතු කිරීම රාහු ග්‍රහයාගේ ලක්ෂණයයි. කෙටිකාලීන වශයෙන් විරුද්ධ පක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා යෝජනා කිරීමට කුජ සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාගේ යෝගවීම හේතුවේ.
දෙනට නැකැතේ ගමන් කරන සෙනසුරු බුධ ග්‍රහයා සමඟ සංයෝග වීමත්, බුධ ග්‍රහයා රවිගේ නැකැතක මන් කිරීමත් හේතුවෙන් රවි ජීව ග්‍රහයා වීමත්, රවි සිටින මකර රාශිය හිමි සෙනසුරු කුජගේ නැකැතක ගමන් කිරීමත් නිසා කුජ ශරීර ග්‍රහයා වීමත් මත ලංකා කේන්දරයේ ලැබීම් සහ ගෙවීම් පිළිබඳ වැඩි බලයක් කුජ ග්‍රහයාට හිමිවේ. විරුද්ධ පක්ෂයේ සහයෝගය ලබාගැනීමට රජය උනන්දු වෙතත් රජය පුරුදු ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට යෑමෙන් මෙම දෙපාර්ශ්වය අතර ඇතිවෙන සුහදතාව දිගුකාලීන එකක් නොවන බව මෙම ග්‍රහ පිහිටීම්වලින් පැහැදිලි වේ.
ලෝකායන ජ්‍යොතිෂයට අනුව සෙනසුරු දොළොස්වැන්නේ ගමන් කිර්ම අයහපත් පිහිටීමකි. සෙනසුරු ග්‍රහයා කුජගේ නැකැතක වීමෙන් අපරාධ වැඩිවීමටත්, රාජ්‍ය සේවය කෙරෙහි මහජන විරෝධතා මතුවීමටත්, රෝහල් සේවය පිළිබඳ මහජනතාව කලකිරීමට පත්වීම සහ රෝහල් සේවයේ උසස් නිලධාරීන් අපකීර්තියට පත්වීමටත් මෙම ග්‍රහචාරය බලපෑමක් වේ.
සෙනසුරු දෙනට නැකැතෙහි ගමන් කිරීමේ ප්‍රතිඵල ‘දෛවඥ කාමධේනු’ ග්‍රන්ථයේ මෙසේ දැක්වේ. “වසුභෙ මගධෙශස්ය ධනිනාඤච ජයපුද"
ඉන්දියාවට අදාළව මෙයින් පැවසෙන්නේ මගධ ප්‍රාන්ත පාලකයාත්, එම ප්‍රදේශවල වෙසෙන ධනවත් අයත් සෙනසුරු දෙනට නැකැතේ ගමන් කරනවිට දියුණුවෙන් දියුණුවට පත්වෙන බවයි. එම කියමන ලංකාවට අනුව පරීක්ෂා කිරීමේදී උතුරු ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවන ප්රධානියාත්, එම ප්‍රදේශවල සිටින ආදායම් ඉපැයීමේ නිරතවී සිටින පිරිසත් පොහොසතුන් බවට පත්වීමට මෙම ග්‍රහ පිහිටීම හේතුවේ. එහෙත් එම තත්ත්වය සමස්ත රටටම බල නොපවත්වයි.
එවැනි පසුබිමක් යටතේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් සහ ස්වකීය පීඩනය අවම කර ගැනීමට විපක්ෂයේ සහයෝගය ලබාගැනීමට රජයේ නම්‍යශීලී බවක් පෙන්නුම් කරන නමුදු එය ප්‍රායෝගික වශයෙන් සිදුනොවේ. විපක්ෂය ඉදිරිපත් කරන සුබවාදී යෝජනා ප්‍රතික්ෂේප කරමින් අත්තනෝමතිකව නීතිය බලාත්මක කරමින් අවි ආයුධවලින් මහජනතාව පාලනය කිරීමට රජය උත්සාහ කරනු ඇත. කුජ ග්‍රහයා ලංකා කේන්දරයේ ජීව ග්‍රහයා බවට පත්වීම එයට හේතුවේ. මෙනිසා මහජනතාව කලකිරීමටත්, රජයට එරෙහිව විරෝධතා දැක්වීමටත් පෙලඹේ. මෙම ග්‍රහචාරය රාශි චක්‍රයේ ලග්න දොළහ කෙරෙහි බල පවත්වන ආකාරයද මෙසේ විමර්ශනය කළ හැකිය.