Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මිල-මුදලින් පීඩාවට පත්ව ඇති මේ කාලයේ ජීවන ගමනේ ‍ෙදාස් හැර සුඛිත-මුදිත දිවියකට මඟ කියන බලවත් සෙත් කවි පෙළක්

1 year ago 7 Min read
Subha.lk

නිවැරදි සෙත් කවියකින් ජීවිතයට එක් කර ගත හැකි ආශිර්වාදය මෙපමණයි කියා කිව නොහැකි තරම්ය. අතීතයේ පටන්ම බෞද්ධ ජනතාව තම දුකේදී සෙත් කවියේ පිහිට පැතූහ. ග්රහ අපලවලට, අධ්යාපන ජයග්රහණ වෙනුවෙන්ද, රැකී රක්ෂා බලාපොරොත්තු සඵල කර ගැනීම වෙනුවෙන්ද, ලෙඩ රෝග සුවපත් කර ගැනීමේ අදහසින්ද, අමනුෂ්ය ෙදා්ෂ පීඩාවලින් ආරක්ෂා වීමටත් සුවය සහනය ළං කර ගැනීමටත් සෙත් කවියේ බලවත් සහනය දිවියට ළං කර ගත්හ. ඇතමුන් මෙහි වෙනසක් නොමැතිව අදටත් නිවෙස්වල උදේ, සවස පවා සෙත් කවි සෙත් ශාන්තිය පතා භාවිත කරති.

නිවැරදි අක්ෂර විලාසයන් සහ නිසි ගණ පිහිටුවා සකසන සෙත් කවි දිවියට උතුම් පල උදා කරයි. රෝ-දුක් සමනය කරයි, ආර්ථික අපහසුතා දුර්වල වී ධනෝපායන මාර්ග ශක්තිමත් කරයි. මෙම සෙත් කවි පෙළ මඟින් ඹබට නිවෙසේ හෝ ඔබගේ ජීවිතවල පවතිනා සියලු ෙදා්ෂයන් දුරුව සෙත සැලසෙන අයුරින් දිවියට ළං කර ගත හැකි සෙත් කවි කිහිපයක් මෙසේ ගෙන එන්නෙමු. මෙම බලවත් සෙත් කවි උදේ සවස අබ තෙල් පහනක් දල්වා දෙඅත් මත තබා ගනිමින් නැඟෙනහිර දිශාව බලා නිවැරදිව සජ්ජායනය සිදු කරන්න. මනස නිදහස් කොට ගනිමින් වෙනත් සිය මානසික තත්ත්වයන් පසෙකින් තබා මෙම කටයුත්තට පෙළ ගැසෙන්න. ඊට පෙරාතුව නිවෙස තුළ බුදුන්ට මල් පහන් පුදා ආශිර්වාද ලබා ගන්නටද අමතක කරන්න එපා.

නිවෙසේ සියලුදෙනා හෝ තමා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සිදු කරන්නේ නම් සෙත් කවියට හානියක් නොවන අයුරින් සිවුවන පදයේ ඔබට යන තැනට අපට යනුවෙන් යොදා ගන්න. මෙම සෙත් කවි භාවිතයෙන් පසුව නිවෙස තුළ හොඳින් සුවඳ දුම් අල්ලන්න. එම දුම් නිවෙසේ ඉහළ වා කවුළු අතරින් පිටතට ගලා යන ආකාරයෙන් ඇල්ලීම සිදු කරන්න. මෙසේ සති තුනක් පමණ සිදු කිරීමෙන් ඔබ තුළත්, නිවෙස තුළත් පවතිනා බොහෝ කායික මෙන්ම මානසික් පීඩාවන්ද දුරුව බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනාවන් සුමටව ඉටු කර ගන්නට හැකියාව පවතිනු ඇත. එමෙන්ම මෙතෙක් ගිලිහී ගිය ධනෝපායන මාර්ග නැවත එළි පෙහෙළි වී ශ්‍රියාව සම්පත ළං කර ගන්නටත් බලවත් හැකියාව උදා වනු ඇත.

ඔබට උතුම් තුන් රුවනේ ආශිර්වාදය ලැබේවා!

 

ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී

කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර, දෙහිඕවිට

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk